2021 අයිසීසී විස්සයි 20 ලෝක කුසලානයට පෙර ශ්රී ලංකාව රටවල් තුනක් සමඟ පෙරහුරු තරඟ හතරක් ක්රීඩා කිරීමට නියමිතව ඇත.
ශ්රී ලංකාව ඕමානයේ දී විස්සයි 20 තරඟ දෙකක් ක්රීඩා කරන අතර අනතුරුව ඩුබායි බලා පිටත් වේ. එහි දී කණ්ඩායම විස්සයි 20 ලෝක කුසලානයට ප්රථම තවත් පෙර පුහුණු තරඟ දෙකක් ක්රීඩා කිරීමට නියමිතය. ඒ පැපුවා නිවුගිනියා සහ බංගලාදේශය සමගය.
23 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතය හෙට දිවයිනෙන් ඕමානය බලා පිටත් වේ. ඕමානය බලා යන කණ්ඩායම ලබන 07 වැනිදා සහ 09 වැනිදා ඕමාන ජාතික කණ්ඩායම සමග පුහුණු තරග දෙකට මුහුණ දෙයි.
අනතුරුව 10 දා කණ්ඩාම ඕමානයේ සිට ඩුබායි බලා පිටත් වේ. ලබන 12 වැනිදා බංගලාදේශය සමගත්, 14 වැනිදා පැපුවා නිව්ගිනියා කණ්ඩායම සමගත් ශ්රී ලංකා කණ්ඩායම පෙර පුහුණු තරගවලට මුහුණ දෙනු ඇත.







