ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව නව එන්නතක් අවශ්‍යනම් 2022 මුල් භාගය වන විට එය නිපදවිය හැකි බවයි මොඩර්නා සමාගම පවසන බව ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කළේය.
නව ප්‍රභේදයට එරෙහිව දැනට ලබාදෙන එන්නතෙන් ලැබෙන ආරක්ෂාව ගැන තහවුරු කිරීමට සති කිහිපයක් ගතවනු ඇති බවද එම ප්‍රකාශ කර ඇත.
නව එන්නතක් නිපදවීම පිළිබඳ විශේෂ අවධානය යොමුවන්නේ මේ වනවිට ඔමික්‍රෝම් ප්‍රභේදය ආසාදිත වූවන් රටවල් 15කින් වාර්තා වීමත් සමගය.
ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත වූ දෙදෙනෙක් කැනඩාවේ, ඔටාවා අගනුවරින් ද, ඉතාලියෙන්ද ඩෙන්මාර්කයෙන් ද, තුන්වන ආසාදිතයෙක් ජර්මනියෙන්ද , එක්සත් රාජධානියෙන් තවත් ඔමික්‍රෝම් ආසාදිතයෙක් ද හඳුනාගෙන ඇති බව ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කළේය.
ඔමික්‍රෝන් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දකුණු අප්‍රිකානු කලාපයේ රටවල් අටක් වන දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, නැමීබියාව, සිම්බාබ්වේ, ලෙසෝතෝ, මොසැම්බික්, එස්වාටිනි සහ නයිජීරියාව යන රටවලට මින් පෙර ලෝකයේ රටවල් ගණනාවක් ගුවන් ගමන් අත්හිටුවා තිබිණි.







