බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය ලිය වරුණ

ඇසුනත් කට පොපියන යාපනේ කෑම ගෙදරදී හදමු 02

by editor
ජූනි 16, 2020
in ලිය වරුණ
Share on FacebookShare on Twitter

යාපනේ සම්ප්‍රදායික කෑම වට්ටෝරු සම්බන්ධව කතා කරලා කෑම වර්ග දෙකක් හදාගන්න හැටි පසුගිය ලිපියෙ කියලා දුන්නා.  මේ තියෙන්නෙ ගෙදර දි අත්හදා බලන්න පුලුවන් තවත් ඒ වගේ කෑම වර්ග 7 ක්. ආහාර කියන්නෙ සංස්කෘතියක්.  අපිට සමීප වෙනත් සමූහයකගේ  ආහාර රස විඳිනවා කියන්නෙම ඒ සංස්කෘතියෙ ලස්සන හඳුනා ගැනීමක්. යාපනයේ කෑම වර්ග රස බලන ගමන් ඒ අයගේ සංස්කෘතික විචිත්‍රත්වයත් විඳිමු….

3. වෙන්ඩික්කයි කුලම්බු

එහෙම කිව්වාහම ‍මොකද්ද ‍මේ කෑම ජාතිය කියලා කට්ටිය දැන් බලයි. කලබල ‍වෙන්න එපා. ‍මේ හදන්නේ බණ්ඩක්කා කරියක්. ‍‍දෙමළ බසින් වෙන්ඩික්කායි කියන්නේ බණ්ඩක්කා වලට තමයි. එත‍කොට කුලම්බූ කිය‍න්නේ ‍හොද්දට එ‍හෙම නැත්නම් කරියට එ‍හෙමත් නැත්නම් ව්‍යංජනයට… දැන් ප්‍රශ්‍‍නේ හරි‍නේ..එ‍හෙනම් හඳන්න පටන් ගමු.

අවශ්‍ය ‍වෙන්නේ –

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

තරමක් පොඩියට කපා ගත් බණ්ඩක්කා කරල් දහයක් විතර
චොප් කරගත්තු තක්කාලි ගෙඩියක්
කපා ගත් ළූණු ‍ගෙඩියක්
අමුමිරිස් තුන හතරක්
‍පෙති කපා ගත් සුදුළූණු ‍බික් තුනක්
කරපිංචා ‍කොල හයක් විතර
සූදුරු තේ හැඳි 1/4
උළුහාල් තේ හැඳි 1/4
‍පොල් ‍තෙල්
අබ ඇට තේ හැඳි 1/4
තල තෙල් තේ හැඳි 1/2
සියඹලා ඇට තුනක විතර ඉස්ම උකුවට
සීනි තේ හැඳි භාගයක්
අමු තුනපහේ තේ හැඳි භාගයක් (පුරවල)
මිරිස්කුඩු තේ හැඳි භාගයක් (පුරවල)
ලුණු
මිටි කිරි ‍කෝප්ප 1/4ක් විතර

බණ්ඩක්කා ටික ‍කොල පාට හිටින්න ගැඹුරු තෙලේ බැදගන්න. ඊට පස්‍‍සේ භාජ‍නේකට ‍පොල් ‍තෙල් ටිකක් දාලා ඒකටම තල තෙල් කලවම් කරල රත්වෙන්න තියන්න. ‍තෙල් ටික රත් ‍වෙන ‍කොට ඊට අබ, සූදුරු, උළුහාල් එකතු කරන්න.  ඒ ටික  දීගෙන එද්දි බණ්ඩක්කා, මිටිකිරි හැර අනිත් කලමණා ටික එකතු කරන්න ඕ‍නේ.හොඳට කලවම් කරලා ‍තෙම්පරාදු වෙනකොට පොල්කිරි එකතු කරගන්න.ඒ කිරි ටිකත් උතුරන කොට බණ්ඩක්ක ටික දාල කලවම් කර අඩු ගින්දරේ තරමක් හි‍‍‍‍දෙන කල් පිස ගන්න.

 4. ආලු පරාටා

පරාටා කිය‍න්‍‍නේ සමහරුන්ට නම් ජාතික කෑමක්. ඒ නිසා ‍මේ කියන පරාටාවල රසත් දැනටමත් බලලා ඇති. එ‍හෙනම් ඒ රස මතක් කර‍ගෙන අද හදන හැටි ඉ‍ගෙන ගන්න‍කෝ..

