අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ජෙනරාල්ලා දැම්මත් වැඩේ ෆේල් – දැන් හදිසි නීතිය ඉවත් කරන්න”

ආචාර්ය හර්ෂ ජනපතිගෙන් ඉල්ලයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 11, 2021
in පුවත්
harsha de silva
Share on FacebookShare on Twitter

හදිසි නීතිය යොදා හමුදා ජෙනරාල්වරු දමා ගැසට් පිට ගැසට් ගසා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කර ගත නොහැකි වූ ජනාධිපතිවරයා දැන් කළ යුත්තේ හදිසි නීති ගැසට්ටුවත් වහාම ඉවත් කර ගැනීම බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. එසේ නොවුණහොත් හදිසි නීතිය ගෙනාවේ ජනතාවගේ කතා කිරීමේ අයිතිය ඇතුළු මානව අයිතිවාසිකම් කුඩු පට්ටම් කර දැමීමට බවට ජනතාව තේරුම් ගනු ඇති බවත් එබැවින් දැන් එය ඉවත් කළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ වනවිට ආණ්ඩුව
පාරිභෝගිකයන්ට බලවත් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් තේරුමක් නැති විකාර තීරණ සහ පියවර ගණනාවකින් පසුව ජනතාව දැඩි අසීරුතාවකට ලක් කර ඇති බවත් පෙන්වා දුන්නේය. එවැනි ත්ත්වයක් තුළ නිකරුණේ හදිසි නීතිය පවත්වාගෙන යාම මඟින් ජාක්‍යන්තර ප්‍රජාවට තවදුරටත් රජය කෙරෙහි වැරදි චිත්‍රයක් මැවෙනු ඇති වව ද ඔහුපැවසීය. එහිදී මන්ත්‍රිවරයා දැක්වූ අදහස් මෙසේ පළ වෙයි.

අපි මේ අවස්ථාවේ පාරිභෝගිකයා වෙනුවෙන් රජය කළ යුත්තේ කුමක්ද එයට රජයට අවවාදයක් දෙන්න සූදානම්. මහ ලොකුවට හාල් මිල පාලනය කරන්න ආණ්ඩුව වැඩපිළිවෙළක් ගත්ත කියලා පසුගියදා කිව්වා. කිසි දවසක සහල් ඇටයක් වත් මේ රටට ආනයනය කරන්නේ නැහැ කිව්වා. හාල් අපනයනය කරනවා කියලා තමයි කිව්වේ අපි දැක්කා මේජර් ජෙනරල් කෙනෙක් ගෙනල්ලා ඩේටා බේස් එකක් ගැන කිව්වා. මාධ්‍ය සංදර්ශනය කර ඩඩ්ලි මහත්තයාගේ නිපුන මහත්තයාගේ මෝලට පැන්නා ඊට පස්සේ ගැසට් 8ක් ගැහුවා පසුව කිව්වා නෑ අපි හදිසි නීතිය පනවා සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කරනවා කිව්වා .අද වන විට ගැසට් සියල්ල රිවස් කරලා .හාල් වලට ගැසට් එකක් නැහැ වී වලට ගැසට් එකක් නැහැ. සීනි වලට ගැසට් එකත් නැහැ. ගෑස් ගැසට් එකක් නැහැ .පාන් පිටි ගෑස් එකක් නැහැ. කිරිපිටි ගෑස් එකක් ගැසට් එකක් නැහැ සියල්ල ඉවත් කරලා මුලින්ම අපි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලනවා කරුණාකරලා හදිසි නීතිය ගැසට් එක අයින් කරන්න කියලා. හදිසි නීති ගැසට් එක ගැහුවෙ මුලින් ගහපු ගැසට් සියල්ල ආරක්ෂා කරන්නයි තවදුරටත් හදිසි නීති ගැසට් එක ගහගෙන හිටියොත් මුලු ලෝකෙටම තේරුම් ගන්න පුළුවන් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙන බව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පාගල දාන්න ජනතාවට කතා කරන්න තියෙන අයිතිය කුඩුපට්ටම් කරන්න පමණයි ඔය හදිසි නීතිය ගෙනාවේ කියන එක මුළු ලෝකෙටම තේරුම් යනවා.
ගරු ජනාධිපතිතුමනි හෙට උදේට කලින් ගැසට් අයින් කරා වගේම ඒ ගැසට් බේරගන්න ගහපු හදිසි නීති ගැසට් එකත් අයින් කරන්න.

අද හාල්වලට මොකද වෙලා තියෙන්නෙ සිදුවෙන දේ සාමාන්‍ය මිනිස්සුන්ට වත් තේරෙන්නේ නෑ. සාමාන්‍ය මිනිස්සු දකින්නේ හාල් මිල ඉහළ ගිහිල්ලා කියලා විතරයි. ආණ්ඩුව ගැසට් එක අයින් කරන කොට ඩඩ්ලි මහත්තයා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා නාඩු 115 සම්බා 140 කීරි සම්බා 165 යි කියලා බන්දුල මහත්තයා අනිත් පැත්තට කියනවා එහෙම කොහොමද කරන්නේ මම හාල් පිටරටින් ගේනවා කියලා. එය විග්‍රහ කර යුතුයි ඊයෙ පොලොන්නරුව පැත්තේ නාඩු වී ගොවි මහතුන් විකුණුවේ ඩඩ්ලි මහත්තයා සහ ලොකු හාල් මෝල් හිමියෝ ගත්තේ රුපියල් 67 සම්බා 73 කීරි සම්බා 90 පැනපු අවස්ථා තිබුණා මොකක්ද මේ කරන්නේ ගොවි මහත්තයට යම්කිසි වැඩි මිලක් දීලා ඒ වී ටික අරගෙන තමන්ගේ ගබඩාවට දා ගැනීමයි.නමුත් තමන්ගේ ගබඩාවේ විශාල වී තොගයක් තිබෙනවා ඒව ගත්තෙ 67 නෙමෙයි ඒව ගත්තෙ 60 සහ ඊට අඩු ගණන් වලට දැන් 60 සහ ඊට අඩු ගණන් වලට ගත්ත වී සහල් කරලා 67තේ ගානට ගාන හදලා 115 විකුණන්න වෙළෙඳ පොළට දානවා මෙහිදී සිදුවෙන්නෙ විශාල වශයෙන් ඉන්න කුඩා මෝල් හිමියන්ට 67ට වී ගන්න බැහැ ලොකු මෝල් හිමියෝ විශාල වශයෙන් කුඩා මෝල් හිමියෝ විනාශ කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරලා.

