බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

භාණ්ඩාගාර ගිණුම දුවන්නෙත් ඕ.ඩී. එකකින්… මාස 16ට ට්‍රිලියනක මුදල් අච්චු ගහලා… රටේ ආර්ථික ව්‍යසනය අනුර පාර්ලිමේන්තුවේ දී කියයි….

මෙහෙම ජාතික දේපල විකුණන්න ආණ්ඩු මොකට ද? මේ ආණ්ඩුවක් නොවෙයි බ්‍රෝකර් සමාගමක්....

by editor
අගෝස්තු 3, 2021
in දේශපාලන
Share on FacebookShare on Twitter

මේ ආණ්ඩුවට මල් පූජා කර වන්දනා කරන්නට ඇති පූජනීය ස්ථානය බියගම මුදල් අච්චුගහන ෆැක්රිය බවත් ආණ්ඩුවේ මුදල් ඉපයීමේ එකම ක්‍රමය මුදල් අච්චු ගැසීම, ණය ගැනීම හා රාජ්‍ය දේපල විකිණීම පමණක් බවත් අනුර කුමාර දිසානායක අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

රට බරපතල ආර්ථික අර්බුදයක වැටී ණය උගුලක සිරවී සිටිද්දී මුදල් උපයන්නට හිතන ප්‍රධාන උපක්‍රමයක් සේ ජාතික දේපල විකිණීමේ කටයුත්ත කරන්නේ නම් නම් ඒ සඳහා ආණ්ඩුවක් අවශ්‍ය නැති බව කී මන්ත්‍රීවරයා බ්‍රොකර් සමාගමක් ප්‍රමාණවත් බව පැවසුවේය.

මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

“රාජ්‍ය ආදායම වේගයෙන් හීන වෙමින් තිබෙනවා. නිශ්පාදනය වේගයෙන් කඩාවැටෙමින් තියනවා. ආනයන අපනයන අතර පරතරය, වේගයෙන් වර්ධනය වෙමින් තියනවා. විශාල ණය අර්බුදයක අපි ගිලිලා තියනවා. “

වර්ෂ 2021 දී රුපියල් බිලියන 1961ක් උපයන්න රජය ඇස්තේම්න්තු කරලා තියනවා.  නමුත් මේ අප්‍රේල් 30 දක්වා උපයා තිබෙන්නේ බිලියන 482යි. ඉදිරි කාර්තු දෙක සීමාව ගැන උපකල්පනය කළොත් රාජ්‍ය ආදායම පවතින්නෙ බිලියන 1500 සීමාවෙ. අප ණය පොලී වාරිකය ගෙවීමට කෝටි 19400ක් ණය විය යුතුව තිබෙනවා. ආණ්ඩුවේ ආදායම ණය පොලී වාරිකය ගෙවාගන්න තරම් වත් ප්‍රමාණවත් නෑ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මේ ආදායම් හීන වීම පහුගිය අවුරුද්දේ ගනු ලැබූ බදු ප්‍රතිසංස්කරණ නිසා සිදුවුණා. එම ප්‍රතිසංස්කරණ රටේ ආර්ථිකයට හෝ ජනතාවට නෙමෙයි සහනය ගෙනාවෙ. ඉතා කුඩා චෞර වළල්ලක් යටතට ඒ බදු සහන ගලාගෙන ගියා. අණ්ඩුවට ලැබිය යුතු බිලියන 600ක් මේ බදු ප්‍රතිසංස්කරණ නිසා නැති වුණා.

ආනයන සීමා දැම්මට පහුගිය මාස 04 තුළ ද්‍රව්‍ය ආනයනය සඳහා ඩොලර් මිලියන 6447ක් වැය වෙලා තියනවා. අපනයන ආදායම ලැබී තිබෙන්නෙ ඩොලර් මිලියන 3800. ඩොලර් මිලියන 2948ක ආනයන අපනයන පරතරයක් තියනවා. ඒ කියන්නෙ අවුරුද්දෙන් තුනෙන් එකක දි වෙළෙඳ ශේෂය දළ වශයෙන් ඩොලර් ඩොලර් බිලියන 3යි. මේ අවුරුද්දෙ අවසන් කාර්තුව ඩොලර් බිලියන 8 -9 අතර වෙළෙඳ ශේෂයක් ඇති වෙන්න ඉඩකඩ තියනව.

