ලලිත් චාමින්ද –
-
ගබඩා 29ක් ලෑස්ති කළත් සමහර ගබඩාවලට එක් වී ඇටයක්වත් ලැබී නෑ… පුද්ගලික වෙළෙඳුන් වැඩි මිලට වී අරන්…
මෙවර යල කන්නයේ දි දකුණු කලාපයේ ගොවින්ගේ වී මිලදි ගැනීම සඳහා ගබඩා 29ක් සුදානම්කොට තිබුනද ගොවින් විසින් වී අලෙවි මණ්ඩලයට ලබාදි ඇත්තේ වී කිලෝ 78000 ක් පමණක් බැව් වි අලෙවි මණ්ඩලයේ දකුණු කලාප සහකාර ප්‍රාදේශිය කළමණාකරු ඉන්දික ද සිල්වා පවසයි.
දකුණු කලාපයේ ගොවින්ගෙන් වී කිලෝ ලක්ෂ 80ක් මිලදි ගැනීමට සැලසුම්කොට තිබු බවත් ගොවින් විසින් වී අලෙවි මණ්ඩලයට වී ලබාදිම සඳහා උනන්දුවක් නොමැති බවද ඔහු පවසයි.
පුද්ගලික වී මෝල්හිමියන් විසින් වැඩිමිලට වී මිලදි ගන්නා බව සඳහන් කිරීම නිසා ගොවින් විසින් වි අලෙවි මණ්ඩලයට වී ලබා නොදී පුද්ගලික මෝල් හිමියන් වෙත වි ලබාදෙන බවද ඔහු කීවේය.
අලෙවි මණ්ඩලය මගින් නාඩු වී කිලෝවක් රුපියල් 56.50ට මිලකට මිලදී ගනු ලබන අතර දකුණු කලාපයේ ගොවින්ගේ මිලදි ගන්නා වී ගබඩා කිරීම සදහා ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල යන දිස්ත්‍රික්කවල ගබඩා 29ක් සුදානම්කොට තිබු බවද ඉන්දික ද සිල්වා පෙන්වාදෙයි. වී මිලදී ගැනීම සඳහා රජය මගින් මුදල් ප්‍රතිපාදන වෙන්කොට තිබු බවද හෙතෙම පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවින්ගේ වියලි වී මිලදි ගැනීම සදහා වී අලෙවි මණ්ඩලය මගින් යක්කලමුල්ල ගොවිජනසේවා මධ්‍යස්ථානය තුළ ගබඩාවක් විවෘත කොට තිබු බවත් එහෙත් මේ දක්වා ගොවින් විසින් කිසිදු වි ඇටයක් ලබ දි නොමැති බවත් වැඩිදුරටත් සදහන් කළේය.







