තුෂාරී කළුබෝවිල –
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නවත ම වාර්තාව අනුව ගතවූ දින තුනේදී ඇති වූ ආපදා තත්ත්වයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 25 කි. තවත් 1ක් අයෙක් අතුරුදන් ව ඇති අතර තුවාල ලැබූ පිරිස 07 කි.
ආපදාවල බලපෑමට ලක් ව පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව 60264 ක් වූ අතර ඊට අයත් පුද්ගලයින් සංඛ්‍යාව 212060 කි. අවතැන්වූ පවුල් සංඛ්‍යාව 13671ක් වූ අතර ඊට අයත් පිරිස50166 කි.
හානියට පත් නිවාස සංඛ්‍යාව 1252 කි. එයින් නිවාස 23කට සිදු ව ඇත්තේ අර්ධ හානි පමණි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල 1 අයෙක් දියේ ගිලී ද පස්සර 3 ක් දියේ ගිලී ද මාතලේ රත්තොට 1ක් දියේ ගිලී ද මුලතිව් දිස්ත්‍රික්කයේ තුණුක්කායි 1ක් අකුණක් වැදීමෙන් ද පුත්තලම ආණමඩුව 1ක් අකුණක් වැදීමෙන් ද වනාතවිල්ලුව 1ක්, මහා වැව 1ක්, මහාකුඹුක්කඩවල 1ක් හා මුන්දලම 2ක් දියේ ගිලීම්වලින් ද කුරුණෑගල පොල්ගහවෙල 1ක් දියේ ගිලී ද තවත්1ක් බිත්තියක් කඩා වැටීමෙන් ද උඩුබද්දාව 2ක් දොයේ ගිලී ද රිදීගම 2ක් පස් කණ්ඩියක් වැටීමෙන් ද කෑගල්ල රඹුක්කන 3ක් නායයාමකින් ද වරකාපොළ 1ක් බෝටුවක් පෙරළීමෙන් දියේ ගිලී ද ගලිගමුව 2ක් නායයෑමකින් ද බෝපේ පෝද්දර 1ක් දියේ ගිලීමෙන් ද මිය ගොස් තිබේ.







