බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2011 ලෝක කුසලානයේ සිදුවූයේ මහින්දානන් ද කියන කතාව ද

by editor
ජූනි 18, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

වර්ෂ 2011 පැවති  ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී තරග පාවාදීමක් නිසැකවම සිදුවූ බවට හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කරන චෝදනාව  හැකි නම්   නම් ගම් ඇතුළු  සාක්ෂි සාධක සහිතව ඉදිරිපත් කරන ලෙස එම අවසන් මහා තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර හා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහෙල ජයවර්ධන අද (18) අභියෝග කළේය.

එසේ අභියෝග කරන්නේ මහින්දානන්ද අලුත්ගමගේ විසින් නිකුත්  කළ ප්‍රකාශයට සිය ට්විටර් ගිණුම හරහා ක්ෂණික ප්‍රතිචාර දක්වමිනි.

අද (18)   හිටපු ක්‍රිඩා අමාත්‍යවරයා ප්‍රසිද්ධ මාධ්‍යය ඔස්සේ පවසා තිබුණේ 2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් අවසන් කරගයේදී ශ්‍රි ලංකාව තරග පාවා දීමක් කළ බවයි.

“ මම වගකීමෙන් කියනවා අපි 2011 ලෝක කුසලානය වික්කා.  රටක් හැටියට මම හෙළි කරන්න කැමති නෑ. අපිට ඉන්දියාවත් එක්ක ගහන්න තිබුණ තරගය දිනන්න තිබුණා. නමුත් මම කියනවා  ඒක පාවාදීමක් කළා කියලා.  මට ඒ පිළිබඳව ඕන නම් විවාදයක්  කරන්න පුළුවන්. මම මේකට  ක්‍රීඩකයන් සම්බන්ධ කරන්නේ නෑ. නමුත් යම් පාර්ශ්වයන් මේකට සම්බන්ධ වෙලා කටයුතු කළා.“ යැයි කළ සඳහනට පැය කිහිපයක් තුළ මෙරට ක්‍රීකට් ක්ෂේත්‍රය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මහෙල ජයවර්ධන

කෙසේ වුවද  මෙය ප්‍රචාරය වී ටික වේලාවකදී තම ට්විටර් ගිණුමට  පණිවිඩයක් එක් කළ මහේල ජයවර්ධන සඳහන් කළේ  ඒ පිළිබඳව සාක්ෂි සාධක පවතින්නේ නම්, නම් ගම් සහිතව  ඒවා ඉදිරිපත් කළ යුතු බවය.

“මැතිවරණය අත ළඟයි. සර්කස් ආයෙත් පටන්ගෙන වගෙයි.“  තවදුරටත් මහෙල කියා තිබිණි.

එම  ලෝක කුසලානය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර  පවසා තිබුණේ මේ බරපතල චෝදනාව සම්බන්ධයෙන් යම් සාක්ෂි පවතින්නේ නම් ඒවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට,  දූෂණ මර්දන ඒකකයට සහ ආරක්ෂක ඒකකයට වහා ඉදිරිපත් කළ යුතු බවය.

2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය පාවා දීම සම්බන්ධව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියන කතාවට සමාන කතාවක් හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග විසින් ද පවසා තිබිණි. ඔහු පැවසුවේ මේ අවසන් මහා තරගයේ කුමක් හෝ අස්වාභාවික දෙයක් සිදු වූ බවය. අර්ජුනගේ  එම ප්‍රකාශයට එරෙහිව ද කුමාර් සංගක්කාර හා මහෙල ජයවර්ධන දැඩි පිළිතුරු ලබා දී තිබිණි.

කුමාර් සංගක්කාර

කෙසේ වෙතත් අවසන් මහා තරගය පාවාදීම සම්බන්ධ සැකයක් සහිත අදහසක් ක්‍රිකට් ලෝලීන්  තුළ ඇති වීමට බලපෑ අභව්‍ය සිද්ධි ගණනාවක් ද විය.  එහි මුල්ම අවස්ථාව ප්‍රදර්ශනය වූයේ අවසන් මහා තරගයට කණ්ඩායම තේරීමේ දී ය.  අවසන් මහා තරගය දක්වා අත්දැකීම් ලබමින් පැමිණි කණ්ඩායමේ අතාර්කික සංශෝධන තුනක් සිදු විය. අවසන් තරගය තෙක් එකම තරගයක්වත් ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් තිදෙනෙක් අවසන් මහා තරගය සඳහා යෙදවූයේය. කණ්ඩායමේ  සංයුතිය පුදුම සහගත ලෙස  අසමතුලිතව පැවතිනි.

ඒ වනවිට ඇන්ජලෝ මැතිවුස් හා මුත්තයියා මුරලිදරන් සිටියේ දැඩි ආබාධ සහිත තත්වයකය.  මුරලි  බෙහෙත් භාවිත කර අදාල අබාධ මැඩගෙන කොර ගසමින් වුවද අවසන් මහා තරගයට එක් විය. එහෙත් බෙහෙත් පාවිච්චියෙන් වැලකුණු බවටත්, තමන්ට ලබා ගතහැකිව තිබූ රක්ෂණ වන්දිය ලබා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකළ බවටත් චෝදනා එල්ල විය.

මැතිව්ස්ගේ  ආබාධය නිසා ඔහුට සහභාගී වන්නට නොහැකි වුවහොත් ක්‍රීඩා කිරීම සඳහා ලංකාවේ මෙතෙක් බිහිවු සුපිරිම තුන් ඉරියවු ක්‍රීඩකයා  වූ චමින්ද වාස් ගෙන්වා තිබිණි. එහෙත් පෙරදා පුහුණුවීම් අතර වාස් සොයා පැමිණි සංගක්කාර පවසා තිබුණේ  මේ කඩුල්ල වාස්ට නොගැලපෙන නිසා ඔහු අවසන් තරගයට ක්‍රීඩා නොකරන බවය. චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සිය හෝ නොඇඳ තරග නරඹන්නෙක් සේ ක්‍රීඩාගාරයට වී තරගය බැලුවේය.

අවසන් මහා තරගයේ තරග විලාශය සම්බන්ධ ගැටලු ඇති වී තිබිණි. එමෙන්ම අවසන් මහා තරගයෙන් අනතුරුව ඇතිවූ විසංවාදය නිසා තේරුම් කමිටු සභාපති අරවින්ද සිල්වා හා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර තනතුරුවලින් ඉල්ලා අස් විය.

ඒ සියල්ල ඕනෑ තරම් සංවාදයට ලක්වුවත් නොවිසඳුණු කරුණුය. එසේ තිබියදී යළිත් මේ මාතෘකාව කරළියට එන්නේ දේශපාලන ප්‍රචාරණ අවශ්‍යතා වෙනුවෙන් බව හිටපු ශ්‍රී ලංකා නායක මෙන්ම අද ලෝක සම්භාවිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ මහෙල ජයවර්ධනගේ අදහසය.

Tags: විශේෂ
Share121Tweet43
Previous Post

බැඳුම්කර වංචාව ගැන මෛත්‍රී-රනිල්ගෙන් ප්‍රකාශ ගන්න- නීතිපති

Next Post

කම්කරුවන්ට ඩොලර් 20,000ක් දෙන කතාව බොරුවක්

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.