ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු අධ්‍යාපනඥයන් විසින් අද පෙරවරුවේ සිට පාර්ලිමේන්තු වටරවුම අභියස සහ කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබේ.
පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන විරෝධතාවෙන් පසු ඔවුන් පාගමනින් බත්තරමුල්ල ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිටට ගොස් එම ස්ථානයේ ද විරෝධතාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ගුරු අධ්‍යාපනඥයන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
සෞභාග්‍යයේ දැක්මට අනුව ජාතික ගුරු අධ්‍යාපන විද්‍යා පීඨ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වූ පිළිගත් විශ්වවිද්‍යාල පද්ධතියට එක් කරගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ගුණාත්මක ගුරුවරයෙක් නිර්මාණය කිරීමට අවශ්‍ය පරිසරය සාදාදෙන ඉල්ලමින් විද්‍යාපීඨ 19ක සහ ගුරු විද්‍යාල 8ක හා ගුරු වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථාන 112ක සේවය කරන පීඨාධිපතිවරුන් ඇතුළු සියලුම ගුරු අධ්‍යාපනඥ නිලධාරීන් විසින් මේ වනවිට දියත් කර ඇති අරගලයේ ඉදිරි අදියරක් ලෙස මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.
පුද්ගලික විශ්වවිද්‍යාලයක උපකුලපතිකමක් දරන අතරම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය කරන ආචාර්ය උපාලි සේදර විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පිහිටුවන පිළිගත් විශ්වවිද්‍යාලයක් සඳහා දිගින් දිගටම විරෝධය පළකරන වන බව ඔවුහු පෙන්වා දෙති.
එමෙන්ම මෙම ලේකම්වරයා විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් අහෝසි කළ යුතු යන මතවාදයේ සිටින බවත් ඒ බව යළි යළිත් හෙළි කරද්දී නෑසූකන්ව සිටින අධ්‍යාපන බලධාරීන් ගෙනයන අත්තනෝමතික හැසිරීම මේ විරෝධාතාවය ඔස්සේ ප්‍රශ්න කරන බවත් ඔවුහු පැවසූහ.