අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රියන්තගේ දේහය මෙරටට එවූයේ කෙසේ ද?- බීබීසීය කියන කතාව….

by editor
දෙසැම්බර් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බී.බී.සී –

“අපි සියල්ලෝම මෙහි පැමිණ සිටින්නේ අගමැතිතුමාගේ උපදෙස් මත. මෙතුමාගේ මිනී පෙට්ටිය ආවරණයකින් ඔතා තිබෙනවා. නමුත් වෙනත් ආකාරයක ගෞරවයක් ප්‍රකාශ කළ යුතුව තිබේ නම්, එය ද ඉටුකරන්නට අගමැතිතුමා සූදානම්.”

ලාහෝර් ගුවන්තොටුපොළට පැමිණ සිටි ආගමික සහජීවනය සඳහා වූ විශේෂ නියෝජිත මවුලානා තහීර් අෂ්රෆි, කලහකාරීන් පිරිසක් විසින් ඝාතනය කරන ලද ශ්‍රී ලාංකිකයාගේ දේහය ශ්‍රී ලංකාවට එවීමේ අවස්ථාවට එක්වෙමින් පැවසී ය.

ලාහෝර් ගුවන්තොටුපොළට ගෙනවිත් තිබූ දියවඩනගේ ප්‍රියන්ත කුමාරගේ දේහය රැගත් මිනී පෙට්ටිය සුදු කොළවලින් ඔතා තිබූ අතර, කහ සහ සුදු මල් ඒ මත අතුරා තිබුණි.

ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර සියල්කෝට් ප්‍රදේශයේ කම්හලක සාමාන්‍යධිකාරීවරයෙකු ලෙස සේවය කළ අතර, ඔහු දෙවියන්ට අපහාස කළේයැ යි විශ්වාස කිරීම නිසා කෝපයට පත් පිරිසක් දෙසැම්බර් 03 වැනි දින ඔහුට වධ දී මරාදමා, අනතුරුව සිරුරට ගිනි තැබූහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මිනී පෙට්ටියේ ඡායාරූපය සමාජ මාධ්‍යවල හුවමාරු විය

ප්‍රියන්ත කුමාරගේ මිනී පෙට්ටියේ ඡායාරූපයක් ඊයේ රාත්‍රියේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර ගියේ ය.

‘ශ්‍රී ලංකා පුරවැසි ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය’ යන විස්තරය යටතේ පළකර ඇති එම පින්තූරයේ දැක්වෙන්නේ  බිම තබා ඇති ලී මිනී පෙට්ටියකි.

සමාජ මාධ්‍යවල ප්‍රචලිත වූ පින්තූරය ගැන කතා කරමින් තහීර් අෂ්රෆි පැවසුවේ, “අපි ඔහුව එවැනි මිනී පෙට්ටියක යවා ඇති බවට ප්‍රචාරය වෙනවා. එහෙම දෙයක් නෑ. මේ ඔහුගේ මිනී පෙට්ටිය ගුවන් තොටුපලේ රෙදි කඩකින් ඔතා තිබියදී ගත් ඡායාරූපයක්,” යනුවෙනි.

“ශ්‍රී ලාංකිකයෙකු අමානුෂිකව ඝාතනය කිරීමෙන් පසු ඔහු සිය රටට එවන්නේ මේ ආකාරයෙන්දැ”යි, මේ පින්තූරය පෙන්වමින් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ප්‍රශ්න කරන්නට විය.

ඇතැමුන් ප්‍රකාශ කළේ, “මේ සාහසික ක්‍රියාවෙන් පසු ප්‍රියන්තගේ සිරුර රජයෙන් නිල අවමංගල්‍ය ගෞරව දක්වා පිටත්කර හැරිය යුතු බවත්, ජාතියක් ලෙස අප ලැජ්ජාවට පත්වන බව ඔහුගේ පවුලේ අයට පැවසිය හැකි වන්නේ එවිට බවත්” ය.

