අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෘතිම බුද්ධි තහනම් කළයුතු බවට ජගත් මානව හිමිකම් මහකොමසාරිස් කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 16, 2021
in පුවත්
U.N. High Commissioner for Human Rights Chilean Michelle Bachelet speaks during the opening of the 41th session of the Human Rights Council, at the European headquarters of the United Nations in Geneva, Switzerland, Monday, June 24, 2019 (Magali Girardin/Keystone via AP)

U.N. High Commissioner for Human Rights Chilean Michelle Bachelet speaks during the opening of the 41th session of the Human Rights Council, at the European headquarters of the United Nations in Geneva, Switzerland, Monday, June 24, 2019 (Magali Girardin/Keystone via AP)

Share on FacebookShare on Twitter

කෘතිම බුද්ධි සහ ඊට සම්බන්ධ පරිගණක පද්ධති විකිණීම සහ භාවිතා කිරීමට සම්බන්ධයෙන් වහාම තාවකාලික තහනමක් පැනවිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ අවධාරණය කර ඇත.

මේ දිනවල ජනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී කෘතිම බුද්ධි සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපක් කරමින් ඇය මේබව ප්‍රකාශ කර ඇති අතර එහිදී ඇය පෙන්වා දී ඇත්තේ කෘතිම බුද්ධි මගින් බරපතල ලෙස මානව හිමිකම් කඩවීම් සිදුවන බවයි.

ඒ අනුව මානව හිමිකම් ආරක්ෂා කරමින් ක්‍රියාත්මක කළ නොහැක කෘතිම බුද්ධි මගින් ක්‍රියාත්මක වන පරිගණක පද්ධති ජාත්‍යන්තර මානව හිමිකම් නීති වලට අනුකූලව පවත්වාගෙන යාමට නොහැකි බවත් එවැනි පද්ධති වහාම තහනම් කළයුතු බවද ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය ප්‍රකාශ කර තිබේ.

“කෘතිම බුද්ධි මානව ප්‍රජාවගේ යහපත උදෙසා යොදාගැනීමේ හැකියාව පවතිනවා. ඒත් එම තාක්ෂණය මගින් විශාල අවාසි සහ බරපතල ගැටලු නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව මෙම තාක්ෂණය එම අයහපත් දෑ පිළිබඳ සැලකීමකින් තොරව ක්‍රියාත්මක වුවහොත් මානව හිමිකම් විශාල වශයෙන් කඩවීමකට ලක්වෙනවා.” යනුවෙන් බැචලේ සඳහන් කළාය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මානව හිමිකම් කඩවීමේ අවදානම වැඩිවන ඕනෑම අවස්ථාවක එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නීති තද කිරීමට සිදුවන බවත් ඒ අනුව කෘතිම බුද්ධි සම්බන්ධයෙන්ද නීති දැඩි කිරීමේ කාලය එළැඹ ඇති බවද ඇය පේනවා දුන්නාය.

ඒ අනුව රාජ්‍යන් විසින් කෘතිම බුද්ධි මගින් ඇතිවය හැකි අයහපත් බලපෑම් පිළිබඳ නිසි අධ්‍යනයක් සිදුකරන තෙක් ඒවා තාවකාලිකව තහනම් කිරීම වඩා උචිත බවද ඇය සඳහන් කළාය.

කෘතිම බුද්ධ මගින් ක්‍රියාත්මක පරිගණක පද්ධති මේවන විට ලොව සෑම කොනකටම පැතිරගොස් ඇති බවත් එමගින් මිනිසාට භෞතිකව මෙන්ම මානසික වශයෙන්ද බලපෑම් එල්ල කරන බවද කෘතිම බුද්ධ මගින් ජනතාව සපයන පොදු සේවා පිළිබඳව, ඔවුන් රැකියාවකට බඳවා ගැනීම වැනි කරුණු වලටද බලපෑම් එල්ල කරන බවටද ඇය පෙන්වා දුන්නාය.

මේ අතර නවීන ඇගිලි සලකුණු සහ මුහුණ හඳුනා ගැනීම සඳහා භාවිතා කරන තාක්ෂණය මගින් පුද්ගලයින්ගේ පුද්ගලිකත්වය පිළිබඳවද දැඩි ගැටලු නිර්මණය වී ඇති බවත් ඇතැම් විට එම තාක්ෂණය භාවිතා කරමින් පුද්ගලයින් හඳුනා ගැනීම මගින් බරපතල මානව හිමිකම් කඩවීම් සිදුව ඇති බවද ජගත් මානව හිමිකම් මහ කොමසාරිසවරිය සඳහන් කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමතිකමෙන් අස්වුණු ලොහාන් රත්වත්ත ගැන බී.බී.සී. ය කියූ කතාව

Next Post

රටේ විදේශ ණය ඩොලර් බිලියන 47යි… තෙල් ගෑස් ගොඩදැම්මොත් ආදායම ඩොලර් බිලියන 117යි…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.