හදා ගන්න ‍මේ කළමණා ටික ඕනේ-

පරාටා එකට

පිටි කප් ‍දෙකයි
තෙල් මේස හැන්දයි
ලුණු
බේකින් පව්ඩර් තේ හැඳි බාගයක්
වතුර ස්වල්පයක්

පිරවුමට –

තම්බා පොඩි කරගත් අල
‍පොඩියට කපාගත් ළූණු
තලා ගත් ඉඟුරු
තලා ගත් සුදු ළූණු බික් ‍දෙකක්
අබ
සූදුරු
කහ
ගරම් මසාලා
මිරිස් කුඩු
හීනියට ලියා ගත් කොත්තමල්ලි කොළ
ලුණු ටිකක්

පරාටා එකහදා ගන්න කියපු කලමණා ටික එක භාජ‍නේකට දාලා වතුර ටික ටික එකතු කර‍ගෙන අතේ නොඇලෙන පදමට අනා ගන්න. ‍බෝල 4ක් විතර හදා ගන්න පුළුවන්. ඒ පිටි ‍බෝල වලට තෙල් චුට්ටක් ගාලා පැය දෙක තුනක් තියා ගන්න ‍වෙනවා.

දැන් ගි‍තෙල් ටිකක් භාජ‍නේකට දාලා යාන්තම් රත් ‍වේ‍ගෙන එද්දි ඉඟුරු, සුදු ළූණු, අබ, සූදුරු, කහ, ගරම් මසාල, මිරිස් කුඩු, රස අනුව ලුණු එකතු කර ගන්න. ඒකටම ලූණු ටිකත් දාලා හොඳට තෙම්පරාදු කර ගන්න. ‍තෙම්පරාදු වුණාට පස්‍‍සේ ඒ මිශ්‍රණයටම අල සහ කොත්තමල්ලි කොළ ටිකක් දලා කලවම් කරන්න ඕ‍නේ.

ඔන්න දැන් පැත්තකින් තියා ගත්තු පිටි ‍බෝල ටික අරන් අතින් චුට්ටක් තලලා අර අල මසාල එකෙන් පොඩ්ඩක් මැදට තියල හොඳට වහගන්න.  ලෑල්ලක් උඩ ගී ටිකක් තවර‍ගෙන පරාටා එක රෝලින් පින් එකකින් තුනී කරගන්න. දැන් තැටියක දාලා පුච්ච ගන්න තමයි ති‍යෙන්‍‍නේ.

 5.  කඩල ව්‍යංජන

අ‍පෝ ‍මේ අපි කවුරුත් දන්න කෑමක් ‍නේ හි‍තෙන්න පුළුවන්…‍පොඩ්ඩක් පල්‍ලෙහාට ගිහින් වට්‍ටෝරුව බලන්න‍‍කෝ..එත‍කොට ‍තේ‍රෙයි ඔයාලා හදන කඩල කරියට වඩා ‍මේක ටිකක් ‍වෙනස් කියලා…‍මේ ව්‍යංජනය දකුණු ඉන්දියා‍වෙන් ආවා කියලයි කියන්නේ… ‍

අවශ්‍ය  ‍වෙන්නේ :

තම්බා ගත් කඩල කෝප්ප ‍දෙකක්
කුඩාවට කපා ගත් තක්කාලි ගෙඩියක්
ලියා ගත් රතු ළූණු ගෙඩි පහක්
තලා ගත් සුදු ළූණු බික් ‍දෙකක්
ඇලයට කපාගත් අමුමිරිස් කරල් ‍දෙකක්
අමු තුනපහ තේ හැන්ඳක්
ගරාම් මසාලා කුඩු ‍තේ හැඳි භාගයක්
කහ කුඩු තේ හැඳි භාගයක්
අබ තේ හැන්ඳක්
උලුහාල් ස්වල්පයක්
කුරුඳු පොතු කැබැල්ලක්
මිටි කිරි සහ දිය  කිරි  කෝප්පයක්  බැගින්
රම්පේ සහ කරපිංචා
තෙල්
රස අනුව ලුණු