රාජ්‍යය ණය උගුලක‍

ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය මීට මාස දාසයකට පෙර ආසන්න වශයෙන් ටිලියන 13යි. බිලියන දහතුන් දසහසයි. නමුත් 2021 අප්‍රේල් වනවිට ට්‍රිලියන 16.3යි. මාස 16ක් තුළ කෝටි තුන්ලක්ෂ තිස් දහසකින් ණය වැඩි වෙලා. ආසන්න වශයෙන් ගත්තොත් එක පුරවැසියෙකුගේ ණය ප්‍රමාණය ලක්ෂ එක හමාරකින් වැඩි වෙලා තියනවා.

මීට අමතරව භාණ්ඩාගාරය ඇප වෙමින් ඇපකර හරහා රාජ්‍ය ආයතනවලින් ගත්තු ණය ප්‍රමාණය ට්‍රිලියන 1.4යි. ඒ කියන්නේ කෝටි එක් ලක්ෂ හතලිස් දාහයි. ආසන්න වශයෙන් රාජ්‍ය ණය ට්‍රිලියන 17.7 දක්වා වර්ධනය වී තිබෙනවා.

මාස 16ට ට්‍රිලියනයක් වටිනා මුදල් අච්චු ගහලා…

තමුන්නාසේලා දේශීය ණය ගෙවා ගන්න පුලුවන් බියගම සල්ලි අච්චු ගහන ෆැක්ටරියට පින්සිද්ධ වෙන්න. ඒ ෆැක්ටරියට උදේ හවස මල් පූජා කරලා හඳුන්කූරු පත්තු කරන්න. 

මේ ආණ්ඩුව මාස 16ක් අතුළත ට්‍රිලියනක මුදල් අච්චු ගහලා තියනවා. ඒ කියන්නෙ කෝටි ලක්ෂයක් මුදල් අච්චු ගහලා තියනවා. එක් දිනයක් ඇතුළත රුපියල් බිලියන 221ක් ඒ කියන්නෙ කෝටි විසි දෙදාස් එකසීයක මුදල් අච්චු ගහලා තියනවා. සල්ලි අච්චු ගහලා දේශීය ණය පියවා ගන්න පුලුවන් වේවි.

ඉතිහාසේ පළමු වරට විදෙස් ණය වැඩි වෙලා

ඒත් ඉතිහාසේ පළමු වතාවට රටේ ණය පංගුවෙන් සියයට 47ක් විදේශ ණය. අප්‍රේල් 31ට විදෙස් ණය පංගුව ඩොලර් බිලියන 35.1ක්. ඉනුත් විශාල ණය පංගුවක් අරන් තියෙන්නෙ ජාත්‍යාන්තර සුවිරි බැඳුම්කර හරහා. විදේශ ණයවලින් සියයට 40ක් අරන් තිබෙන්නේ විදෙස් බැඳුම්කර වලින්. 2007 වෙනකම් අපි එහෙමණය ගත්තේ නෑ. ඒ ණය ගත්තේ විශාල පොලී අනුපාතිකයන්ට.
ඩොලර් බිලියනකය විදෙස් බැඳුම්කරයක් මේ ජූලි මාසෙ 27 වැනිදා අපි ගෙවනු ලැබුවා. ලබන අවුරුද්දේ ජනවාරි තව ඩොලර් මිලියන 500ක් ඒ අවුරුද්දෙම ජූනි මාසෙ 18 තව ඩොලර් බිලියනයක් අපිට ගෙවන්න තියනවා.

