බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

මරණය දකිමින් ලෝකය සනසන ඇල්ප්ස් කඳු පාමුල රිෂී මාමා

by editor
මැයි 14, 2020
in ජීවිතය
Rishiy Bamat

ඔපෙරා කියන රිෂී මාමා

Share on FacebookShare on Twitter

 

සුනේත්‍රා ඇතුගල්පුර

බොහෝ විට අප වීරයන් ලෙස සලකන්නේ , කිසියම් වූ කාර්ය භාරයක නිරත වූවන් හා අසීරු කාල වලදී මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටි හා කැපවීම් කළ අයයි .ඒ සඳහා උස්, පහත් භේදයක් ජාති, ආගම් භේදයක් හෝ දුප්පත් ,පොහොසත් භේදයක් බලපාන්නේ නැත .
එහි වැදගත්ම අංගය වෙන්නෙ කැපකිරීම්හෝ නැගී සිටීම කිසියම් අභ්‍යන්තරික පෙළඹවීමකින් සිදු කිරීම ය .එහෙත් අතීතයේ එවැනි කැපකිරීම් කලවුන් සියල්ලන් ගැන වර්තමානය හෝ අනාගතය සෑම විටම සවිඥානික වන්නේ නැත
. මේ උත්සාහය අසීරු කාල සීමාවක දී එවැනි උත්සාහයක යෙදී සිටිය පුද්ගල යෙකු අතීතයේ පමණක් ස්ථාන ගත නොකොට වර්තමානයට හඳුන්වා දීම සඳහා වෑයමකි .

මොහු ගේ කතාව චිත්‍රපටියක් නම් එහි පෙළ ගැස්ම අපට පටන් ගැනීමට සිදු වන්නේ ස්විට්සර්ලන්තයේ ඇල්ප් කඳු හරහා නිම්නාද දෙන කට හඬකිනි .ඇතැම් විට ඔහුට නිශ්චිත ප්‍රේක්ෂකයින් පිරිසක් හෝ අසන්නන් පිරිසක් සිටිනු ඇතැයි සෘජුව කිව නොහැකි ය .එහෙත් ඔහු සිය ක්‍රියාව අඛණ්ඩ ව ම වසර හතරකට වැඩි කාලයක් පුරා සිදු කරනු ලබයි .නමුත් ඔහුගේ කට හඬට පෙම් බැඳි පිරිස මෙතෙකැයි කිව නොහැකි ය .ඇතැමුන්ට ඔහු ගේ කටහඬ විඩාව නිවන ආත්මීය ස්පර්ශයක් බඳු ය .
මා මෙතෙක් වේලා වටින් ගොඩින් කියමින් සිටියේ,අප ජීවත් වන ස්විට්සර්ලන්තයේ ග්ලාරුස් හි මෝලීස් ප්‍රදේශයේ ජීවත් වන රිෂී බාමාට් පිළිබඳව ය .ඔහු ගේ වයස අවුරුදු 60 කි .ඔහු පිළිකා රෝගයෙන් පීඩා විඳින්නෙකි ..එහෙත් ගමක් පින වන්නෙකි .
රිෂී බාමාට් යුරෝපයේ සාම්ප්‍රදායික ඔපෙරා ගායනයක් වන යෝඩල්(yodel )විධිමත් ව අධ්‍යයනය කළ අයකු නොවේ .එහෙත් සිය කුඩා කාලයේ සිට දෙමාපියන් සමග කෘෂිකාර්මික කටයුතු වල යෙදී සිටින අතර තුර ඔහු එය තනිව ම පුහුණු වු අයෙකි.වසර ගණනාවක සිට මෝලීස් පළාතේ ඉහල ඇල්ප් කඳු වැටියට දිනපතා උදෑසන ගමන් කරන ඔහු ස්වෙච්ඡාවෙන්ම සිය ගම් වාසීන්ට යෝඩල්ගී හරහා විනෝදාස්වාදය සපයයි .
කොරෝනා වසංගතයේ සමයේ පවා කිසිදු පැකිලීමකින් තොරව එය අඛණ්ඩව පවත්වා ගෙන යාම ඔහුගේ විශේෂත්වයකි .
එහෙත් ඔහු කොරෝනා වසංගතයේ අවදානම ඇති පුද්ගලයෙකි .එක් පසෙකින් ඔහු පිළිකා රෝගීයෙකි.අනෙක් පසෙකින් වයස අවුරුදු 60 කි .තම ජීවිතයට එම රෝගයෙන් කිසියම් අවධානයක් පැවතිය ද දිනපතා උදෑසන දහයේ සිට 10.30 දක්වා යෝඩල් ගැයිම සිදුකර ගෙන යන්නේ එය සිය වගකීමක් කොට සලකමිනි .
කොරෝනා වසංගතය හේතුවෙන් ස්විස්ටර්ලන්තය මාස දෙකකට ආසන්න කාලයක් lockdown කොට තිබේ .බහුතරයක් දෙනා රැඳී සිටින්නේ නිවෙස් වල ය .ඔවුන් සඳහා තමන්ට හැකි පමණින් රසාස්වාදය බෙදා දීම අඛණ්ඩව සිදු කිරීමට රිෂී බාමාට්තීරණය කරන්නේ එය සිය වගකීමක් කොට සලකමිනි .ඔහු ගේ කටහඬ ග්ලාරුස් ගම්මාන කිහිපයක ලොකු කුඩා කාටත් හුරු ය .දිනපතා දුම්රියෙන් ගමන් ගන්නා මගීන්ට ඇසෙන ඔහුගේ කටහඬ ආශ්වාද ජනකය. එමෙන් ම ගම්මාන රැසක ජීවත් වෙන සියලුම දෙනාට ඔහු ආදරණීය චරිතයකි .ඒ යෝඩල් කෙනකු ලෙසය .නමුත් ඔහු ගේ නම අනාගතය නැමති පොතෙහි රැඳෙනු ඇත්තේ අසීරු අවස්ථාවක දී ඡනතාව කුල්මත් කළ නිහඩ විරුවකු ලෙස ය .

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Share69Tweet43
Previous Post

 T Shirts අඳින්නේ දැනගෙන ද..?

Next Post

ලොක්ඩවුන් අතරේ බයිලා රජවරු ගයපු සුපිරිම ගීය

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.