බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විවෘත කිරීමට ආරාධනා කර නෑ… නුවරඑළිය ප්‍රදේශීය සභා සභාපති ජල සැපයුම නවතා රෝහලක් වසයි!

ඉදිකළේ ආසියානු සංවර්ධන බැංකුවේ මිලියන 37ක ණය ආධාර යටතේ... අරමුණ 19000 පිරිසකට සෞඛ්‍ය පහසුකම් සැපයීම...

by editor
සැප්තැම්බර් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ආසියානු සංවර්ධන බැංකුවේ රුපියල් මිලියන 37ක ණය ආධාර යටතේ ඉදි කර පසුගිය 18 දා විවෘත කරන  ලැබූ නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ පාලනය වන   නානුඔය ප්‍රාථමික වෛද්‍ය ඒකකය විවෘත කළ දාට පසු දින   නුවරඑළිය ප්‍රාදේශීය සභාව මගින් ජලය විසන්ධි කිරීම නිසා රෝගී ප්‍රතිකාර කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

මෙය විවෘත කිරීමේ අවස්ථාවට නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ආරාධනා නොකිරීම ජල සම්බන්ධතාව විසන්ධි කිරීමට හේතුවූ බව ප්‍රාථමික වෛද්‍ය ඒකකයේ කාර්ය මණ්ඩල සාමාජිකයෝ පවසති.

විසන්ධි කළ ජල සැපයුම

රෝහල් පරිශ්‍රයේ කැළි කසළ බැහැර නොකරන ලෙස ප්‍රාදේශිය සභාවේ කම්කරුවන්ට සභාපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙන බව  ද ඔවුහු කීහ.

දැනට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය හමුවේ අමාත්‍ය සී.බී රත්නායකට  සහ රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන්ට  පමණක් අදාළ විවෘත කිරීමේ උත්සවයට රෝහල් සංවර්ධන කමිටුව විසින් ආරාධනා කරනු ලැබ තිබේ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

එම අවස්ථාවට පැමිණි රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්   නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට උත්සවය සඳහා ආරාධනා නොකිරීම නිසා රෝහල විවෘත නොකර රෝහල් පරිශ්‍රයෙන් ඉවත්ව ගොස් ඇත.

අනතුරුව අමාත්‍ය සි.බි.රත්නායක  වෙනුවෙන් පැමිණි ඔහුගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී එස්.බි.රත්නායක   විසින් රෝහල ජනතා අයිතියට පත්කර තිබේ.

දන්ත සෞඛ්‍ය ඒකකයක්, බාහිර රෝගි ප්‍රතිකාර ඒකකයක්, වෛද්‍ය රසායනාගාරයක්, හදිසි ප්‍රතිකාර ඒකකයක්, වෛද්‍ය නිල නිවාසක් සමඟ විවේකාගාර දෙකකින් සහ තවත් පහසුකම් ගණනාවකින් නානුඔය ප්‍රාථමික වෛද්‍ය  ඒකකය සමන්විතය.

නානුඔය ප්‍රදේශයේ වතු පහක සහ ගම්මාන තුනක පදිංචි 19000 ක  පමණ පිරිසකට ප්‍රතිකාර ලබා ගැනිමට ඇති ආසන්නතම රෝහල වන්නේ නානුඔය ප්‍රාථමික වෛද්‍ය ඒකකයයි.

රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගින්ට නිරෝධායන උපදෙස් වලට අනුකූලව දෑත් සේදිමට සහ රෝහලේ දෛනික කටයුතු වලට අවශ්‍ය ජල පහසුකම් නොමැති නිසා යලිත් ජල සම්බන්ධතාවය ලබාදෙන තෙක් රෝහලේ ප්‍රතිකාර කිරිමේ කටයුතු තාවකාලිකව නතර කළ බව එහි සේවයේ නියුතු වෛද්‍යවරු පැවසූහ.

රෝහල විවෘත කිරිමේ අවස්ථාවට තමන්ට ආරාධනා නොකිරිම නිසා එම රෝහල වෙත ලබාදී තිබු ජල සම්බන්ධතාවය විසන්ධි කළ බවට කරන ප්‍රකාශය පිළිනොගන්නා බවත් රෝහල ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රථම තම ප්‍රාදේශිය සභාව වෙත ජල ගාස්තු සහ ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් 54708.00 ක මුදලක්   ගෙවීමට ඇති නිසා ජල සම්බන්ධතාවය විසන්ධි කළ බවත් මෙම ගැටලුව සම්බන්ධයෙන් කළ විමසීමකදී  නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ සභාපති වේලු යෝගරාජ්  කීය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රාථමික පාසල් විවෘත කිරීමේ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන ලේකම්වරයාට බාර දෙයි!

Next Post

මහබැංකුවේ විදේශ විනිමය විෂය භාර නියෝජ්‍ය අධිපතිත් ඉවත් කිරීමට සුදානම්

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.