ලබන වසරට විදෙස් බැදුම්කර වෙනුවෙන් ණය ගෙවන්න අපට ඩොලර් මිලියන 1500ක් අවශ්‍ය වෙලා තියනවා. දැන් විදෙස් තැන්පතුවල මුදල් කීයක් තියනව ද කියලා මේ පාර්ලිමේන්තුවට කියන්න. මා උපකල්පනය කරනවා ජූලි 28 වනවට ඩොලර් බිලියන 2.5ක් 3ක් අතර පමණයි ඉතිරිව තිබෙන්නේ.

භාණ්ඩාගාර ගිණුම දුවන්නෙ ඕ.ඩී. එකකින්.

භාණ්ඩාගරයෙ ගිණුම දුවන්නෙ බැංකු අයිරාවකින්. ඒ බැංකු අයිරාව අද වනවිට රුපියල් බිලියන 620යි. භාණ්ඩාගාරයේ ගිණුම කෝටි හැට දෙදාහක බැංකු අයිරාවකින් දුවන තත්වයට රට පත් වෙලා තියනවා.

ඉදිරි මාස 04ක කාලයේ දි ඩොලර් බිලියන 1.7ක් අපට ඕන ණය ගෙවන්න. භාණ්ඩ ගෙන්වන්න ඩොලර් බිලියන 03ක් ඕන. ඒ කරුණු දෙක සඳහා පමණක් ඩොලර් බිලියන 4.7ක් පමණක් අවශ්‍යයයි

මුදල් ඇමති කියනවා ඩොලර් මිලියන 250ක් බංගලාදේශය අපට දේවි කියන උපකල්පනයෙන් ඉන්නවා. ඉන්දියාව ඩොලර් මිලියන 400 හුවමාරු ණය මුදලක් ලබා දේවි. ඉන්දියාව අපට එය දෙනවා. ඒත් එය මාස හයක හුවමාරුවක්. අපි අගොස්තුවලදි ගත්තොත් පෙබරවාරි මාසයෙදි එය ගවෙන්න ඕන. ජාත්‍යාන්තර මූළ්‍ය අරමුදලින් .ඩොලර් මිලියන 800ක ණයක් ලැබෙන්න ඉඩක් තියනවා. චීනයෙන් ඩොලර් මිලියන 300ක් ලබාගැනීමේ සැලැස්මක් තමුන්නාන්සේලාට තියනවා. වෙළෙඳපලෙන් ඩොලර් මිලියන 200ක් මහ බැංකුව උපයාගන්නවා කියලා මුදල් ඇමතිවරයා කියනවා. වෙළෙඳපලේ කොහෙද ඩොලර් තියෙන්නෙ. විශාල ඩොලර් හිඟයක් වෙළෙඳපලේ තිබෙද්දි ඔහු මේ කතාව කියන්නෙ. කළුකඩේ අද ඩොලරයේ අගය රුපියල් දෙසීය තිස් පහයි. හතලිහයි. මේ දත්ත කියන්නෙ අපි ණය උගුලක හිරවුණු රාජ්‍යයක් බව.

නමුත් මේ අය මෙවැනි තත්වයක් තිබෙනවා කියලා හිතමින් රට පාලනය කරන්නෙ නෑ.

බිලියන 82ක් පාඩු කළ රාජ්‍ය ආයතන

රාජ්‍ය ආයතන 19ක මුල් මාස හතරෙ පාඩුව බිලියන 82යි. කෝටි 8200යි. ගුරුවරුන්ට පඩි වැඩි කරන්න අවශ්‍ය බිලියන 56යි. මේ රාජ්‍ය ආයතන 19 මාස 04ක පාඩුව බිලියන 82යි. මේ වසර අවසන් වනවිට පාඩුව කෝටි දෙලක්ෂ හතලිස් දහස ඉක්මවනවා. එයාලංකා එක පවරා ගත් දවසේ සිට මේ වනවිට පාඩුව රුපියල් බිලියන 370යි. කෝටි 37700යි. තෙල් සංස්ථාවෙ පළමු මාස හතරෙ පාඩුව බිලියන 45යි. රාජ්‍ය ආයතන රටට බරක් වෙලා. තෙල් සංස්ථාව පාඩු ලබමින් තිබෙද්දි දේශපාලන ලයිස්තුවලින් 100කට වඩා සේවකයො ගත්තා. තෙල් සංස්ථාව විතරක් රාජ්‍ය බැංකු දෙකට ණය රුපියල් බිලියන 670යි.

