බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මේ.. එජනිසට අළුගසා දමා නැගිටින්න කාලයයි” – මෛත්‍රී

by Lanka Sara Editor
සැප්තැම්බර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජනතා නිදහස් සන්ධානයට යළිත් අළුගසා දමා නැගිටීමට කාලය උදාවී ඇති බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පසුගියදා (15) මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වූ ශ්‍රීලනිප ප්‍රධානීන් සහ සෙසු හවුල්කාර පක්‍ෂ නායකයන් විසින් වැදගත් තීන්දු රැසක්ම ගෙන ඇති අතර එහිදී හෙතෙම මේ බව පවසා තිබේ.

සන්ධානය ශක්තිමත් කිරීමත්, අදට ගැලපෙන අයුරින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අලු‍තින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිර්මාණය කිරීමත් එහිදී සියලු‍ දෙනාගේ කැමැත්ත අනුව තීරණය වී ඇත.

ශ්‍රීලනිප උප සභාපති තිලංග සුමතිපාල මහතා විසින් විධායක කමිටුවට ගෙන ආ රට ගොඩනැංවීම පිණිස සමාජීය, සංස්කෘතික සහ නව ආර්ථික ප්‍රතිපත්තිවලින් සමන්විත නව ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිර්මානය කිරීම පිළිබඳ යෝජනාව විධායක කමිටුවේ සියලු‍ දෙනා විසින්ම ඒකමතිකව පිළිගෙන ඇත.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ශ්‍රීලනිප යෝජනා මෙන්ම සෙසු දේශපාලන පක්‍ෂයන්හි යෝජනාද ඉදිරි සති දෙක ඇතුළත ලබා ගැනීමට තීරණය කර ඇත.

ලොවම වෙලාගත් කොවිඞ් 19 වසංගතය හමුවේ යල්පැනගිය ප්‍රතිපත්ති මත හිඳගෙන රාජ්‍ය පාලනය කිරීම නුසුදුසු බවත්, ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් රට ගොඩනැංවිය හැකි බටහිරට ගැති නොවූ ස්වදේශික ප්‍රතිපත්ති ප්‍රකාශයක් , මහජන මිත්‍රශීලීව නිර්මාණය කිරීමට කාලය එළඹ ඇති බවත්, සහෝදර පක්‍ෂද ඒකරාශී කරගනිමින් ඊට නායකත්වය දියහැකි ජනතා විශ්වාසය දිනාගත හැකි දේශපාලන සන්ධානය “එක්සත් ජනතා නිදහස් සන්ධානය” බවත් එහිදී මේ යෝජනාව ගෙන එමින් තිලංග සුමතිපාල මහතා පවසා ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු ජනාධිපති හා ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ නව ප්‍රතිපත්ති මාලාවත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත්කොළය යටතේ පණ ගන්වා නව මුහුණුවරකින් ගොඩ නැගිය යුතු බවය.

ගෝලීය වසංගත තත්ත්වය හා රට මුහුණ දී තිබෙන බරපතල ආර්ථික අර්බුදය පිළිබඳව මනා අවබෝධයෙන් ඉදිරියේදී දේශපාලන තීන්දු, තීරණ ගත යුතු බවද මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එහිදී පවසා තිබේ. මහජන එක්සත් පෙරමුණේ නායක හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත්තේ සෙසු හවුල්කාර පක්‍ෂවල නායකයන්ගේ යෝජනාද අතිශය වැදගත් වන බැවින්, ඒ සියලු‍ දෙනාද ඉදිරියේදී සම්බන්ධකර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගමන්මග තීරණය කළ යුතු බවය.

මෙම රැස්වීම ආරම්භයේදීම ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ආරුගම් තොණ්ඩමාන්, හිටපු අමාත්‍ය මංගල සමරවීර හා දේශවිමුක්ති ජනතා පක්‍ෂයේ පී.ඇම්. පොඩිඅප්පුහාමි යන මහත්වරුන් සිහිපත් කරමින් රැස්ව සිටි සියලු‍ දෙනාම ශෝකය පළ කිරීමක්ද සිදුකර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ඉරිදා ප්‍රහාරකයාගේ තඹ කම්හල විමල් ආණ්ඩුවට ගන්න යයි

Next Post

ඉගැන්වීම නවත්වන ලෙස ගුරුවරු පිරිසකට මරණ තර්ජන කරලා… තර්ජනය කළොත් වෙන දේ පොලිස් මූලස්ථානය කියයි…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.