سری لنکن شہری پریانتھا کماراکی میت کو سرکاری اعزاز کےساتھ لاہور سے سری لنکا روانہ کیاگیا

وزیراعلی پنجاب کی ہدایت پر صوبائی وزیر انسانی حقوق اعجاز عالم نے میت کو ریسیو کیا- SAPM مولانا طاہر اشرفی، سری لنکا کےاعزازی قونصل جنرل یاسین جوئیہ سمیت اہم عہدیداران بھی اس موقع پرموجود تھے pic.twitter.com/HqIKn0JLUE

— Government of Punjab (@GovtofPunjabPK) December 6, 2021

ශ්‍රී ලාංකික පුරවැසියාගේ සිරුර ආපසු එවූයේ කෙසේද?

සමාජ මාධ්‍යවල පැතිර ගිය මිනී පෙට්ටියේ ඡායාරූපයේ සත්‍යතාව කුමක් ද යන්නත්, ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයාගේ දේහය ඔහුගේ රටට එවූයේ කෙසේ ද යන්නත් සොයා බැලීමට BBC උත්සාහ කළේ ය.

මේ පිළිබඳව BBC සමග අදහස් දැක්වූ පන්ජාබ් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ, ශ්‍රී ලාංකික පුරවැසියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සියල්කෝට්හි දීම සිදුකර, පසුව ඔහුගේ දේහය මිනී පෙට්ටියක දමා මෘත ශරීරාගාරයේ තබා ඇති බව යි.

“මියගිය අය ශීත ගබඩාවේ දී හඳුනා ගැනීම පහසු වීමට පෙට්ටිය මතුපිට නම ලියලා තියෙනවා,” ඔහු ප්‍රකාශ කළේ ය.

පින්තූරයේ පෙනෙන මිනී පෙට්ටිය ඉරිදා රාත්‍රියේ ලාහෝර් ගුවන්තොටුපොළට රැගෙන ආ බවත්, ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය එහිදී එම පින්තූරය ගන්නට ඇති බවත් නිලධාරියා පැවසීය.

“අපි දේහය සහිත දෙණ ශ්‍රී ලංකා කොඩියේ ඔතා එවන්නට යි අදහස් කළේ. නමුත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් කිව්වා එහෙම කරන්න එපා, ඔබ එය සුදු කඩදාසියක ඔතන්න කියලා,” ඔහු කියා සිටියේ ය.

“අපිත් මිනී පෙට්ටියට රෝස මල් තියලා දේහයට ගෞරව කරන්න  අවසර ඉල්ලුවා. තානාපති කාර්යාලය කිව්වා මංගල කටයුතු සඳහා පාවිච්චි කරන නිසා රතු රෝස මල් දාන්න එපා, කහ මල් දාන්න පුළුවන් කියලා,” ඔහු වැඩිදුරටත් පැවසීය. “ඊට පස්සේ අපි හැම දෙයක්ම ඒ කියපු විදිහට කළා.”

BBC වෙත අදහස් දක්වමින්, ආගමික සහජීවනය සඳහා වූ අගමැතිගේ විශේෂ නියෝජිත තහීර් අෂ්රෆි පැවසුවේ පන්ජාබයේ මානව හිමිකම් සහ සුළුතර අයිතිවාසිකම් පිළිබඳ අමාත්‍ය ඉජාස් මසීහ් ද තමා සමග ගුවන්තොටුපොළට පැමිණ සිටින බව යි.

“ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට ගෞරව දැක්වීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ද මෙහි පැමිණ සිටින බව” උලෙමාවරයා ප්‍රකාශ කළේ ය.

එමෙන්ම, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද තමා සමග සිටින ද, ඔවුන් මෙම සිදුවීම ඉතා කණගාටුදායක සිදුවීමක් බව තමා සමග පවසා ඇති බව ද, ඒ සම්බන්ධයෙන් පාකිස්ථාන ජනතාව සහ රජය සිය කෝපය පළ කළ ඇති බව ද පවසන උලෙමා තහීර් අෂ්රෆි, පොරොන්දු වූ පරිදි මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව අගමැති ඉම්රාන් ඛාන් දැඩි ක්‍රියාමාර්ග ගනු ඇතැ යි තමා බලාපොරොත්තු වන බව ද පැවසීය.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන තානාපති කාර්යයාලය ද ප්‍රියන්ත කුමාරගේ පවුල සම්බන්ධකර ගෙන ඇති බව උලෙමාවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 සමාජ මාධ්‍යවල ප්‍රතිචාර

ප්‍රියන්ත දියවඩනගේගේයැ යි කියැවුණු මිනී පෙට්ටියේ ඡායාරූපය බෙදාගනිමින් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයෝ සිය අදහස් දක්වා තිබුණෝ ය.

