බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පාස්කු ප්‍රහාරය මහා කුමන්ත්‍රණයක්! සෑබෑව කාලය විසින් හෙළි කරයි….

නිතිපතිවරයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

by editor
මැයි 17, 2021
in සමාජ
Share on FacebookShare on Twitter
  • ප්‍රහාරය පසුපස කිසිම විදේශ හස්ථයක් ඇතැයි සාක්ෂියක් නෑ

  • මහමොළකරු නවුෆර් මවුලවි කීවාට තවත් සැකකරුවන් ඉන්නවා

  • ඇත්ත කුමන්ත්‍රණය තවම හෙළි වී නෑ…. මරාගෙ මැරෙන බෝම්බකරුවන් කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළ අය පමණයි…

2019 අප්‍රියෙල් 21 වැනිදා එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පසුපස මහා කුමන්ත්‍රණයක් පවතින බව නීතිපති දප්පුල ද ලිවේරා අවධාරණය කරයි.

නිවිස් ෆස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර ඇති නිතිපතිවරයා මෙම ප්‍රහාරය සම්බන්ධව සිදු කරන ලද සියලු පරීක්ෂණ වාර්තා ප්‍රවේශමෙන් අධ්‍යයයනය කොට මෙම කුමන්ත්‍රණය හෙළි කර ගත යුතු බව පවසයි.

එක් එක් කාල වකවානුවල රාජ්‍ය බුද්ධි සේවය විසින් නිකුත් කරන ලද බුදධි වාර්තා, ඉලක්ක, ස්ථාන, ප‍්‍රහාර ක‍්‍රම සහ වෙනත් තොරතුරු ඇතුළත් තොරතුරු එකකු කර බලන කල මෙහි පැහැදිලි කුමන්ත්‍රණයක් පැවති බවට පැහැදිළි සාක්ෂි ඇති බවත් මේ කුමන්ත්‍රණය පිළිබඳව කාලය විසින් සැබැව හෙළිකරනු ඇති බවත් නිතිපතිවරයා තවදුරටත් එම සාකචඡාවේදී ප්‍රකාශ කොට ඇත.

එසේම මේ ප‍්‍රහාර පසුපස විදේශීය හස්තයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව පවසා ඇති නීතිපතිවරයා පවසා ඇත්තේ විදේශ ප‍්‍රචණ්ඩ අන්තවාදී ආගමික දෘෂ්ටිවාදය යම් අවස්ථාවක දී ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති අතර ප‍්‍රහාර සිදුකිරීමේ දී එය ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බවයි. 

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ඔහු එහිදී තවදුරටත් සඳහන් කර ඇත්තේ මහා කුමන්ත්‍රණයට සම්බන්ධ අයගේ අනන්‍යතාවයන් සාක්ෂි හරහා ඉදිරියට පැමිණිය යුතු බවයි.

ත‍්‍රස්ත ප‍්‍රහාර පසුපස ඇති කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මේ වන විට අවධානය යොමු කර ඇති බවත්, ප‍්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි පමණක් නොව ඔහු ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු ඊට සම්බන්ධ බවත් ඔහු පැවසීය.

“මෙය පරිපූර්ණ ලෙස සොයා බැලිය යුතුවන අතර කාලය එය පවසනු ඇති,” යයි ඔහු එහිදී සඳහන් කොට ඇති බව නිව්ස් ෆස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළ අය වන අතර ඔවුන් ජීවතුන් අතර නැත. කෙසේ වුවද මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට සහය දුන් සැලකිය යුතු පිරිසක් රහස් පරීක්ෂකයින් විසින් හඳුනාගෙන ඇති බව නීතිපතිවරයා පැවසීය.

එමෙන්ම මෙම මහා කුමන්ත්‍රණය පිළිබඳ පරීක්ෂණ අවසන් වී ඇති බව තමන් පැවසිය නොහැකි බව පවසන නීතිපති ද ලිවේරා මහතාට අනුව සමහරු ප්‍රහාර සැලසුම් කළ අතර, මහා කුමන්ත්‍රණයේ කොටසක් ලෙස මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට උපදෙස් දුන් බවත් මේ පිළිබඳ සාක්ෂි ඉතා ප්‍රවේශමෙන් සොයා බැලිය යුතු බවත් පවසා ඇත. 

නීතිපති දප්පුල ද ලිවේරා මහතා පැවසුවේ 2019 අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට සම්බන්ධ තවත් බොහෝ සිද්ධීන් පිළිබඳව සොයා බැලිය යුතු බවයි. ඒ අනුව 2019 අප්‍රේල් 16 වන දින නැගෙනහිර පළාතේ (කාතන්කුඩි ) යතුරුපැදි පිපිරීම, මහා කුමන්ත්‍රණය, සයින්දමරුදු ගිනි අවි සටන් සහ පිපිරීම්, ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වූ ආරක්ෂක හා පොලිස් ධූරාවලියේ රාජ්‍ය නිලධාරීන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිමේදී දෙන ලද නිර්දේශ පිළිබඳව තවදුරටත් කරුණු විමර්ශනය කොට අගය වැඩි කිරීමක් කළ යුතු බවට ද හෙතෙම අවධාරණය කොට ඇත.


Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හැදුනුම්පතේ අවසන් අංක සෙවූ පොලිසියට කෝටියක කුඩු තොගයක් හමුවෙයි

Next Post

පාස්කු විමර්ශනවලට විපක්ෂ නායකයා බාධාකරන බව පළවන පුවත් අසත්‍යයි

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.