බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

උද්දච්ඡකම්වලින් වසංගතවලට උත්තර හොයන්න බෑ..

හැමදේම තමන් දන්න බව පෙන්න ගියොත් වරදින්නෙ රටට... වෛද්‍ය නලින්ද ජයතිස්ස

by editor
මැයි 3, 2021
in සමාජ
Share on FacebookShare on Twitter
  • තීන්දු ගන්නා අය අඩුම කරමින් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිතුමිය කියන දේවල්වලටවත් ඇහුම්කන් දෙන්නේ නැහැ

අපට බලපා තිබෙන වසංගතයේ ගැඹුර පිළිබඳව සමාජයට අවබෝධයක් ඇතැයි අපි සිතනවා. කොරෝනා වසංගය මර්දනය කරගැනීමේ වාසිදායක සාධක තුනක් අපේ රටට තිබෙනවා. පළමුවැන්න ලංකාව දූපතක් වීම, දෙවැන්න බිම් මට්ටම දක්වා ක්‍රියාත්මක සෞඛ්‍ය යාන්ත්‍රණයක් තිබීම සහ තෙවැන්න උපදෙස්වලට අනුගත කරගැනීමේ හැකියාව ඇති ජනතාවක් සිටීමයි. නමුත් මේ වාසිදායක සාධක කිසිවක් අද කොවිඩ් පාලනයේදී යොදාගන්නා බව පේන්නේ නැහැ.

මෙය වෛරස්වලින් ව්‍යාප්ත වන රෝගී තත්වයක්. වෛරසයක් නිරතුරුව වෙනස් වෙනවා. එම නිසා වෛරස් නිට්ටාවටම සුව කළ හැකි ඖෂධ තවම ලෝකයේ සොයාගෙන නැහැ. මේවා අලුත් කරුණු නෙමෙයි, ලෝකයම දන්න විද්‍යාත්මක කරුණුයි. අපි වසංගතයට මුහුණ දිය යුතු වන්නේ මේ කරුණු දැනගෙනයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයක් තිබෙනවා. රටේ ඒ පිළිබඳ වෛද්‍යවරුන් සිටිනවා. ඒ වගේම ජයවර්ධනපුර වැනි විශ්වවිද්‍යාලවල වෛරස් හා වසංගත පර්යේෂණ ඒකක තිබෙනවා. අපේ රටේ වසංගත මර්දනය කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතු වන්නේ මේ සියලු දෙනා සම්බන්ධ කර ගනිමිනුයි. නමුත් දැන් සිදු නොවන දෙය වන්නේත් එයයි.

මේ බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය මාස 04කට පමණ පෙර ලංකාවට ඇතුල් වී තිබෙනවා. පසුගිය අප්‍රේල් 08වැනිදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම මේ ප්‍රභේදය ව්‍යාප්ත වෙමින් ඇති බව රටට කියා තිබුණා. පීසීආර් මගින් මේ වෛරසය සොයා ගැනීමෙන් පසුව ඔවුන් එය ආණ්ඩුව ප්‍රමුඛ කාර්ය සාධක බලකායට, සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දුන්නා.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඒත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් තීන්දුව කුමක්ද? මේ නව ප්‍රභේදය වැඩිපුර පැතිරෙන බවත් වඩා මාරාන්තික බවත් තරුණ අයට පවා වැළඳෙන බවත් ලෝකය ඒ වන විටත් සොයා ගෙන තිබුණා. ඒ නිසා අපි ඉන්නේ මුල් යුගයේ මෙන් මේ පිළිබඳ තොරතුරු නොදන්නා කාලයක නෙමෙයි. ඒ තොරතුරු තිබියෙදී තීන්දු ගැනීමේ ගැටලුවක් ඇති බව පේනවා. කොවිඩ් වෛරසය ලංකාවට ඇතුල්වී මාස 14කට පස්සෙත් අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ වසංගත රෝග විශේෂඥයින් ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් කණ්ඩායමකට මේ පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ වගකීම පවරා දෙන ලෙසයි.

වසංගත රෝග ඒකකය පවත්වා ගෙන යන්නේ ආණ්ඩුවට අවශ්‍ය දේවල් කියාගන්න සහ සාධාරණීකරණය කරගන්න නෙමෙයි. දෙවැනි රැල්ල ආ පසු ආණ්ඩුව එයට කිරිබත්ගොඩ/පෑලියගොඩ පොකුර ලෙස හැඳින්වූවා. රට පුරා කොහෙන් අහුවුණත් එම පොකුරට දැම්මා. ඒ වෙලාවෙ ආණ්ඩුවට වුවමනා වුණේ රෝගය සමාජ ගත වී නොමැති බව කීමටයි. තව පොකුරු රට පුරා හමුවන බව කිවුවානම් රෝගය සමාජගත වී ඇති බව පේනවා. ඒ අවස්ථාවට අනුව ගත හැකි පියවර තිබුණා. නමුත් ආණ්ඩුවට රෝගය සමාජගත වී නැතැයි රටට කියන්න අවශ්‍ය වුණා. සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු හමුවූ සියලු ආසාධිතයින් ආණ්ඩුව ඒ පොකුරට ඇතුළත් කළා. ආණ්ඩුවේ මතය තහවුරු කරගන්න සෞඛ්‍ය අංශ පාවිච්චි කරගත්තා.

අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇමතිවරුන් හතරදෙනෙක් සිටිනවා. ඒ අය අතර වසංගත රෝග පිළිබඳව, ප්‍රජා සෞඛ්‍යය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරියක් ඉන්නවා. කොවිඩ් පිළිබඳ රාජ්‍ය ආමාත්‍යාංශය භාරව සිටින්නේ ඇයයි. කොවිඩ් වසංගතය පිළිබඳව තීන්දු ගන්නා අය අඩුම කරමින් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිතුමිය කියන දේවල්වලටවත් ඇහුම්කන් දෙන්නේ නැහැ. සෞඛ්‍ය අංශ විසින් සංචරණ සීමා පැනවිය යුතු බවට යෝජනා කළ විට ඒ යෝජනාව පරාජයට වී තිබෙනවා. සෞඛ්‍ය අංශවලින් කරන ලද යෝජනාව පරාජය වූ නිසා මම මහත් කණස්සල්ලෙන් සිටින බව ඇය එළියට පැමිණ මාධ්‍යයට කියනවා. එවැනි විශේෂඥයින්ගේ යෝජනාවක් විසි කර දමන්න තරම් හැකියාවක් ඇත්තේ කාටද? අපි හිතන්නේ ඒ හමුදාපතිවරයා නෙවෙයි; ඒ ඔහුටත් උඩින් ඉන්න ජනාධිපතිවරයා විය යුතුයි. ඔහුගේ සිතැඟියාවන් තමයි ක්‍රියාත්මක වන්නේ. ඔහු දන්නා හා නොදන්නා දේ තිබිය හැකියි. හැම දෙයක්ම තමන් දන්නවා යැයි සිතා කටයුතු කිරීමට ගියහොත් ඒ වරදින්නේ රටටයි.

මේ ගන්නා තීන්දු වැරදීමෙන් ජනතාවගේ ජීවිත අහිමි වූ විට තවත් අවුරුදු තුනකින් හතරකින් ජනාධිපතිවරුන්ට  මැති ඇමතිවරුන්ට පාඩම් ඉගැන්වීමෙන් පලක් නැහැ. ඒ අහිමි වන ජීවිත අපිට ගන්න බැහැ. ඒ ජීවිත රැකගත හැක්කේ විද්‍යාත්මක පදනමක් මත ඒ මොහොතේ තීන්දු තීරණ ගැනීමෙන් පමණයි.

අපි මාස 14කට කලිනුත් අපි ආණ්ඩුවට යෝජනා කළා, මේ වසංගතයට මුහුණ දීම සඳහා මේ වෙනුවෙන් කැපවිය හැකි, දැනුම තිබෙන, විශේෂඥභාවය ඇති සියලු දෙනා සම්බන්ධ කරගත් යාන්ත්‍රණයක් පිහිටුවන්න කියලා. නමුත් තවමත් ආණ්ඩුව එවැන්නකට සූදානම් නැහැ. අපි නැවතත් ආණ්ඩුවට යෝජනා කරන්නේ මේ වසංගතයට මුහුණ දීමේදී වසංගත රෝග විශේෂඥයින් ප්‍රමුඛ කර ගත් යාන්ත්‍රණයක් සකස් කරන්න කියලයි. ප්‍රකාශ නිකුක් විය යුත්තේ එතැනිනුයි.

බොහෝ විට තවමත් කෙරෙන්නේ අශ්වයා පලා ගිය විට ඉස්තාලය වසා දමනවා වැනි තීන්දු ගැනීම්. සංචරණ සීමා පැනවෙන්නේ රෝගීන් ගණනාවක් එම ප්‍රදේශයෙන් වාර්තා වූවාට පසුවයි. තත්වය මෙසේ වන්නේනම් අපට තවත් සෑහෙන කාලයක් පාසල්, විශ්වවිද්‍යාල විවෘත කිරීමට ලැබෙන එකක් නැහැ. මේ සමාජය සාමාන්‍යකරණය කරන්න හිතනවානම් ආණ්ඩුව විසින් කළ යුතු වන්නේ රෝගීන් විශාල ලෙස වාර්තා වීමට පෙර පියවර ගැනීමයි. රෝගය පැතිරීම පිළිබඳව සංඥා ලැබුණු විගසම සමහර ප්‍රදේශ වසා දැමීමට, සංචරණ සීමා පැනවීමට සිදු විය හැකියි. පසු ක්‍රියාමාර්ග ගැනීමෙන් එතරම් ප්‍රතිඵලයක් අත්වන්නේ නැහැ.