මැටි හට්ටියකට ‍තෙල් ටිකක් දාලා රත් වෙද්දී අබ , සුදු  ළූණු, රතු ළූණු, රම්පෙ හා කරපිංචා දමා බැදෙන්න හරින්න. බැදුණට පස්‍‍සේ ඒ ටි‍කේ ‍‍තෙල් ‍බේර ‍ගෙන වෙනම භාජනයකට දමා ගන්න ඕ‍නේ. කඩල දිය කිරි සහ ඉතිරි  කලමණා ටික එකතු කරලා ලිප තියන්න. දිය කිරි හිඳීගෙන එද්දි මිටි කිරි එකතු කර ගන්න. කරිය උතුරද්දි කලින් සකස් කරගත් තෙම්පරාදුව එකතු කර මිශ්‍ර කර ගන්න. දැන් හදලා ඉවරයි. යෝගට් මේස හැන්දක් හරි පොඩි කරපු කඩල මේස හැන්දක් හරි එකතු ක‍ළොත් වඩා උකු කර ගන්න පුළුවන්. චපාති පරාටා, ‍තෝ‍සේ පූරි ව‍ගේ ඕනෑම කෑමක් එක්ක උණු උණු‍වෙම කනවනම් පංකාදු පහයි!

6. ලෙමන් රයිස්

යාප‍නේ ව‍ගේම දකුණු ඉන්දියානුවන් අතරත් ජනප්‍රිය බත්වර්ගයක්. දුර ගමන් යන‍කොට ‍මේ බත් වර්ගය තමයි ඉන්දියානුවන් හදා‍ගෙන යන්‍‍නේ… ඒ ඇයි දන්නවද ‍ලෙමන් ‍මිශ්‍ර කරපු බත් සමාන්‍යය බතකට වඩා කාලයක් නරක් ‍නොවී තියගන්න පුළුවන්ලු..

අවශ්‍ය කරන්නේ –

පොල් තෙල් ස්වල්පයක්
උළුඳු ඇට තේ හැඳි භාගයක්
කඩල පරිප්පු මේස හැන්ඳක්
අබ තේ හැන්ඳක්
තලාගත් ඉඟුරු තේ හැඳි ‍දෙකක්
කරපිංචා ඉත්තක්
වියළි මිරිස් කරල් තුනක්
රට කජු මේස හැඳි ‍දෙකක්
කහ කුඩු තේ හැඳි ‍දෙකක්
පිසගත් බාස්මති සහල් කෝප්ප තුනක්
ලෙමන් යුෂ තේ හැඳි ‍දෙකක්
ලුණු අවශ්‍ය පමණට
කොත්තමල්ලි කොළ ස්වල්පයක් ( අත්‍යවශ්‍යම නෑ)

පෑන් එකක් ලිප තබා ඊට පොල් තෙල් එක් කරන්න. තෙල් රත් වූ පසු උළුඳු ඇට , කඩල පරිප්පු ,අබ , තලාගත් ඉඟුරු, කරපිංචා එක් කර මිනිත්තු 2ක් පමණ බැදෙන්න ‍දෙන්න. ඊට පස්‍සේ කරන්න ති‍යෙන්‍‍නේ වියළි මිරිස් ,රට කජු, කහ කුඩු සහ පිසගත් බාස්මති සහල් ටිකත් ඒකටම කලවම් කරන එකයි. දැන් ලෙමන් යුෂ සහ ලුණු එක් කර නැවත හොඳින් කලවම් කරන්න. බත් එක අපි හදලා ඉවරයි.  අර අත්‍යවශ්‍යම නෑ කියපු ‍කොත්තමල්ලි ‍කොල ටික අවශ්‍ය නම් බතට උඩින් දාලා පිළිගන්වන්න පුළුවන්.

7. Jaffna චිකන් කුලාම්බු (කරිය)

යාපනේ උදවිය ජයට ම කන කරියක් තමයි මේක. දැන් ‍ලෙමන් රයිසුත් හදපු එ‍කේ ‍මේකත් හදා ගත්ත නම් තුන් ‍වේලටම වුණත් කන්න පුළුවන්.

