විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව සහ එංගලන්තය අතර සාජාහි පැවැත්වෙන තරගයේ එංගලන්ත ඉනිම නිමා වී ඇත. කාසියේ වාසිය දිනුවේ ශ්රී ලංකාවය. එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්නේය.ෙ ඔවුන් කඩුලු 04කට ලකුණු 163ක් ලබාගෙන ලකුණු 164ක ඉලක්කයක් ශ්රි ලංකා කණ්ඩායමට ලබා දී තිබේ.
පන්දු ඕවර පහයි පන්දු දෙක්ක අවසන් වනවිට එංගලන්ත පිලේ කඩුලු 3ක් බිඳ වැටී තිබිණි. ලකුණු 35කි. එහෙත් තරගයක ස්වරූපය වෙනස් කරන ආකාරය එංගලන්තය පෙන්නුවේය. සිවුවන කඩුල්ලට ජොස් බට්ලර් සහ නායක ඉයන් මෝර්ගන් ලකුණු 112ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේය.
බිඳවැටී තිබූ එංගලන්ත ඉනිම පුදුමාකාර ජවයකින් යුතුව ගොඩගැනීමට ජොස් බට්ලර් සමත් වූ අයුරු වෘත්තීය ක්රීඩාවක ස්වරූපය පෙන්වා දුන්නේය. ලකුණු 95 දී ලබා දුන් උඩපන්දුව පැතුම් නිශ්ශංක අතින් ගිලිහිනි. ජොස් බට්ලර් පන්දු 67කදී ලකුණු 101ක් රැස් කළේය. ඒ ඉනිමේ අවසාන පන්දුවට හයේ පහරක් එල්ල කරමිනි. .
වනිදු හසරංගට ජේසන් රෝයි සහ ජොනි බිස්ට්රොව් ගොදුරු වුනේය. එක් අන්තයක පන්දු යැවීම ආරම්භ කළ වනිඳු හසරංග තමන් යැවූ දෙවන පන්දුවෙන් ජේසන් රෝයි දවා ගත්තේය. හතරවන ඕවරයේ අවසන් පන්දුවේ දී දුෂ්මන්ත චමීර ඩේවිඩ් මිලර්ගේ කඩුල්ල ලබා ගත්තේය. පස්වෙනි ඕවරයේ දෙවැනි පන්දුවේ දී ජොනි බ්රිසෝව් වනිඳුට ගොදුරු විය. ශ්රී ලංකා කණ්ඩාය දවාගත් සිවුන කඩුල්ල වූ ඉයන් මෝර්ගන් දවා ගත්තේත් වනිඳු හසරංගය. ඒ වනවිට මොර්ගන් පන්දු 36ක දී ලකුණු 40ක් ලබාගෙන තිබිණි.
වනිඳු ඕවර හතර අවසානයේ ලකුණු 21කට කඩුළු 03ක් බිඳ හෙළුවේය. . ඔහු පන්දු ඕවර හතර අවසානයේ දී ලකුණු 44ක් ලබා දී තිබිණි.
වඩාත්ම විශිෂ්ට පන්දු යැවීමක් මහීෂ් තීක්ෂණගෙන් දක්නට ලැබිණි. ඔහු කඩුලු නොලැබුවත් පන්දු ඕවර 4ටම ලබා දුන්නේ ලකුණු 13කි.
එංගලන්ත ඉනිම ලකුණු 163කි. මෙතෙක් කාසියේ වාසිය දිනා දෙවනුව පන්දුවට පහර දුන් කණ්ඩායම්වල ක්රීඩා විලාශය දකිනවිට 164 අසීරු ඉලක්කයක් නොවේ. නමුත් එංගලන්තය මේ තරගාවලියේ අපරාජිත කණ්ඩායමය. ඉහළ පන්දු යැවීමේ බලයක් සහිත කණ්ඩායමය.
ශ්රී ලංකා ක්රීඩා ලෝලීන් බලා සිටින්නේ ජයග්රහණයකි. මේ තරගාවලියේ බලාපොරොත්තු සහගතව රැඳී සීටිමට අපට මේ තරගයේ ජයග්රහණය අනිවාර්ය ය.
දැන් ශ්රී ලංකා ඉනිම ඇරඹී තිබේ.







