සතොස සමාගම සතුව තිබූ සුදුළූනු තොගයක් වංචා කිරීමේ සිද්ධියට අදාළව එම තොගය වංචා සහගත ලෙස මිලදී ගත්තා යැයි සැක කරනු ලබන සැකකාර ව්‍යාපාරිකයා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 ක තැනැත්තෙකි.
මේ පිළිබඳ පෑලියගොඩ විශේෂ විමර්ශන අපරාධ ඒකකය මගින් පසුගිය දිනවල විමර්ශනය කරමින් තිබුණි.
මේ වන විට මෙම පැමිණිල්ල සම්බන්ධව විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරමින් පවතී.
මෙම සැකකරු හෙට දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.