ඕන කරන්නේ –

තරමක ‍ලොකු කෑලිවලට කපා ගත් චිකන් කිලෝ එකහාමාරක්
කෑලිවලට කපා ගත් අල ග්‍රෑම් පන්සීයක්
ලූණු ග්‍රෑම් සීයක්
දිගැටියට කපා ගත් අමු මිරිස් කරල් හතරක්
කරපිංචා ඉත්තක්
රම්පෙ ‍පොඩි කෑල්ලක්
සේර ‍පොඩි කෑල්ලක්
‍පොල් කිරි ‍කෝප්ප හතරක්
යාප‍නේ කරි පවුඩර් ටිකක් ගන්න පුළුවන් නම් ‍හොඳයි
සුවඳ කුඩු ටිකක් (ගරම් මසාලා වගේ මික්ස්චර් එකක්)
‍තෙල් ස්වල්පයක්

මැටි හට්ටියකට ‍තෙල් ටිකක් දාලා අමු මිරිස්, කරපිංචා, රම්පෙ, සේර එකතු කරලා බැදගන්න. ඒකටම ලූණු පෙති ටික දාලා රන්වන් පාට වේගෙන එද්දී,  අල ටිකයි, චිකන් ටිකයි එකතු කරන්න. විනාඩි පහක් විතර පිසගන්න. ඊට පස්‍‍සේ කරන්න තියෙන්නේ පොල් කිරි එකතු කරන එක. ඒ එක්කම යාපනේ කරි පව්ඩර් තේ හැන්දක් වගේ මේ කරියට දාගත්ත ම හොඳට ම ඇති. පොල්කිරි සහ කරි පව්ඩර් එකතු කළාට පස්සේ, හොද්ද උකු වෙනකල්  මද ගින්නේ පි‍සෙන්න ඕනේ. සුවඳ කුඩු ටිකකුත් එකතු කළහම රස වගේ ම සුවඳත් වැඩියි. තවත් විනාඩියක් විතර පිසගෙන ලිපෙන් බාගන්න. ඒ ගමන්ම දෙහි බෑයකුත් මිරිකලා ගන්න‍කෝ..

 8. පුලි ආනම් – සියඹලා ‍හොද්ද

අකු‍ණේ අයට කිරි ‍හොදි ව‍ගේ තමයි අතු‍රේ අයට පුලි ආනම් කිව්වම. ආනම් කියන්‍‍නෙත් ව්‍යංජනවලට තමයි…හැබැයි ‍මේක ආනම් එකක් වුණාට ටිකක් රසම් හා සුප් වර්ගවලට කිට්ටු‍වෙන් යන ව්‍යංජනයක්..

අවශ්‍ය ද්‍රව්‍ය –

කොත්තමල්ලි මේස හැඳි ‍දෙකක්
ගම්මිරිස් ඇට මේස හැන්ඳක්
සූදුරු ටිකක්
කළුදුරු ටිකක්
කරපිංචා ඉත්තක්
රතුළූණු ගෙඩි තුනක්
සුදුළූණු බික් තුනක්
ඉඟුරු තේ හැන්ඳක්
සියඹලා ඉස්ම ‍මේස හැඳි ‍දෙකක්
උළුහාල් තේ හැඳි භාගයක්
අබ තේ හැන්ඳක්
දියකිරි කෝප්පයක්

මුලින් කොත්තමල්ලි ටික කබ‍ලේ බැද ‍ගෙන ඊට පස්‍සේ ගම්මිරිස්, කරපිංචා, සූදුරු හා කළුදුරු ද කබ‍ලේ බැදන් කුඩු කරගන්න. රතුළූණු හා සුදුළූණු වංගෙඩියට දාලා කොටා ගන්න. මේ ඔක්කොම මැටි හට්ටියකට එකතු කරලා සියඹලා ඉස්ම එකතු කරන්න. පෑන් එකකට තෙල් දා ‍ගෙන රත්වෙනකොට උළුහාල් හා අබ තෙම්පරාදු කරගන්න. දැන් අර මිශ්‍රණයට එකතු කරන් ඒක ලිපේ තියලා දියකිරි ටික එකතු කරලා හොඳට හැඳි ගාගන්න.

 9. සුරා වරායි

සුරා කියන්නේ ‍මෝර මාලුවට. ‍‍මේක නම් Jaffna specialමාළු කරියක්.

කළමණා-

කෑලි කපා තම්බා ගත් ‍මෝර මාළු ග්‍රෑම් ‍දෙසීය පනහක්
ලුණු කුඩු ස්වල්පයක්
ගම්මිරිස් කුඩු තේ හැන්දක්
කහ කුඩු ‍තේ හැඳි බාගයක්
තල තෙල් තේ හැඳි දෙකක්
කෑලි කපපු ලූණු ගෙඩියක්
අමු මිරිස් කරලක්
වියලි මිරිස් කරල් දෙකක්
කරපිංචා
අබ තේ හැඳි බාගයක්
මාදුරු තේ හැන්දක්
සිහින්ව ගා ගත් පොල් කුඩු මේස හැඳි දෙකක්

