බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අසල්වැසියන් කෑ ගහන සද්දෙට දුවගෙන යද්දි තුන්දෙනාම ලේ විලක…

සරුංගල් යවන්නට ගොස් ඇදවැටී මිය ගිය තිදෙනාගේ මරණ පරීක්ෂණය...

by editor
මැයි 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

“මිනිස්සු කැගහන ශබ්දයට මාත් බලන්න ගියා. මහත්තයා දරුවා හා මහත්තයාගේ මිතුරා බිම වැටි හිටියා. තිදෙනාගේ හිස්වලට තුවාල වි තිබුණා. ලේ ගලමින් තිබුණා.. “ යැයි සරුංගල් ඇරීමට ගොස්  ඉදිකරගෙන යමින් පවතින ගොඩනැගිල්ලකින් ඇද වැටිමෙන් මියගිය තිදෙනාගේ මරණ පරික්ෂණයේ දි සාක්ෂි දෙමින්  කන්දයියා වසන්ති කුමාරි (35) නැමැත්තිය   පැවසුවාය.

ඉදිකරගෙන  යමින් පවතින  තෙමහල් ගොඩනැගිල්ලක  සෝපානය සඳහා වෙන්කොට ඇති  තට්ටුව මත සේවිලි තහඩුවක් අතුරා තිබි ඇති අතර එම තහඩුව කඩාගෙන බිමට වැටිමෙන් මොවුන් තිදෙනා බරපතල තුවාල ලබා  කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කරණ විටත් මිය ගොස් තිබුණි. 

මෙම අනතුරෙන්  මිය ගොස් ඇත්තේ ගාල්ල මකුළුව ප්‍රදේශයේ පදිංචිව සිටි පිය පුතු දෙපලක්  වන සෙල්වරාජා ජගදිස්වරාන් (41) ජගදිස්වරන් සදෙස්  (05) සහ ඉලේපෙරුම රංග අශෝක (43) නැමති  දෙදරුපියෙකි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මොවුන් තිදෙනාගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසිමරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න   විසින් ඊයේ (15) පස්වරුවේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබිය. එහිදි සාක්ෂිකාරිය සාක්ෂි දෙමින් මෙසේද කිවාය.

“මිය ගොස් ඇත්තේ මගේ සැමියා හා පුතා. අපි විවාහ වෙලා වසර 08ක් වෙනවා. අපිට දරුවන් දෙදෙනෙකු ඉන්නවා. මියගිය පුතාට  අවුරුදු 05ක් වෙනවා. දුවගේ වයස අවුරුදු 08යි. ඇය ගාල්ල ශ්‍රි හෘදය කන්‍යාරාමයේ ඉගෙනුම ලබනවා. මහත්තයා ස්වර්ණාභරණ වැඩ කළා. අපි පසුගිය 14 වැනි දින  නිවසට වෙලා හිටියා.  එදින පස්වරු 4.00 විතර  මහත්තයා  පුතා  සමග සරුංගල් අරින්න අසල්වැසි ගෙදරකට යන බව කියා ගියා. මම ගෙදර හිටියා. අසල්වැසි නිවසක වහලයකට නැගලා ඉන්නා අතරේ සේවිලි තහඩුව කඩාගෙන  මේ අය පහතට වැටිලා තියෙනවා. මිනිස්සු කෑ ගහන ශබ්දයට මාත් බලන්න ගියා. මහත්තයා දරුවා හා මහත්තයාගේ මිතුරා බිම වැටි හිටියා. තිදෙනාගේ හිස්වලට තුවාල වි තිබුනා ලේගලමින් තිබුනා. තුන් දෙනාම එකට වැටිලා හිටියා. දරුවාගේ නාසයටද තුවාල වි තිබුනා. තුන්දෙනාම කරාපිටිය රෝහලට  රැගෙන ගියා. පසුව දැන ගත්තා තිදෙනාම මියගිය බව.  

මියගිය ඉලේපෙරුම රංග අශෝකගේ බිරිදවන  සමරවික්‍රම ආරච්චිගේ අමාලි සේවිවන්දි  (29)  සාක්ෂිදෙමින් මෙසේ කිවාය.

“මියගොස් ඇත්තේ මගේ  ස්වාමි පුරුෂයා . අපි විවාහවෙලා වසර 09ක් වෙනවා. අපිට දරුවන් දෙදෙනෙකු ඉන්නවා.  පුතා පාසල් යනවා. දුව පෙර පාසල් යනවා. මහත්තයා ව්‍යාපාර කටයුතු කරනවා. මා පුද්ගලික රෝහලක සේවය කරණවා. මා නයිට් කරලා ගෙදර ආවා. මහත්තයා මට කෑම කන්න කිවා. මහන්සි නිසා මම ඇඳට ගියා. අසල්වැසි ගෙදරකට සරුංගල් අරින්න යන බව කියා මහත්තයා ගියා. මට නින්දට ගියා. මහත්තයා නැවත ගෙදර ඇවිත් කෑම කාලා ගිහින් තියෙනවා. පුතාත් ගිහින් තිබුනා.“  

“අසල්වැසි නිවසේ අයෙකුද එහි ඉදලා තියෙනවා. ඉදිකරගෙන යන නිවසේ  ඉහල මාලයේ  ස්ලැබ් එක ළග   පඩිපෙළ  ළග පොඩි වහලයක් තියෙනවා… මේ අය වහලයට නැගලා තියෙනවා. පුතා වෙනම ඉඳලා තියෙනවා. තාත්තා වැටිලා කියා පුතා ඇවිත් මට  කිවා. මම එතනට දිව ගියා. අසල්වැසි අයද රැස්වුනා. මහත්යාගේ හිසට තුවාල වෙලා තිබුණා. මහත්තයා ඇතුළු අනික් දෙදෙනා රෝහලට රැගෙන ගියා. මියගොස් ඇති බව පසුවදැනගත්තා.“

පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර විසින් සිදුකළ  අතර සාක්ෂි මෙහෙයවිම ගාල්ල පොලිසියේ පොලිස් සැරයන් 27747 විදුර විසින් කරනු ලැබිය. 

ඉදිරිපත් වු  සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා  මියගිය තිදෙනාගේ මොළයට හා හිස්කබලට වු තුවාල නිසා මරණය වි ඇති බවට තින්දු කළේය. 

රෝහලේ දි කළ පි.සි.ආර් පරික්ෂණවලින් ඔවුන්ට  කොරෝනා ආසාදිතව නැති බව තහවුරු විය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විද්‍යා දැරිය මරා දමා වසර හයක්… සොහොන ලඟ ගුණ සැමරේ…

Next Post

මුල්ලිවයිකාල්වල යුද්ධයෙන් මිය ගිය අය සමරන්න එන සියල්ලන්ම අත්අඩංගුවට…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.