බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

කාබනික අභියෝගය හිස් මුදුනෙන් ගත්තු රාජාංගනයේ ගොවි මහත්තයා…

by editor
අගෝස්තු 23, 2021
in ජීවිතය
Share on FacebookShare on Twitter

වසර දෙකක් තිස්සේ කොම්පෝස්ට් පොහොර නිපදවීමේ යෙදෙන , ඒ තුළින් අදවන විට ඉතා යහපත් ආදායම් මාරගයකට හිමිකම් කියන අපූරු ගොවි මහතෙක් ලංකාසරට හමුවිය.

ඔහු යාය 02, වම් ඉවුර , රාජාංගනය පදිංචි , අයි. පී අතුල ප්‍රියන්ත ය. ඔහුගේ ගෙවත්ත දකින ඕනෑම අයෙකුට ඒ පිළිබඳව සොයා බලන්නට සිත්වනු නිසැකය. ලංකාසර මේ සොයා බැලීම කලේ එවන් පසුබිමක සිටය.

ගෙවත්තේ වගා කටයුතු සිදු කිරීමට සිත පහළ වුවද , ඔහුට තිබූ මුදල අග හිඟකම් නිසා ම රසායනික පොහොර සපයා ගැනිම දුෂ්කර වී තිබුණි. ඒ දුෂ්කරතාවයම  පන්නරයක් කොට ගනිමින් , ඉවතලන දෑ භාවිතා කරමින් ඔහු තම ගෙවත්ත සරුසාර කිරීමට ඔහු විසින් ම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය ආරම්භ කර ඇත. අද වන විට ඉන්  ආර්ථිකය ජය ගෙන රටටම ආදර්ශයක් වීමට ඔහුට හැකිව තිබේ.

ඔහු තම කටහඬ අවදි කළේය…….

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

අතුල ප්‍රියන්ත
අතුල ප්‍රියන්ත

“මගේ ගෙවත්තේ කෙසෙල් , කහ, ඉඟුරු , ගස්ලබු ,මඤ්ඤොක්කා වගා කරල තියෙනවා . ඒවට රසායනික පොහොර මිලට ගන්න මුදල් නැති නිසා තමයි මං කොම්පෝස්ට් පොහොර ගෙදරම හදාගත්තෙ. ඒ පොහොරවලින් මගෙ වගාව හිතුවටත් වඩා සරු වුනා…

එදා මට කොම්පෝස්ට් පොහොර කඳු දෙකක් විතර දාගෙන ඒවා කපල හදාගත්ත. ඒත් පොහොර හලාගන්න සල්ලඩයක්වත් මට එදා තිබුනේ නෑ . ඒ හින්ද කෑලි පිටින්ම තමයි වගාවට යෙදුවේ. මගෙ ගෙවත්තේ වගාවට මේ පොහොර හරියටම හරි .

මම අද මහා පරිමාණයෙන් මේ ව්‍යාපාරය කරගෙන යනවා.. මගෙ ළඟ මේ වෙනකොට දිනපතා ම අට දෙනෙක් වැඩ. එක දිනකට මං කම්කරුවන්ට පමණක්  රුපියල් 12000ක් ( දොළොස් දාහක්) වියදම් කරනවා…..

ගොම, කුකුල් පොහොර , ගිනිමානා, ඇල්බීසියා , පිදුරු , ජපන් ජබර, සැල්වීනියා , පිදුරු ,  තමයි කොම්පෝස්ට් පොහොර වලට ගන්නේ. වැව් පොහොර පසුත් ගන්නවා. මේවා වියළි තට්ටුවයි අමු තට්ටුවයි ලෙස තට්ටු අහුරනවා. කෙසෙල් කොටත් තට්ටුවක් ලෙස යොදා ගන්නවා. මේ විදිහට කඳු  හදල .. ඒ කඳු දවස් 21න් 21ට පෙරලනවා. මෙහෙම වාර දෙකක් පෙරලලා තිබුන විදිහට ම වහනවා   ඊට පස්සෙ දිරල පොහොර බවට පත් වෙනවා . මේවා සල්ලඩි කරල තමයි පොහොර විදිහට යොදා ගන්නෙ. දින 21න් ගොඩ කපලා නයිට්‍රජන් දියර විදිහට එකත් කලාම ඉක්මනින් දිරාපත් වෙනවා….

මේ කටයුත්තෙදි මං වැව් පොහොර පස් ට්‍රැක්ටරයක් සඳහා රුපියල් 4000ක්, ගොම පොහොර ට්‍රැක්ටරය ක් සඳහා රුපියල් 8000ක්, ජපන් ජබර , සැල්වීනියා ට්‍රැක්ටරයක් සඳහා රුපියල් 3000ක් , වියදම් කරනවා. වැව් පස්වල විවිධ බීජ වර්ග තියෙන්න පුලුවන් . ඒ බීජ විනාශ වෙන විදිහට ඕන යොදා ගන්න. නැත්තම්  වගාවෙ විවිධ වල් වර්ග පැලවෙන්න පුලුවන්. මේ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් ලක්ෂයකින් කොම්පෝස්ට් පොහොර කිලෝග්‍රෑම් හතළිස් දහසක් ගන්න පුලුවන්. එප්පාවල රෝක් පොස්පේට් මුදලට අරගෙන මං මේ පොහොරවලට මිශ්‍ර කරනවා.

අද වෙන විට ඉල්ලුමට සරිලන්න පොහොර නිපදවාගන්න බැරි තත්වයක මං ඉන්නේ … ඒ තරමට ඉල්ලුම තියෙනවා. පුද්ගලික සමාගම් රුපියල් දහයට දොළහට තමයි පොහොර ඉල්ලන්නෙ …..ඒත් පොහොර කිලෝ එකක් අවම රුපියල් 15ට වැඩි වුනොත් තමයි මට ලාභයක් තියෙන්නෙ ..

මේ පොහොර භාවිතා කරල මං මගෙ ගෙවත්තේ තියෙන කෙසෙල් වලින් සති දෙකකට රුපියල් හැටදහසක ආදාය ක් ලබනවා. සමහරු වැව් පස් ගෙනත් පුත්තලමෙන් ගෙනෙන අලු එකක් එක්ක මිශ්‍ර කරල ත් කොම්පෝස්ට් පොහොර කියල මිනිස්සු රවට්ටනව . ඒවායෙ කිසිම ගුණාත්මක බවක් නෑ ..නමුත් මං කවදාවත් එවැනි වංචා වැඩ කරන්නෙ නෑ …..

රාජාංගනය ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරී තුමා ඇතුළු කෘෂිකර්ම නිලධාරීන් ගෙ උපදෙස් මත තමයි මං මේ ව්‍යාපාරය කරගෙන යන්නෙ.  රටින් කාබනික පොහොර ගෙන්නන්න ඕන නෑ ..රජයෙන් අපිට සහයෝගය දෙනවා නම්…..

යනුවෙන් ඔහු පැවසුවේ අව්‍යාජ සිනහවකින් මුව සරසා ගනිමිනි……

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගර්භණී මවුවරුන්ට විශේෂ එන්නත්  සතියක් හෙට ඇරඹේ…

Next Post

දින 12ක් ඩීසල් නැවක් ප්‍රමාද වුනොත් රටේ බලශක්ති ජනනය ඉවරයි! ජාතික විගණනයකින් හෙළි වෙයි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.