නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ අද පෙරවරුවේ නොසන්සුන්තාවයක් ඇතිවී තිබේ.
එන්නත් ලබා ගැනීමට එහි පැමිණ සිටි විශ්ව විද්‍යාල කිහිපයක සිසුන් මොඩර්නා එන්නත ඉල්ලා සිටීම ඊට හේතුවයි.
විශ්ව විද්‍යාල පරිපාලනය විසින් මොඩර්නා එන්නත යුද හමුදා රෝහලේදී ලබාදෙන බවට කළ ලිඛිත දැනුම්දීමක් අනුව එම ස්ථානයට පැමිණි බව සිසුන් පවසා තිබුණි.
එහෙත් එම මධ්‍යස්ථානයේ මොඩර්නා එන්නත ලබා නොදෙන බව හමුදා නිලධාරියෙකු සඳහන් කර ඇත.
මෙම අවස්ථාවේදී හමුදා නිලධාරීන් සිසුන් වෙත පැහැදිලි කරමින් පවසා ඇත්තේ මොඩර්නා එන්නත ලබාදී ඇත්තේ විදේශගත වීම සඳහා ගුවන් ගමන් බලපත්‍ර ලබා තිබූ සිසුන්ට පමණක් බවයි.
එය අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර මෙම උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබේ.







