බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කඩිමුඩියේ කාබනික පොහොර ප්‍රමිතිය වෙනස් කරන්නෙ කා වෙනුවෙන් ද?

by editor
ඔක්තෝබර් 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මහාචාර්ය සමන් ධර්මකීර්ති –

  • ජාතියක් මහා ව්‍යසනයකින් බේරුණේ ලංකාවේ අනුමත ප්‍රමිතියේ පනවා තිබූ  “ජීවානු හරණය“ යන වචනය නිසයි…

  • ප්‍රමිතියකින් තොර පොහොර භාවිතයෙන් සිදුවන විනාශය කාබනික අකාබනික ලෙස බෙදිය නොහැකියි…

  • මේ ප්‍රමිතිය රට තුළ කාබනික පොහොර නිපදවන නිශ්පාදකයන්ට බලපාන්නෙ නෑ… පෙනෙනතෙක් මානය නැති අනාගත  ආයෝජන  සම්බන්ධව උපකල්පන කර ප්‍රමිතිය වෙනස් කිරීම කිසිසේත්ම අවශ්‍ය නෑ…

නිසි ප්‍රමිතියකින් තොර පොහොර කෘෂි කර්මයේදී භාවිතා කිරීමේදී ඇතිවිය හැකි අනිටු විපාක එම පොහොර රසායනිකද කාබනිකද යන්න මත තීරණය නොවේ. එබැවින් සියලුම කෘෂි යෙදවුම් නිසි ප්‍රමිතියෙන් යුතු විය යුතු බව අප සියල්ලෝම හොදින් අවබෝධ කොට ගත යුතුය.

ජාතියක් බේරා ගත් “ජීවානුහරණය“ වචනය

කාබනික ඝන පොහොර ආනයනයට දැනට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන ලද ජීවානු හරණය කරන ලද කාබනික ඝන පොහොර සඳහා වූ ප්‍රමිතිය ඉමහත් බාධාවක් ලෙස කෙනෙකුට තර්ක කළ හැකිය.  එහෙත් එම “ජීවානු හරණය” යන වචනය නිසා සිදුවීමට ගිය ඇති මහත් විනාශයක් වලක්වා ගැනීමට රටට හැකිවිය. ඒ ප්‍රමිතිය සකස් කළ විද්වතුන්ට අපගේ ප්‍රණාමය දැක්වන අතරම එම ප්‍රමිතියම දේශීය කාබනික පොහොර නිෂ්පාදකයින්ට කේසේ බලපායිද යන්න විමසා බැලීම ඉතාමත් කාලෝචිත යැයි මට සිතේ. ඒ අන්කිසිවක් නිසා නොව මෙය ශ්‍රී ලංකාව වන බැවිනි.

මා දන්නා තරමින් දැනට ඝන කාබනික පොහොර ලෙස නිපද වන්නේ සාමාන්‍ය කොම්පෝස්ට්, නාගරික කසල ආශ්‍රිතව නිපදවන  කොම්පෝස්ට් සහ ඒවායේ ව්‍යුත්පන්න පමණි. ඒ සඳහා ප්‍රමිතීන්  දෙකක් (SLS 1246:2003 සහ SLS 1704) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් හඳුන්වා දී ඇත. දියර කාබනික පොහොර සඳහා ද එවැනි ප්‍රමිතියක් ඇත. එය SLS  1702 වේ.

රට තුළ දේශීය පොහොර නිශ්පාදකයන් පොහොර ජීවානුහරණය කළ යුතු නැත…

නමුත් මෙම පොහොර හැරුන කොට වෙනත් කාබනික පොහොර අපගේ දේශීය කර්මාන්ත කරුවන්ට නිපදවිය නොහැකිද? උදාහරණයක් ලෙස කුකුල් පොහොර, ගොම පොහොර, හෝ ජීව අඟුරු යොදාගෙන ඒවායේ පෝෂක අනුපාතය පිළිගත් දේශී අමුද්‍රව්‍ය යොදා ගෙන වැඩි දියුණු කර පෙලට් ලෙසට කාබනික පොහොරක් නිපදවූව හොත් ඒ සඳහා භාවිතා කල හැකි ප්‍රමිතිය කුමක්ද? ඒ සඳහා, නම කෙසේ වුවත්, කොම්පෝස්ට් සඳහා වූ ප්‍රමිතිය (SLS 1246:2003) භාවිතා කළහැකිය යන්න මගේ මතයයි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ඉතා සුළු වෙනස් කම් කිහිපයක් සමහර විට කිරීමට සිදුවිය හැක.  නමුත් ඒ සඳහා ජීවානුහරණය කළ ඝන පොහොර සඳහාවූ ප්‍රමිතිය යොදා ගත නොහැකිය. ඒ මෙවැනි පොහොර අඩු වියදමකින් ජීවානුහරණය කළ හැකි තාක්ෂණයක් දේශීය ව්‍යසායකයින්ට නොමැති නිසාවෙනි.  අනෙක් අතට  ජීවානුහරණය කිරීම ඒවායේ ගුණාත්මය පහල දැමීමටත් දේශීයව සිටින ක්ෂුද්‍ර  ජීවීන් මගින් ඉටු කරන හිතකර ක්‍රියාවලි අඩපන කරන ඉමහත් අනුවණ කමකුත් වන බැවින් එවැනි අවශ්‍යතාවයක් ද කිසිසේත්ම පැන නොනගී.

නොපෙනෙන ව්‍යාපාර ගැන උපකල්පනය කරමින් ප්‍රමිතිය වෙනස් කරන්නෙ ඇය?

කාට හෝ ඉතා ඉහල ගුණාත්මයෙන් යුතු අමිනෝ අම්ල හෝ හියුමෙට් හෝ ෆල්වික් අම්ල සහිත කාබනික පොහොරක් නිෂ්පාදනය කර ශ්‍රී ලාංකික ගොවි ජනතාවට දීමට අවශ්‍ය වුව හොත් ඒ සඳහා යොදාගත හැකි ප්‍රමිතියක් දැනට නැත. අනෙක් අතට ඒවා හදන තාක්ෂණයක් ද මෙරටේ දැනට නැත. එවැනි තාක්ෂණයක් තිබුනත් ගොවීන්ට පහසු මිලකට ඒවා දිය හැකි බවක්ද මට නොපෙනේ. මොකද එවැනි පොහොර මහා පරිමාණයෙන් නිපදන රට වලද ඒවායේ මිල ගණන් ඉතා අධික වන බැවිනි.

එවැනි අනාගතයේ එන 21 වන සියවස් කාබනික පොහොර වලට මේ හදිසියේ ප්‍රමිතීන් සැදිය යුතුද යන්නම ප්‍රශ්නයකි.  එවැනි අනාගතයේ දේශීය කර්මාන්ත කරුවන් වෙළඳ පොලට හඳුන්වාදීමට ඉඩ කඩ ඇති පොහොර සඳහා දැනට ඇති ප්‍රමිතීන් කඩිමුඩියේ වෙනස් කළ යුතුද නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආණ්ඩුවේ කාබනික සිහිනය ගැන දඹුල්ලේ එළවළු ගොවීන් කියන කතාව…

Next Post

පහළ වායුගෝලයේ කැළඹිල්ලක්… තද වැසි… අකුණු අනතුරු ගැන සැලකිලිමත් වන්න!. කාලගුණය කියයි…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.