හාල් මිල ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ජාතිය අමතන තත්ත්වයට පත්ව ඇති බැවින් ඉදිරියේදී ගරු තනතුරක් ලෙස ඩඩ්ලි සිරිසේනට වෙළෙඳ ඇමති තනතුර හෝ වෙළෙඳ තානාපති තනතුර ලබා දුන්නා නම් මීට වඩා සාර්ථකව වැඩ කරගත හැකිවනු ඇතැයි සමගි ජනබලවේග මාතර දිස්ත්‍රික් පාරලිමේනතු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා පවසයි.
ජනාධිපතිවරයා ජාතිය අමතමින් විධායක බලතල මගින් තමන් රට පාලනය කරනවා යයි කීවත් මේ වනවිට හදිසි නීතිය පාවිච්චි කිරීමෙන්වත් අදාළ තත්ත්ව කළමනාකරණය කර ගැනීමට රජය අපොහොසත් වී ඇතැයි මන්ත්‍රිවරයා අද පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ බුද්ධිත පතිරණ මන්ත්‍රිවරයා අද රටේ පවතින ඇඳිරි නීතියත් අනෙක් හැම නීතියකුත් විහිලුවක් බවට පත්ව ඇති බවත් සහල් මිල මෙල්ල කරන්නට ගැසට් නවයක්ම ගැසූ ආණ්ඩුව කැසට් ගහනවා වගේ ගැසට් ගහන බවට විහිලුවකට ලක්ව ඇති බවද සඳහන් කළේය.
එහිදී තවදුරටත් දහස් දැක්වු බුද්ධික පතිරණ මහතා මෙසේද පැවසීය.
“අපි දන්නවා මේ වන විට රටේ ඇඳිරි නීති තත්ත්වයක් තියෙනවා හෙට රට විවෘත කරනවා අපිට අහන්න තියෙන්නෙ රටේ අරින තත්වයක් තියෙනවාද කියලා අරින්න පුළුවන් හැමදේකින්ම ඇරලා ඉවරයි. ඉතා පැහැදිලියි මේ මොහොත වෙන විට ඇඳිරි නීතිය විහිළුවක් බවට පත්වෙලා. එය රජය හිතාමතාම අඳිරි නීතිය විහිළුවක් බවට පත් කළා. එසේ නැත්නම් රජයට ඇදිරි නීතිය විධිමත්ව කළමනාකරණය කරගන්න බැරිවෙලා.
ඒ වගේම මේ ගැසට් හදිසි නීති වාතාවරණය යටතේ එසේ නම් ඇඳිරිනීතිය හදිසි නීතිය තිබෙන අතර මා ඔබේ අවධානයට යොමු කරන්නේ 2019 නොවැම්බර් මාසේ 18 වැනිදා පෙරවර 11.50 අග්‍ර විනිශ්චකාර වරයා ඉදිරියේ දිවුරුම් දෙමින් වර්තමාන ජනාධිපතිතුමා මොකක්ද කිව්වේ. එතුමා කිව්වා මේ රටේ විධායක ජනාධිපතිවරයා මම මාගේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට මා කිසි විටෙකත් පසුබට වෙන්නේ නැහැ මං මගේ රටට ආදරය කරනවා මං මගේ රට ගැන ආඩම්බර වෙනවා මට මගේ රට ගැන දැක්මක් තියෙනවා එහිදී විධායක ජනාධිපතිවරයා විදිහට බලතල පාවිච්චි කරපු ආකාරය ද මේ ඇඳිරි නීතිය තුළ දකින්නේ. අපි දැක්කා මාධ්‍යයට එරෙහිව රහස් පොලිසිය යවනවා උද්ඝෝෂණය කරනකොට යවනවා නම් ඔහුගේ බලතල පාවිච්චි කරලා හැබැයි හාල් සම්බන්ධයෙන් අද ජාතිය අමතන්නේ ඩඩ්ලි සිරිසේන මහත්තයා ඩඩ්ලි සිරිසේන මහත්තයා ගරු රඟපෑම චිත්‍රපට ටෙලි නාට්‍ය වගේ එතුමාට ගරු වෙළෙඳ ඇමැති ධුරයක් නැත්නම් වෙළෙඳ තානාපති ධූරයක් ලබා දුන්නා නම් මේ වැඩ ටික ඩඩ්ලි සිරිසේන මහත්මයා හරහා කරගන්න පුළුවන් .එම නිසා අද මේ වෙන විට පැහැදිලිම ආණ්ඩුව පෙන්වා දී තිබෙනවා හදිසි නීතිය හරි මොන එක දාගත්තත් ආණ්ඩුවට මේ සියල්ල කළමණාකරන බැරි බව .
මේ මොහොත වන විට දෙවැනි වීඩියෝ පටය නිකුත් වෙලා තියෙනවා පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහත්තයා සිදු කරපු සම්මුඛ සාකච්ඡා අතරේ දෙවැනි එක එය ආන්දෝලනාත්මකයි එදා ජනාධිපතිතුමා වැඩ බාර ගන්න දිනයේ කියපු විදියට විධායක ජනාධිපති බලය පාවිච්චි කරනවා නම් රටට ආදරය කරනවා නම් රට ගැන ආඩම්බර වෙලා දැක්මක් තිබෙනවා නම් අපි බලන් ඉන්නවා එතුමා ලංකාවට එනකම්. පාරිභෝගික අධිකාරියේ විධායක අධ්යක්ෂ වෙළඳ ඇමති දෙබෑයෝ කියනවා ඔහු විධායක අධ්යක්ෂවරයෙක් නෙමෙයි කියලා ඔහුට ලබා දුන් හැඳුනුම්පතහි තියෙන්නේ ඔහු විධායක අධ්යක්ෂ කියලා ඔහු ප්‍රකාශ කර තිබෙන දේවල් පිළිබඳව ජනාධිපතිවරයා මොන ආකාරයටද ක්‍රියාත්මක වෙන්නේ හිටපු වෙළඳ වෙළද වරයෙක් විදියට රාජ්‍ය ඇමතිවරයෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක් විදිහට සතොස ට එල්ල වෙලා තිබෙන චෝදනා ටිකට පිළිතුරු සපයන ආකාරය ගැන බලා සිටිනවා.







