නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීයවීම හේතුවෙන් දිස්ත්‍රික්ක 11කට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (25) නවතම නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙයි.
නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුරය, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල තද වැසි ඇති වෙතැයි බලාපොරොත්තු වේ.
මෙම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.