මාස විස්සක කාලයකින් පසුව පළමු වරට ඇමරිකානු එක්සත් ජනපදයේ දේශ සීමා අද සිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින්ට විවෘතවේ.
ඒ අනුව අද සිට ඇමරිකාවට ඇතුලුවන සංචාරකයින් විසින් තමන් පූර්ණ එන්නත්කරණයකට ලක්වූ බවට සනාථ කරණ සහතිකයක් සහ ගුවන් ගතවීමට දීන තුනකට පෙර කරණ ලද පරීක්ෂාවකින් තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට සනාථ කරන සහතිකයක් ඉදිරිපත් කළයුතුවේ.
අදාල සහතික පත් ලබාදෙන සංචාරකයින් හට නිරෝධායන වීමකින් තොරව ඇමරිකාවට ඇතුලු වීමට අවස්ථාව හිමිවන බවද එරට බලධාරීන් සඳහන් කරයි.
ග
ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් කොරෝනා වෛරසය පැතිරයාමත් සමඟම ඇමරිකානු පුරුවසියන් නොවන පුද්ගලයින්ට එරටට පැමිණීම සීමා කරමින් සංචරණ සීමාවක් පැනවීය.
ඒ අනුව බි්රතාන්ය සහ යුරෝපා කලාපයේ රටවල් රැසක සංචාරකයින් හට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුලු වීමට අවසර හිමි නොවීය.
කෙසේ වෙතත් මීට පසුගියදා වර්ථමාන ජනාධිපතිවරයා විසින් පූර්ණ එන්නත්කරණයට ලක්වූ විදෙස් සංචාරකයින් හට ඇමරිකාවේ දොරටු විවෘත කිරීමට තීරණය කරනු ලැබීය.
ඒ අනුව මෙම සීමා ඉවත් කිරීමෙන් කොරෝනා වසංගතය හේතුවෙන් විශාල බලපෑමකට ලක්වූ ඇමරිකානු ගුවන් සමාගම් වලට යම් සහනයක් ලැබෙනු ඇති බවටද අපේක්ෂා කරයි.







