බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

මහරෝහලේ කොල්ලයේ දී නොකියැවුණු මානසික ව්‍යසනය

by editor
ජූනි 14, 2020
in විනිවිද
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන –

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා.-

 කොළඹ ජාතික රෝහලේ අතිකාල දීමනා සඳහා රැගෙක ආ මුදල් එහි සේවය කරන වෛද්‍යවරයකු විසින් මංකොල්ලා කන්නට ගත් උත්සහය ව්‍යර්ථ වී ඔහු දැන් පොලිස් අත්අඩංගුවේ පසුවේ. මෙම වෛද්‍යවරයා කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු වීමට විදෙස් පුහුණූව අවසන් කර පැමිණ අවසන් පුහුණු කටයුතුවල යෙදී සිටියදී මෙය සිදුවී ඇත. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු බීමත්ව සිට ඇති බවද පැවසෙයි.

ඔහුගේ ප්‍රකාශයට අනුව ලක්ෂ 25ක් පමණ වූ ණය මුදලක්ගෙ වා ගත නොහැකිව විශාල පීඩනයක ඔහු සිට ඇති අතර විශාදය සඳහා ප්‍රතිකාර ලබාගනිමින් සිට ඇත.  ඔහු රාජකාරියේ යෙදුනු අන්ද , රෝගීන් සහ කාර්ය මන්ඩලය සමග ගණුදෙනු කළ ආකාරය හෙළිදරව් වී නැත.  මේ කාරණා සලකා බැලීමේ දී ඔහු පත්ව ඇති මානසික විඩාව හේතුවෙන් ඔහුට අත්වූ අලාභය සහ හානිය විශාලය. 

එම කරුණූ එකින් එක සලකා බැලුවහොත් ඔහු පිළිබඳ කිසියම්  චිත්‍රයක් මවා ගත හැකිය. 

වෛද්‍යවරයකුට ලක්ෂ 25 ක ණයක් යනු එතරම් විශාල ගණනක් නොවේ. ඕනෑම බැංකුවකින් වෛද්‍යවරුන්ට ණය ලබාගැනීමේ අසීරුවක් නැත.   බැංකුවලට වී ඇති ණයවලට අමතරව වෙනත් අයකුගෙන් හදිසියේ ගත් ණයක් දිය යුතු දිනය පසු වූවාද? යන පැනය එවිට මතුවෙයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ඔහු ණය කාරයකු වී ඇත්නම් ණය හිමිකරු මුදල් ඉල්ලා කරදර කරන්නේ නම් නැතහොත් ගෙවිය යුතු දිනය පසුවී ඔහුගේ වත්කමක් අහිමිවීමේ අවදානමක් ඇතිවී නම්  ඔහු ආතතියට පත්වීමේ ඉඩකඩක් ඇත. එම ආතතිය විශාදය දක්වා වර්ධනය විය හැකිය.

 ඔහුගේ විශාද තත්වයට ඔහු නිසියාකාර වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තාද? නැතහොත් ඔහුගේ වෛද්‍ය දැනුම අනුව ඔහුම ඖෂධ තෝරාගෙන ලබාගත්තාද? යන පැනය නැගෙයි. එමනිසා විශාදය සුව නොවී හෝ  පාලනය නොවී පැවතුනාද යන්නත් විමසීම වැදගත්ය. 

විශාදය හේතුවෙන් ඔහුගේ තාර්කික හෙතුවාදී චින්තනය යටපත් වී අතාර්තික ඍණාත්මක මෙන්ම අහේතුවාදී චින්තනය මතුවීට ඉඩ ඇත. ගැටලුව තුළ හිඳිමින් ගැටලුවට බිය වෙමින් ඉදිරියේ මුහුණ දීමට නියමිත අභියෝගයන් සිහිකරමින් සිටින විට ගැටළුව විසඳා ගැනීමට ඇති සැබෑ මාර්ග පෙනීම අවහිර වෙයි. එසේ තිබියදී ප්‍රශ්නය තනිව විසඳාගැනීමට උත්සාහ කිරීම නිසා තවත් අසරණ වෙයි. අවසානයේ තමාට ඒ මොහොතේ පෙනෙන විසඳුම තෝරාගනී. විශාදය බලවත් වීමෙන් හොඳ නරක පිළිබඳව හෝ ආත්ම අභිමානය, තමා කව්ද යන්න නෙදැනෙයි. පෙනෙන එකම දෙය තම ගැටලුව විසඳා ගැනීමට තමා තෝරා ගත් මාර්ගයයි. පවුලේ අයකු හෝ මිතුරකු සමග හෝ මේ ගැටළුව සාකච්ඡා කළේද නැතහොත් ඔවුන් සමග කතා කීරීම පළක් නැති දෙයකැයි ඔහු තීරණය කළේද යන්නත් සෙවිය යුතුවෙයි.

