කීර්ති ප්‍රනාන්දු –
උපකාරක පන්තියේ සිටි තම පුතු කැඳවාගෙන ආපසු නිවස බලා එමින් සිටි පියෙකු එම පුතා ද සමග සැඩ පහරට හසු වී මිය ගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය පවසයි.
ඊයෙ (09) දින දහවල් සිදු වී ඇති මෙම අනතුරින් පසුව එම පියපුතු දෙපල ගේ සිරුරු සොයා සිදුකළ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබිණ.
මේ අතර අද (10) දින උදෑසන පියාගේ සිරුර ජලයේ පාවෙමින් තිබියදී නාවික හමුදාව විසින් සොයාගත් බව කුලියාපිටිය පොලිසිය පවසයි.
මෙතෙක් පුතාගේ සිරුර හමු වී නැතැයි පවසන පොලිසිය එම සිරුර සොයා නාවික හමුදා මෙහෙයුම් සිදුකරන බවද කීය.
මියගිය පියා 38 හැවිරිදි වියේ පසුවන අතර ඔහුගේ පුතා 11 වන වියේ පසුවන්නන් බව ද පොලිසිය පවසයි.
සේයාරුවෙන් දැක්වෙන්නේ මියගිය පියාගේ සිරුර නාවික හමුදාව සහ පොලිසිය ප්‍රදේශවාසීන් ද සමග ජලයේ පාවෙමින් තිබියදී ගොඩට ගන්නා ආකාරයයි.







