ලලිත් චාමින්ද –
ඉන්ධන මිල වැඩි නොවුනානම් හොඳයි. නමුත් අද තියෙන තත්වයත් සමග ඉන්ධන මිලේ යම්කිසි වැඩිවිමක් විය යුතු බවට අමාත්‍යවරයා හා නිලධාරින් විස්වාස කරනවා යැයි තරුණ හා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගාල්ල කොග්ගල දි පැවසිය.
ඉදිරියේ දී ඉන්ධනමිල අඩුකරන්න පුළුවන් පළමු අවස්ථාවේදිම ඉන්ධන මිල අඩුකිරිමට කටයුතු කරනවා මෙන්ම ජනතාවට සහන ලබාදිමට කටයුතු කරණ බවද ඇමතිවරයා පැවසිය.
කොග්ගල නිදහස්වෙළද කලාපයේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
“පසුගිය වසර එකහමාරක කාලය තුළ අපි ඉන්ධන මිල වැඩිකළේ නැහැ. මෙය කැමැත්තෙන් ගත් තින්දුවක් නෙවෙයි. ගතයුතුම වු තින්දුවක්. ආණ්ඩුවක් කරනවිට අපි කළමනාකරණය කළයුතුයි. මේ කළමනාකරණ කටයුතුවලදි දැඩිතින්දු තිරණ ගන්න ඕන අවස්ථා තියෙනවා. අකමැත්තෙන් වුවත් එම තින්දුව අපි ගතයුතු වෙනවා පසුකාලිනව පසු තැවෙන්නේ නැතිව. රටේ ජාතික ආරක්ෂාව ජාතික ආර්ථිකය හා රටේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා තමයි අපි තීන්දු ගන්නෙ. මේ අවස්ථාවේ දි ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිම සදහා අපිට එම තින්දුව ගන්න වුනා.“