ලලිත් චාමින්ද –
බැසිල් රාජපක්ෂ ඇමතිතුමාට කියා සක්රයාගේ වැඩ කරවා ගන්න අමාරු බව ශ්‍රි.ල.නි.ප යේ මහලේකම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර බද්දේගම දී පැවසීය. රට පවතින්නේ ඉතාම අර්බුදයක බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රි.ල.නි.පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ ඊයේ (07) ගාල්ල දිසා ශ්‍රි.ල.නි.ප ප්‍රාදේශිය නායකයින් දැනුවත් කිරිමේ වැඩසටහනින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.
“ජනතාවට දෙන්න නෙවෙයි ජනතාවගෙන් ගන්න වෙනවා කියලා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා ඉතා පැහැදිලිව කිවා නේ. ජනතාවගෙන් ගන්න දෙයක් නෙවෙයි ජනතාව ලෙල්ලට වැටිලා ඉන්නේ. අපිත් ඉන්නේ අමාරුවෙන්. කොහොම වුනත් ඉතා අමාරු අයවැයක් තමයි බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාට ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ. ලංකාවේ තියෙන අමාරුම කාලවකවානුව තමයි මේ යන්නේ. සක්රයාගේ වැඩ බැසිල් ඇමතිතුමාට කරන්න බැහැ. මුදල් ඇමතිතුමා උත්සාහකරාවි ජනනාවට යම්කිසි සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න.
“මා විශ්වාස කරන ආකාරයට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තමයි මේ රටේ ඉන්න පරිනතම දේශපාලනඥයා. එතුමාගේ කථාව අනික් අයට ආදර්ශයක්. ඒකවත් තෙරෙන්නේ නැතිනම් කියන්න දෙයක් නෑ..“ ලෙස ශ්‍රි.ල.නි.පක්ෂයේ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාවට ශ්‍රි.ල.නි.පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ෂාන් විජේලාල් ද සිල්වා ද එක්ව සිටියේය.