තම්බපු මාලූ කෑලි ටික අතින් ‍පොඩි කර ‍ගෙන ඒකට ලුණු, ගම්මිරිස් සහ කහ කුඩු එකතු කරගන්න. තල තෙල් ටික භාජනයකට දාලා රත් ‍වෙද්දි ලූණු, අමු මිරිස්, වියලි මිරිස් සහ කරපිංචා එකතු කර ගන්න. ඒ ගමන් ම අබ සහ මාදුරු එක්කාසු කරන්න. ලූණු රන්වන් පාට වේගෙන එද්දී මාළු ටික ඒකට මිශ්‍ර කරගන්න ඕ‍නේ. මාළු හොඳින් පිසුණාට පස්සේ මතක ඇතුව අර ගාගත්තු පොල් කුඩු එකතු කරන්න. කලවම් කරන ගමන් තවත් මිනිත්තු කීපයක් පිසගන්න.

10. තග්ගිලි

‍තත්ගුලි කියලා සිංහල කෑමකුත් ති‍යෙනවලු. ‍යාප‍නේ තග්ගිලි හදන්‍‍නේ ‍නම් ‍මො‍‍හෙමයි..

අවශ්‍ය ‍වෙන්නේ –

පාන්පිටි ග්‍රෑම් ‍දෙසීයක්
ගාගත් පොල් කෝප්පයක්
‍පොඩියට කපා ගත් කැරට් ‍ගෙඩියක්
‍පොඩියට කපා ගත් බෝංචි කරල් හතර පහක්
‍පොඩියට කපා ගත් වට්ටක්කා කැබැලි පහක් විතර
‍පොඩියට කපා ගත් අල ‍ගෙඩියක්
හීනියට ලියා ගත් ගෝවා කෑල්ලක්
හීනියට ලියා ගත් දඹල කරල් ‍දෙකක්
පරිප්පු මිටක්
ලියාගත් බී ළූණු ගෙඩියක්
ලියාගත් සුදුළූණු බික් හතර පහක්
අමුමිරිස් කරල් කිහිපයක්
පොල්කිරි (දියකිරි හා මිටිකිරි වෙනම කෝප්පයක් බැගින්)
ලුණු
කරපිංචා
රම්පෙ
මිරිස්කුඩු තේ හැඳි භාගයක්
තුනපහකුඩු තේ හැඳි භාගයක්
වතුර ටිකක්

පාන්පිටිවලට ගාගත්තු පොල් හා ලුණු කලවම් කර ‍ගෙන වතුර ටික ටික දාලා ‍‍රොටියක් හදන පදමට පොඩි බෝල හදාගන්න. ඒ හදා ගත්තු ‍බෝල ටික පැත්තකින් ති‍යලා
භාජනයකට කපා ගත්තු එලවළු, පරිප්පු, ළූණු, සුදුළූණු, රම්පේ, කරපිංචා, මිරිස්කුඩු, තුනපහ කුඩු ටික දා ‍‍ගෙන දිය කිරෙන් ලිපේ තියන්න. රස අනුව ලුණු එකතු කරගන්න අමතක කරන්න එපා. දැන් ‍මේ කරිය උතුරගෙන එද්දිම හදාගත්තු පිටි බෝල ටික දාලා තැම්බෙන්න තියන්න. බෝල ටික හොඳටම තැම්බුණාට පස්‍‍සේ තමයි මිටිකිරි දාලා උකුකර ගන්න ඕනේ.

Tags: නවතම
Share268Tweet43
Previous Post

ජනපතිගේ අනතුරු ඇඟවීමෙන් රාජ්‍ය බැංකු ලොක්කෝ කැලඹෙති

Next Post

ආවා කල්ලි නායකයාගේ උපන් දින සාදයට පොලිසිය පනී

Related Posts

ලිය වරුණ

අමාරු කාලෙට අපූරු කෑම… කෙහෙල්බඩ වලින් සියඹලා වලින් ඖෂධීය කෑම හදමු…

ජූනි 13, 2022
අරුණි විජේවර්ධන
පුවත්

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

මැයි 23, 2022
Apsari Thilakarathna
ලිය වරුණ

ජීවිතය ඉගෙන ගන්න දෙන්න.. දරුවන්ට සියල්ල ලබා දීම සෙනෙහස නොවේ…

දෙසැම්බර් 3, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.