තමන් කිසිවෙක් සමග විහිලු කරන්නේ නැති බවත් ජාඇළ බෝපිටිය ශාන්ත නිකොලාස් දේවස්ථානයට ඉකුත් (28) වනදා දැනුම්දී තිබුනේ ‘සාමාන්‍යයෙන් ඉන්නවාට වැඩිය ඇස් කන් ඇරගෙන ඉන්න’ කියන පණිවුඩය බවත් ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කළේය.
ඔහු මේ බව කීවේ දෙරණ නාලිකාවේ ‘BIG FOCUS’ වැඩසටහනට එක්වෙමිනි.
එම අරක්ෂක තොරතුර ගැන පැහැදිලි කරමින් කතා කළ ආරක්ෂක ලේකම්වරයා කිවේ ඔවුන් පාන් විකුණන පුද්ගලයාගෙනුත් තොරතුරු ගන්නා බවයි.
ලැබෙන කිසිම තොරතුරක් නොවැදගත් සේ ඉවත් නොකර බුද්ධි තොරතුරු වෙන්කර ගන්නා බව කී ආරක්ෂක ලේකම්වරයා එවැනි දැනුම් දීමක් එදින එම දෙවස්ථානයට ලබා දී තිබුණු බව කීවේය.
“අපි කාවවත් විහිළුවට අරගෙන නෑ. මං දැක්කා එහෙම කතාත් කියවෙනවා.” ආරක්ෂක ලේකම් එසේත් පැවසුවේය.







