සුජිත් හේවාජුලිගේ –
පාර්ලිමේන්තුවේ බල අධිකාරියේ සංකේතය ලෙස සැලකෙන සෙංකෝලයේ කුඩා හානි (කඩතොලු) කිහිපයක් හඳුනාගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවැසීය.
පාර්ලිමේන්තුවේ පසුගිය කාලයේ ඇතිවූ විවිධ සිද්ධීන්වලදී මෙම හානි සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය.
මෙම හානි මෙරටදී පිළිසකර කිරීමේ හැකියාවක් නැති බවත් පිළිසකර කරන්නේ නම් එය එංගලන්තයේ මවු සමාගමට යැවිය යුතු බවත් ඔහු පැවසුවේය.
කෙසේ වෙතත් මෙම හානි බැලූ බැල්මට බාහිරයට නිරීක්ෂණය නොවන බවද නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ බලාධිකාරියේ සංකේතය වන සෙංකෝලය බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මන්ත්‍රී මණ්ඩලයට 1949 වර්ෂයේදී ප්‍රදානය කරන ලදී.
බර රාත්තල් 28 කින් යුක්තවන සෙංකෝලයේ දිග අඟල් 48 කි. කළුවර යෂ්ඨියකින්ද රිදියෙන් , කැරට් 18ක රනින් සහ නිල් මැණික්වලින්ද එය අලංකෘතවී ඇත.
ලංකාදීප-






