දිනසේන රතුගමගේ –
මුලතිව් කොකාවිල් මාර්ගයේ ලඳු කැළෑවක මන්දකට හසු වී සිටි දිවියෙකු වන ජීවී නිලධාරීන් පිරිසක් විසින් 21 දා බේරා ගෙන තිබේ.
පළාතේ දඩයක්කාරයින් විසින් වන සතුන් අල්ලා ගැනීම සඳහා අටවන ලද උගුලක මන්දකට මෙම දිවියා හසු වී සිටි බව වන ජීවී නිලධාරීන් සදහන් කරයි.
මෙසේ මන්දකට හසුව සිටියේ දිවි වර්ගයේ ඉතාම දුර්ලභ ගැහැණු සතෙකු බවද නිලධාරීන් ප්‍රකාශ කළේය.
මන්දට හසු වීම නිසා තුවාල ලබා සිටි දිවියාට ප්‍රතිකාර කළ වන ජීවී නිලධාරීන් විල්පත්තු කැළයට මුදා හැර තිබේ.