එන්නත් සම්බන්ධ ප්‍රශ්නය බරපතළ වී තිබෙනවා. එන්නත් නිෂ්පාදනයේ ගැටලුව, එන්නත් නිෂ්පාදනයේදී මේ අමනෝඥ ආණ්ඩු විසින් කළ හැකි ව්‍යාකූලත්වය හඳුනාගත් නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය ඒවා බෙදාහැරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් යෝජනා කළා. පළමුවෙන්ම ඒවා සෞඛ්‍ය සේවකයන්ට ලබා දෙන ලෙස ඉල්ලුවා. ඊළඟ කොටස 60ට වැඩි අයටත් ඊළඟ කොටස නිදන්ගත රෝග තිබෙන අයටත් දෙන ලෙස ඉල්ලුවා. මේක එන්නත පිළිබඳ පර්යේෂණ කරන කාලෙදිම කියපු දෙයක්. නමුත් ආණ්ඩුව එන්නත් ලක්ෂ 12ක් හමුවූ විට හැමෝටම එය විදින්න උත්සාහ කළා.

අද දෙවැනි මාත්‍රාව දිය යුතු කාලය තීරණය කරන්නේ ආණ්ඩුවට ඒ එන්නත් ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ කවදාද කියන එක අනුවයි. විශේෂඥයින්ගේ තීරණය අනුව නොවෙයි. මුලින් කිවුවේ සති 03කින් දිය යුතු බවයි. අද සති 12ක් වී තිබියෙදීත් පළමු මාත්‍රාව ගත් අයට දෙවැනි මාත්‍රාව ලැබී නැහැ. අද ආණ්ඩුව පළමු මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකා ගහලා දෙවැනි එක වෙනත් එකක් ගැහුවාට කමක් නැහැ කියන තැනට ඇවිත් ඉන්නවා. ආණ්ඩුව ජනතාවට ප්‍රමාණවත් තරම් එන්නත් ලබා දීමට කඩිනමින් මැදිහත් විය යුතුව තිබෙනවා.

ඔක්සිජන් සැපයීම පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් ඇතිවී තිබෙනවා. ඔක්සිජන් පිළිබඳ ගැටලුව වන්නේ ඒවා ප්‍රවාහනය හා ගබඩා කිරීම පිළිබඳ ගැටලුවයි. නව බ්‍රිතාන්‍ය ප්‍රභේදය වැනි නිව්මෝනියා තත්වයට වේගයෙන් පරිවර්තනය වන රෝගී තත්වයකදී අපට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය හා ලබා දිය හැකි ආකාරය පිළිබඳව ආණ්ඩුවට තක්සේරුවක් තිබිය යුතුයි. සමහරු මේ සිලින්ඩර් ගබඩා කර තබාගැනීමටත් උත්සාහ කරන බවට වාර්තා වනවා. මේ නිසා මේ ගැටලුව බරපතළ ලෙස සලකන මෙන් අපි ආණ්ඩුවට කියනවා.

එමෙන්ම  කොවිඩ් ආසාධියන් රෝහල් ගත කිරීමේ හා මධ්‍යස්ථානයන්ට යොමු කිරීම ව්‍යාකූල වී තිබෙනවා. කොළඹින් පොසිටිව් වන රෝගීන් මඩකලපුවට, පොළොන්නරුවට යවනවා. රෝගීන් රට පුරා නොයවා ඔවුන්ට ළඟ තැනක පහසුකම් ලබා දිය යුතුව තිබෙනවා. සංකූලතා සහිත රෝගීන් රෝහල්වලට ඇතුළත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.

වසංගත රෝග විශේෂඥයින් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මීට සම්බන්ධ සියලු දෙනා විසින් සකස් කරන සැලැස්මකට අනුව තීන්දු තීරණ ගැනීමට රෝගීන් පිළිබඳ දත්ත සහිත පිරිස, විශේෂඥ දැනුම සහිත පිරිස, ක්‍රියාත්මක වීමේ හැකියාව සහිත පිරිස සම්බන්ධ කර ගත් පුළුල් වැඩපිළිවෙළක් දැන්වත් සකස් කිරීමට පියවර ගන්නා ලෙස අපි ආණ්ඩුවෙන් දැඩිව ඉල්ලා සිටිනවා. උද්දච්ඡකම්වලට, අපරිණතකම්වලට ප්‍රශ්න විසඳිය නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතුයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද හමුදාපතිවරයා ඥාතියකුගේ විවාහයකට සහභාගී වන පින්තූර ව්‍යාජ එකක් – හමුදාව කියයි

Next Post

අනාරක්ෂිත වගා ළිඳකට වන අලි දෙදෙනෙක් වැටෙයි…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.