බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාකච්ඡාවට පෙර විශ්වාසය තහවුරු කරන්න… කාදිනල් හිමියෝ ජී.එල්.ට දන්වති!

by editor
සැප්තැම්බර් 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

විදේශ ඇමතිවරයා සමග තමන් සාකච්ඡාවකට සූදානම් බවත් නමුත් ඊට පෙර පාස්කු විමර්ශනවල විශ්වාසය තහවුරු කර ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්නා ලෙසත්  අති උතුම්  මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත ලිඛිතව දන්වා තිබේ.

අගරදගුරු තුමා මේ බව දන්වා ඇත්තේ උන්වහන්සේ සමග විශේෂ සාකච්ඡාවක් ඉල්ලා විදේශ ඇමති මහාචාර්ය ජි.එල්.පීරිස් උන්වහන්සේගෙන් කළ ඉල්ලීමට පිළිතුරු සපයමිනි.

ගරු කාදිනල් තුමාගේ අදහස ප්‍රකාශ කරමින් මාධ්‍ය වෙත වීඩියෝ පටයක් නිකුත් කරන ගරු සිරිල් ගාමිණි පියතුමා කියා සිටියේ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා  ඉල්ලා සිටින සාකච්ඡාවට හා හමුවට    උන්වහන්සේ විවෘත බවත් නමුත් ඊට පෙර රජය ලෙස කොන්දේසි කීපයක් සම්පූර්ණ කළ යුතු බවත් කාදිනල් තුමා කියා ඇති බවය.

එසේ නොමැතිව උන්වහන්සේ විදේශ ඇමතිවරයා සමග සාකච්ඡාවට ඉදිරිපත්  නොවන බවය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

සිරිල් ගාමිණී පියතුමා මෙසේ සඳහන් කළේය.

“පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව විශ්වාසවන්ත ලෙස සිදුවීමේ වැදගත්කම  අප තුළත් කාදිනල් හිමිපාණන් තුළත්,    කතෝලික ජනතාව තුළත් රටේ ජනතාව තුළත් තියනවා.  ඒ විමර්ශන විශ්වාසනීයත්වයකින් සහ    විනිවිද භාවයෙන් යුතුව සිදුවන බවයට සහතියක් රටට තිබිය යුතුයි.“

“මේ විශ්වාසනීයත්වය ගොඩ නැගිය යුතු නම් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසාන වාර්තාවෙන් ඉදිරිපත් කර තිබෙන විමර්ශන ආරම්භ වීම අවශ්‍යයයි. අවසන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීම අවශ්‍යයයි. එතකොට අප තුළ ඒ ගැන විශ්වාසයක් ගොඩනැගෙනවා.“

“ඒ හැකියාව තියෙන්නෙ රජයට. මෑතක දී මාධ්‍ය ඔස්සේ අපි අහපු ඇතැම් ප්‍රකාශ ඒ විශ්වාසය තහවුරු කරනවාට වඩා පළුදු කළා.    ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා  පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී කියැවුණු කරුණු, පොලිස්පති තුමා කළ ප්‍රකාශ…  මේ ප්‍රකාශවල ඇතැම් කාරණාවලින් විශ්වාසය ගොඩනැගෙනවාට වඩා විශ්වාසය පළුදු වෙලා තියනවා.“

“අන්න ඒ නිසා මේ විශ්වාසය ගොඩනැගීම රජයේ වගකීම. මේ විදිහෙ සාකච්ඡාවක් කිරීමට අවශ්‍ය නම්.

කාදිනල් හිමියන් කියන්නෙ ඒ විශ්වාසය ගොඩනැගුණට පස්සේ මේ සාකච්ඡාව පැවැත්වීමට පුලුවන් බවයි.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියන් අපරාධකරුවෙක් හිරේ සිට චොක්ලට් එවා ජැකොලයිනවත් වටේ යැවූ හැටි

Next Post

ඔක්තොම්බර් මැද වන විට කොවිඩ වසංගතය අවසන්… විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.