බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බස්නාහිර රෝහල් සියල්ලම පාහේ පිරිලා- රෝහලේ මෙන් පස් ගුනයක් රෝගීන් සමාජයේ !

by Lanka Sara Editor
අගෝස්තු 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වෛද්‍ය සංගමය අනතුරු අඟවයි

කොළඹ ශ්‍රි ලංකා ජාතික රෝහල ඇතුළු බස්නාහිර සියලුම රෝහල් කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් පිරී ඇති තත්ත්වයක් පවතින මේ මොහොතේ සමාජයේ ගැවසෙන කොවිඩ් ආසාදියන් ප්‍රමාණය රෝහල්ගතව සිටින ප්‍රමාණය මෙන් පස් ගුණයක් විය හැකි බවත් රෝගය ව්‍යාප්ත වීම අවම කිරීම සම්බන්ධයෙන් දැඩි වගකීමකින් යුතුව අපට කටයුතු කළ යුතුව ඇති බවත් ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අවධාරණය කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නේ යළිත් ඉතා ශිඝ්‍රයෙන් මේ වනවිට රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් පවතින අතර ඊට බොහෝ විට හේතු වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයේ දායකත්වය විය හැකි බවත් සඳහන් කළාය.

“ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය හැටියට අප මීට දින 10කට පමණ පෙර රටේ රෝගීන්ගේ වැඩිවීමක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟෙවෙවා අදාළ බලධාරීන්ට මේ බව ප්‍රකාශ කළා. නමුත් මේ පනිවිඩය කෙතරම් දුරට ගත්තද කියල අපට විශ්වාසයක් නැත්තේ රටේ ජනතාව පසුගිය දින කිහිපයේදී හැසුරුණු ආකාරය දුටුවාමයි.

මේ වැඩිවන රටාව අනුව ඉතා දරුණුවට යයි කියල පුරෝකථනය කරන්න වෙනවා. මේ ප්‍රමාණය ආවේ ඇල්ෆා ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියේ වේගවත් බව නිසා ඉතා වේගයෙන් රෝගය පැතිරෙන තත්ත්වයක් පවතිනවා. රෝහල් පද්ධතියට දරන්න බැරි තරමට දැනටම රෝගීන් පිරිලා.ඊට අනුකූලව අපි දන්නවා අඩු ආදායම් ලාබී රටක් ලෙස සියලුම අයගේ පී.සී.ආර් කරන්නේ නෑ.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

අපි දැනුවත් වෙන්න ඕන හමුවී සිටින රෝගීන් වගේ පස් ගුණයක්වත් ඉන්න පුළුවන්. බොහෝ රෝගීන් සමාජයේ සිටිය හැකියි. අපි යථාර්ථවාදීව බලල ඊට මෙයට ගොදුරු නොවන්නේ කොහොමද කියල අවධානය යොමුකළ යුතුයි.

ඩෙල්ටා ප්‍රභේදයෙන් වැඩියෙන් රෝගය පැතිරෙන නිසා වැඩි රොගීන් සංකූලතා ඇති රෝගීන් සහ වැඩි මරණ සංඛ්‍යාවක් ඇතිවිය හැකියි. මූලිකවම අවුරුදු එක හමාරක් දෙකක් තිස්සේ කළ දේ කී දේ අමතක වෙලා. දැන් රාජකාරියට කාර්යාලට යනවා.

කාර්යාලවලට ගියාම එකට ආහාර ගැනීම වගේ දේවල්වලින් විශාල වශයෙන් බෝවන්න පුළුවන්. බොහෝ සෙනඟ පිරුණු බස්වලින් නම් බෝ වනවාමයි.

අසාධ්‍ය බවට පත්වීම වැලැක්වීමට එන්නත්කරණය අපි හැමෝම දන්නවා රජය ඉතා වේගයෙන් සිදු කරන එන්නත්කරණය අපි අගය කරනවා. ඒ පිළිබඳව ජනාධිපතිතුමාට කෘතඥ වනවා එන්නත්කරණයට හැමෝම යොමුවීම අත්‍යවශයයි. දෙවන එන්නත අරගෙන ටික දිනක් යනතුරු ආරක්ෂාවක් නෑ. දෙවන එන්නත හැමොම්ම ගිහින් ගන්න ඕන. මේ දිනවල මරණ අඩු කිරීම සහ අසාධ්‍ය වීම අඩුකිරීමට වයස අවුරුදු හැටට වැඩි අය නිධන් ගත රෝග පවතින අය වැඩියෙන් සැලකිමත් විය යුතුයි. විශේෂයෙන්ම මේ අවස්ථාව් සැලකිලිමත් වන්න. ඒ එක්කම ගර්භණී මාතාවන් ගැන කතා කළ යුතුමයි ඒ අයත් සැලකිලිමත් විය යුතුමයි.“ යනුවෙන් පැවසුවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රත්නපුර රෝහලේ හදිසි ආපදා තත්ත්වයක්!

Next Post

යාපනයට ඔක්සිජන් හිඟයක්..  අනුරාධපුරයෙන් දිනකට සිවු වතාවක් ඔක්සිජන්.

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.