ආණ්ඩුව සහල් ආනයනය කරන්න තීන්දු කරලා එය කාත් එක්ක හැපෙන්න ද ලොකු මෝල් හිමියන් හතර පස් දෙනෙක් එක්ක හැප්පෙන්න ආණ්ඩුව සාමාන්‍ය මෝල් හිමියන් අමතක කරලා දාලා මුලින් කිව්වා මෙට්‍රික් ටොන් ලක්ෂයක් හාල් ආනයනය කරනවා කියලා .අද සීමා රහිතව හාල් ආනයනය කරන්න ඉඩ දෙනවා කියලා කියනවා. එසේ හාල් ආනයනය කරොත් මොකද වෙන්නෙ ගොවි මහත්තයාගේ වී වලට මොකද වෙන්නේ .පොලොන්නරුව අම්පාර කුරුණෑගල ගොවි මහත්තුරුන් වී කවුද ගන්නේ හාල් ගේනවා නම් සීමාරහිතව සතොසෙන් වී ගොවියට මොකද වෙන්නේ වී නැතුව සහල් නම් ගේන්නේ කුඩා හා මධ්‍යම පරිමාණයේ විශාල ප්‍රමාණයක් ජීවත් වෙන්න පොරකන මේ ව්‍යාපාරිකයන්ට මොකද වෙන්නේ ඒකෙ වැඩ කරන විශාල සංඛ්‍යාවක් වන සාමාන්‍ය කුලී කම්කරුවන් ට මොකද වෙන්නේ බැංකු ලෝන් ගෙවාගන්න බැරි වුණාම මොකද වෙන්නේ බැංකු වලට මොකද වෙන්නේ හාල් පිටරටින් ගේනවා නම් සහල් නිෂ්පාදනය කරන්න අවශ්‍ය නැත්නම් කුකුල් කෑම වලට මොකද වෙන්නේ කුකුල් මස් කිලෝ එකට මොකද වෙන්නේ බිත්තරයට මොකද වෙන්නේ කුකුල් මස් බ්‍රසීලයෙන් ගේනව ද මෙවැනි තීරණයක් ගන්න කොට කල්පනා කර යුතුයි ආර්ථික ක්‍රමවේදය තුළ එක තැනකින් වෙනස් කරන කොට බොහෝ තැන්වලින් එහි සමතුලිතතාවය වෙනස් වෙනවා .එසේ නම් නැවත නැවතත් කියන්නේ මේ ප්‍රශ්නය අල්ලගෙන තියෙන්නෙ වැරදි තැනකින්. මේ ප්‍රශ්නයට උත්තරය හාල් පිටරටින් ගේන එක නෙවෙයි අපේ රටේ මෙට්‍රික් ටොන් මිලියන හතරක් ආණ්ඩුව ම කියනවා නම් වී අස්වැන්නක් තිබුණ කියලා එය හොඳටෝම ඇති අපේ මිනිස්සුන්ට අවශ්‍ය තරම් බත් කන්න මොන කෙං ගෙඩිය ටද මියන්මාරයෙන් ඉන්දියාවෙන් හාල් ගේන්නේ කළ යුත්තේ මෙය නොවේ අපිට තරඟකාරිත්වයක් වෙළඳපොලේ ඇති කිරීමයි. ඔය සරල දේ ඇයි තේරුම් ගන්නෙ නැත්තෙ එසේ තරගකාරීත්වයක් ඇති කර ගත්තහම කුඩා මෝල් හිමියන්ට තරග කරන්න මහා මෝල් හිමියන් සමග හැකියාව ලැබෙනවා.කවුරුත් අපේ ගොවි මහත්තයගෙන් අම්පාරෙන් මඩකලපුවෙන් ත්‍රිකුණාමලය පොළොන්නරුව අනුරාධපුරය හම්බන්තොට හැමතැනින්ම වී ටික ගන්නවා එසේ ගන්නකොට නිෂ්පාදනය වෙන විට පශු සම්පත් කර්මාන්තයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය වෙනවා මේක තේරුම් ගන්න බැරි ඇයි .එහෙම නැත්නම් වෙනත් වැඩපිළිවෙළක් ද මේ තුළ ක්‍රියාත්මක වෙන්නේ. විශාල සහල් මෝල් හිමියන්ගේ අවශ්‍යතාවට මහ ලොකු මාධ්‍ය සංදර්ශනයක් දාලා ආණ්ඩුව විසින් ඒගොල්ලොන්ගෙ වුවමනාවන් ඉෂ්ට කිරීමද මේ සිදු වෙන්නේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තේ සඳහා රසායනික පොහොර ගේන්න අවසරයක් දෙයි

Next Post

වැලි ටිකත් අවුලක… මනම්පිටිය වැලි ගොඩදමන කම්කරුවන් – මංකඩ ලාභීන් වැලි වර්ජනයක…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.