දිනසේන රතුගමගේ –
වවුනියාව මඩුකන්ද වැව් ඉස්මත්තේ තිබී හක්ක පටස් ආහාරයට ගැනීම නිසා මියගිය ඇතින්නකගේ මළ සිරුරක් ඊයේ (28) දා වන ජීවී නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
අවුරුදු පහක් පමණ වයස මෙම ඇතින්න ගොවීන් විසින් අටවන ලද හක්ක පටස් බෝම්බ කෑම නිසා මුඛය තුවාල වී දින කීපයක්ම වැව ආසන්නයේ කැළයේ සිටි බවට වන ජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී තිබේ.
වතුර බීම සදහා වැවට පැමිණි පසුව එම ඇතින්න මියගොස් ඇති අතර උතුරු පළාත් සහකාර වනජීවී අධ්යක්ෂ එන් ගිරිදරන් විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ හක්ක පටස් මුව තුළ පුපුරා යාමෙන් ඇතින්නට ආහාර ගැනිමට නොහැකිව මියගොස් ඇති බවයි.
වවුනියාව වන ජීවී නිලධාරී කාර්යාලයේ නිලධාරීන් මේ පිළිබදව වැඩි දුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.