විල්මාට කළ සැලකීම

මේ තරම් රාජ්‍ය ආදායම අඩු වෙමින් තිබිය දී රුපියල් 28ක් වූ සීනි බද්ද ශත 25ට අඩු කළා. ඒ අඩුකිරිම කළේ මේ එකම මන්ත්‍රීවරයෙක් වෙනුවෙන්වත් රටේ ජනතාව වෙනුවෙන්වත් නෙමෙයි. විල්මා සමාගම වෙනුවෙන්. ඔබේ ආණ්ඩුව කෝටි 1500ක් එක සමාගමකට ගලා යන්න සැලැස්සුවා. කවුරු වෙනුවෙන්ද තමුන්නාන්සෙලා මේක කරන්නෙ.

ඒ අස්සෙ මහා පරිමාණ ඉදිකිරිම් වලට යන්න යනවා. මේ රට කොන්ක්‍රීට් වනාන්තරයක් කලා කියලා ජනතාවගෙ කුසගින්නට උත්තරයක් ලැබෙන්නෙ නෑ. ඒ කොන්ක්‍රීට් වනාන්ත මේ රටට බරක් වෙලා තියනව. ඒ ණය ගෙවාගන්න බැරි ස්ථාන බවට පත් වෙලා තියනවා.

බ්‍රෝකර් සමාගමක් දාගන්න

මුදල් හොයන්න ඔබ අරන් තියෙන්නෙ ක්‍රියාමාර්ග තුනයි. ණය ගැනීම, රාජ්‍ය දේපල විකිණීම හා මුදල් අච්චු ගැසීම.
කෙළවර පිටිය බලාගාරයෙ සියයට 40ක් ඇමරිකානු සමාගමකට පවරා දුන්නා. ගුවන් හමුදා මූලස්ථානය අසල ඉඩම දෙන්න යනවා. බේරේ වැව අසල ඉඩම් විකුණන්න යනවා. රටේ අතිශය පෞරාණික හා ආර්ථික වටිනාකමක් සහිත ගොඩනැගිලි වුනු තැපැල් මූලස්ථානය, ඇතුළු කොළඹ නගරයේ පුරාණ ගොඩනැගිලි සෙලෙන්දිවා හරහා විකුනන්න යනවා. මුදල් රාජ්‍ය ඇමති කබ්‍රාල් බ්‍රොකර්වරයෙක්. ආණ්ඩු හදන්න ඕන නෑ මේවට. බ්‍රෝකර් සමාගමක් දා ගන්න. රාජ්‍ය දේපල විකුණන බ්‍රෝකර් සමාගමක් අප ඉස්සරහා තියනවා.

කරුණාකරලා මේ අවිචාරවත් වැඩපිළිවෙළ නවත්වන්න. ජනතාවට රටේ ඇත්ත කියන්න. වංචාව, දූෂණය හා අසීමිත නාස්තිය වහාම නවත්වලා රට විනයක් සහිත තැනක් කරන්න.


Tags: නවතම
Share69Tweet43
Previous Post

අවසන් සාකච්ඡාවත් අසාර්ථකයි… ගුරුවරු හෙට රථ පෙළපාළියකින් පැමිණ ජනාධිපති ලේකම්කාර්යාලය වටලන සැලසුමක….

Next Post

ඇමති මහින්දානන්දටත් කොවිඩ්

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.