ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුවට මෙතෙක් විසඳුමක් ලබා දීමට රජය අපොහොසත් වීම හේතුවෙන් එයට විරෝධය පළ කරමින් රට පුරා විදුහල්පතිවරු ලොක ගුරු දිනය යෙදී ඇති ලබන 6 වෙනිදා සිය නිවාස ඉදිරිපිට කළු කොඩි එසවීමට තීරණය කළ ඇත.
මේ සඳහා රට පුරා ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 11200ක් පමණ සිටින අතර ඔවුන් සියලුම දෙනා මෙම විරෝධයට එක්වන බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු සඳහන් කරයි.
ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව බළධාරීන් විසඳන තෙක් ආරම්භ කළ විරෝධතාවන් ඉදිරියටම ගෙන යන බව හෙතෙම පැවසීය.