මිනී පෙට්ටියේ පින්තූරය බෙදා ගනිමින් ට්විටර් පරිශීලක තහීර් ඉම්රාන් ලියා තිබුණේ එය “හැත්තෑ වසරක රාජ්‍ය ප්‍රතිපත්තිවල අවමංගල්‍යය” බව යි.

“ගෙවීම් ලබන බ්ලොග්කරුවෙකු අනාගතයේ දී පාකිස්ථානයේ ආගන්තුක සත්කාරය සහ සංචාරක ව්‍යාපාරය ප්‍රශංසා කරන විට, ප්‍රතිචාර වශයෙන් මම මෙම පින්තූරය බෙදා හරිනවා,” තහීර් ඉම්රාන් පළකළ පින්තූරය ෂෙයා කරමින් නුද්රත් කවාජා ලියයි.

https://twitter.com/NudrratKhawaja/status/1467591113800400897?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1467591113800400897%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.bbc.com%2Fsinhala%2Fsri-lanka-59551827

මාධ්‍යවේදිනියක සහ නිවේදිකාවක වන ගරීදා ෆාරුකී මෙසේ ලිවීය: “පාකිස්ථානය ප්‍රියන්ත කුමාරගේ දේහය ඔහුගේ පවුලේ අයට භාර දෙන්නේ මේ ආකාරයෙන් නම්, එය ලැජ්ජාවක්. මේ අසරණ මනුස්සයාගේ ජීවිතය බේරගන්න ඔවුන්ට බැරි වුණා, ගෞරවනීය මරණයක් ලබාගැනීමේ ඉඩකඩ ඔහුගෙන් උදුරා ගත්තා, දැන් අඩුම තරමේ ඔවුන්ට මැරුණ කෙනාව ගෞරවයෙන් යවන්නවත් පුළුවන්. මේ භූමිය මත යම් මනුෂ්‍යත්වයක් ඉතුරු වේවා.”

شرمناک ہو گا اگر پاکستان اس طرح سے پریانتھا کمارا کی بچی کھچی میت کو اس کی فیملی کے حوالے کر رہا ہے۔ اس بےچارے کی جان کی حفاظت نہیں کر سکے، عزت کی موت چھین لی، اب کم از کم میت کو تو احترام سے روانہ کر سکیں۔ کچھ تو انسانیت باقی رہنے دیں اس دھرتی کی۔ https://t.co/mIIKlaQrZ3

— Gharidah Farooqi (T.I.) (@GFarooqi) December 6, 2021

ට්විටර් පරිශීලක ඉම්රාන් බේග් උපහාසාත්මක ට්වීට් එකක් ලියා තිබුණි. “එක් රාජ්‍යයක් තවත් රාජ්‍යයකට මළ සිරුරක් යවනවා. අවාසනාවකට වගේ, මිනී පෙට්ටියේ ගුණාත්මකභාවය ද රාජ්‍ය ආයතනවල ප්‍රමිතීන්ට අනුකූල යි. මිනී පෙට්ටිය සියුම්ව ඔප දැමූ ලීවලින් හදලා, මුද්‍රා තියලා තියෙන්නේ. මුහුණට උඩින් වීදුරුවක් සවි කරලා. පරිගණකයෙන් ටයිප් කරපු විස්තර ඊට උඩින් තියලා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

බලපත්‍ර නැති නිශ්පාදකයන් 03කගෙන් විදුලිය ගන්න විදුලි බල මණ්ඩලය කෝටි 1891ක් දීලා… විගණනය හෙළි කරයි….

Next Post

ප්‍රියන්ත ගේ පවුලට රජයෙන් ලක්ෂ 25ක ප්‍රදානයක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.