ජපානයේ පැවති පැරාලිම්පික් තරඟාවලියේ දී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාව රනින් බැබළ වූ දිනේෂ් ප්‍රියන්තට නව නිවසක් ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබා දී තිබේ.
අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරාට මේ බව දැනුම් දී තිබේ.
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියකින් නව නිවසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව දිනේෂ් ප්‍රියන්තට ලබාදෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා විසින් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතාට දැනුම් දී ඇත.
ජපානයේ ටෝකියෝ හි පැවති 2020 පැරාලිම්පික් තරගාවලියේ දී F46 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.79 ක දුරක් හෙල්ලය විසිකරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය.