ශාරුක්ගේ පුත් ආර්යන්ට අද (28) මුම්බායි මහාධිකරණයෙන් ඇප ලැබුණේය. ඔහු මාසයකට ආසන්න කාලයක් හිටියේ රක්ෂිත බන්ධනාගාරගතවය. සුඛෝපභෝගී සංචාරක නෞකාවක මත්ද්‍රව්‍ය සාදයක් අතරතුර ඉන්දීය මත්ද්‍රව්‍ය නාශයක අංශ ආර්යන් ඛාන් ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට පත් විය.
මුලින්ම මුම්බායි මහේස්ත්‍රාත් අධිකරණය ආර්යන් ඛාන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළේය. මේ අතර ආර්යන් ඛාන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් සෝනු සූද්, රිතික් රෝෂන්, ස්වාරා බාස්කර් වැනි බොලිවුඩ් තරු රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ ව්‍යාපාරයක්ද පසුගිය සති තුන පුරා දියත් කර තිබිණි.
කෙසේ වෙතත් ඔහුගේ නීතිඥ සනීෂ් මනේෂින්ද් මුම්බායි මහාධිකරණය වෙත ගොනුකළ ඇප අයදුම්පත පෙරේදා (26) විභාගයට ගත්තේය. අනතුරුව තෙදිනක් පුරා සිදුකළ දීර්ඝ කරුණු දැක්වීමකින් පසු ආර්යන් ඛාන් ඇප මත මුදා හැරීමට මුම්බායි මහාධිකරණය තීන්දු කළේය.
ඉන්දීය මාධ්‍ය කියන්නේ ආර්යන් ඛාන්ට හෙට හෝ අනිද්දා බන්ධනාගාරයෙන් පිටව යෑමට හැකිවනු ඇති බවය. ඔහු සමග ඔහුගේ මිතුරන් දෙදෙනෙක් සහ මිතුරියක් බන්ධනාගාරගත වූයේය. ඒ එකම සාදයක දී මත්ද්‍රව්‍ය සමග කොටු වීමෙනි.
සිය පුතු මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටිය දී අදාල නීති කටයුතු මෙහෙයවූ මුම්බායි නීතිඥ කණ්ඩායම හමුවූ ශාරුක් සිය ස්තුතිය වෙනම පරිනමා තිබිණි. ශාරුක් ලෝකයම දිනාගත් බව සැබෑය. ඒ ඔහුගෙන් පිට බාහිර ලෝකය ය. එහෙත් ශාරුක්ට ශාරුක්ගේ ලෝකය මගහැරී තිබිණි.
මත්ද්‍රව්‍ය චෝදනාවක් පිට රක්ෂිත බන්ධනාගාරතව සිට ඇප පිට නිදහස් වුණ, නමුත් මත්ද්‍රව්‍ය නඩුවකට පැටලී තරුණ ජීවිතය ව්‍යසනයට ලක් කරගත් ශාරුක්ගේ පුත් ආර්යන් කියන්නේ ශාරුක්ට ශාරුක් ගේ ලෝකය මගහැරී ගිය තරමය.
සුපිරි ලෝකයේ මත්ද්‍රව්‍ය සැණකෙළියක දී කොටු වුණු ශාරුක්ගේ පුතාගේ කතාව…







