රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර විශේෂ සාකච්ඡාවක් එළැඹෙන අඟහරුවාදා පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාවේදී රුසියාව සහ ඇමරිකානු එක්සත් ජනපදය මේවන විට යුක්රේනයේ මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කිරීමට නියමිත බවද වාර්තා වේ.
ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරයා විසින් රුසියාව විසින් මේවන විට යුක්රේන දේශ සීමාව ආසන්නයේ හමුදා කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සහ යුක්රේනයේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිත බව ධවල මන්දිර ප්රකාශිකාව සඳහන් කර ඇත.
මේ අතර දෙරටේ නායකයින් ඉකුත් ජුනි මාසයේදී ජිනීවා හිදී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් වැඩිදුරටත් අවාදනය යොමු කිරීමට නියමිත බව රුසියානු ජනාධිවරයාගේ කාර්යාලය සඳහන් කරයි.
එමෙන්ම මෙම සාකච්ඡාව විඩියෝ තාක්ෂණය භාවිතා කරමින් අඟහරුවාදා පැවැත්වීමට අදාල කටයුතු සියල්ලම මේවන විටත් සකසා ඇති බවද රුසියානු රජය පවසයි.
මේවන විටත් ලක්ෂයකට ආසන්න රුසියානු භට පිරිසක් යුක්රේන දේශ සීමා ආසන්නයේ රැදී සිටින බවට යුක්රේනය පවසන අතරම නවතම ඇමරිකානු බුද්ධි අංශ වර්තාවකට අනුව ඉදිරි සති කිහිපයේදී එක්ලක්ෂ හැත්තෑ පන්දහසකට ආසන්න භට පිරිසක් එම කලාපයේ කඳවුරු බැදීමට හැකියාව පවතී.
මේ අතර ඇමරිකානු රජය පසුගියදා චීන ජනාධිපති ෂී ජින් පින් සමඟද සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී චීන ආරක්ෂක අංශ තායිවාන ආසන් දේශ සීමා වල සිය යුධ ක්රියාකාරම් වර්ධනය කිරීම සම්බන්ධයෙන් අවාදනය යොමු කෙරිණි.