සොරකම සිදුකරන මොහොතේ බීමත්ව හිඳීම පිළිබඳව සලකා බැලුවහොත් ඔහු නිතර බීමත්ව සිටින අයෙකු විය හැකිය. ඔහු මත්වතුර පානය නොකරන නමුත් කරන්න යන අනීතික ක්‍රියාවට හෘද සාක්ෂිය කරන එරෙහිවීමෙන් බේරෙන්නට බීමත් වූවාද විය හැකියි.

මේ සොරකම දෙස බලන විට ඔහු සොරකමට ආධුනිකයකු බව පෙනෙයි. තමා සේවය කරන ආයතනයෙන්ම මහ දහවල් ප්‍රසිද්ධියේ මුදල් කොල්ලයක් කිරීමට මෙබඳු මට්මක බුද්ධියක් ඇති අයෙකු යහපත් සිහියෙන් පෙළඹේ යැයි සිතිය නොහැකිය. ඔහුගේ සැලසුම්ද සොරකමට ආධුනික සේ පෙනෙයි. මුදල් බෑගය රැගෙන දිවයන්නේ තුවක්කුව අතේ ප්‍රදර්ශනය කරගනිමිනි. එසේම රෝහල් පරිශ්‍රයෙන් පිටත විත් පළා යන්නේ ත්‍රීරෝද රියකිනි. 

අවසානයේ සියලු සැලසුම් අසාර්ථක ව , මෙතෙක් ඔහු මහත් වැරවෑයම් කොට ලබාගත් අධ්‍යාපනයෙන් පළක් නොවුනි. ගරුකටයුතු වෘත්තියෙන්ද ඔහු නෙරපා හැරිනි. ඉදිරි ජීවිතය සමාජය තුළ පීඩාකාරී, අවප්‍රමාණ එකක් වීමට ඔහුම මග පාදා ගෙන ඇත.

අතිශයින්ම කණගාටුදායක ඉරණමකට මේ තරුණ වෛද්‍යවරයාගේ ජීවිතය පත්වූයේ ඇයි දැයි සිතන්නට නීතිය පමණක් නොව සෞඛ්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයද කටයුතු කළ යුතුවෙයි. රෝගීන් සුවපත් කරන්නට සිටින වෛද්‍යවරුන්ගේ කායික මානසික තත්වය නිරෝගී නොවි නම් එය වහාම ප්‍රතිකර්ම යෙදිය යුතු අඩුපාඩුවකි. වෛද්‍යවරයකුවීම ලෙහෙසි නැත. අතිශය පීඩාකාරී වසර පහක් වෛද්‍ය විද්‍යාලයේද ඉන්පසු ඊටත් වඩා පීඩාකාරී වසරක් සීමාවාසික පුහුණුවේද ගතකරන ඔවුන්ගේ මානසික සෞඛ්‍ය, සමාජ ජීවිතය, පිළිබඳ යම් විමසා බැලීමක් කළයුතු බව මෙම වෛද්‍යවරයාගේ ක්‍රියාවෙන් සෞඛ්‍ය වෛද්‍ය ක්ෂේත්‍රය තේරුම් ගත යුතුවෙයි.

ඔහු අවලංගු කාසියක් නොකර දෙවන අවස්ථාවක් ජීවිතයට ලබාදී  රටට වැඩක් ගත හැකි වුවහොත් යහපති.

Tags: නවතම
Share80Tweet43
Previous Post

ඡන්ද නීති කැඩීමේ පළමු පැමිණිල්ල රොෂාන් රණසිංහට එරෙහිව

Next Post

රෝහල් කොල්ලය වැලකූ බුද්ධි නිලධාරියා හැප්පුවේ බීමත් නීති ශිෂ්‍යයෙක්…

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.