බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රත්තොට කැළෑවෙන් හමුවූ මළසිරුරේ සහ අනුරාධපුරයේ අතහැර දැමූ රථයේ රහස් හෙළිවෙයි

by Lanka Sara Editor
අප්‍රේල් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මාතලේ රත්තොට දොඹගොඩ කැළයක තිබී ඉකුත් 21 වෙනිදා සොයා ගත් පිළිස්සුණු සිරුර වැල්ලවාය ලිපිනයක් හිමි කොළඹ තලංගම ප්‍රදේශයේ පදිංචිව සිට අතුරුදන් වු ව්‍යාපාරිකයාගේ බව අනාවරණය වී තිබේ.

සිටි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ නැමැති මෙම ව්‍යාපාරිකයාගේ සහයකයා සහ ඔහුගේ මිතුරකු විසින් මුදල් සහ දේපළ මංකොල්ල කෑමේ අරමුණින් ඔහු කොළඹ දී ඝාතනය කොට මාතලේ රත්තතොට ප්‍රදේශයේ කැලෑවක සිරුර දමා ගිනි තබා ව්‍යාපාරිකයා පාවිච්චි කළ මෝටර් රථය අනුරාධපුරයට දමා පළා ගොස් ඇත.

කෙසේ වුවද මේ සිද්ධිය සම්න්ධයෙන් පරීක්ෂණ කළ පොලිසිය මෙම සහයකයාගේ මිතුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන් විසින් මෙම අපරාධය සිදු කළ අයුරු පිළිබඳව පාපොච්චාරණය කොට තිබේ. තවමත් මෙහි ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට පත් නොවී සැඟව සිටින බව වාර්තා වේ.

මෙම මිය ගිය ව්‍යපාරිකයාගේ සිරුර හඳුනා ගැනීමට නොහැකි තරමට පිළිස්සී අඟුරුවී තිබුණි. ඉතිරිව තිබුණේ පාදයක කොටසක් සහ මුහුණු කොටස පමණි.
මළ සිරුර හමුවීමත් සමග අනුරාධපුර පොලිස් වසමේ අතහැර ගොස් තිබුණු හොණ්ඩා වර්ගයේ මෝටර් රථයක්ද පොලීසියට හමුවී විය. එම මෝටර් රථයේ ලේ පැල්ලම් කිහිපයක් ද වූයේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මෝටර් රථය අනුරාධපුරයේදී හමුවීමෙන් පසුව එහි අයිතිය පිළිබඳව සිදු කරන ලද විමර්ශණවලදී එය කාන්තාවකට අයත් බව ට අනාවරණය කර ගත් බව එය ඇයගේ සහෝදරයා විසින් භාවිත කරන ලද බව හෙළි ව තිබේ.

ඒ ඔස්සේ මෙම පරීක්ෂණ සිදු කෙරුණු අතර මෝටර් රථය පාවිච්චි කළ මේ කියන සහෝදරයා මාලඹේ උතුරු තලංගම දාඹුගහවත්ත පාරේ නිවසක පදිංචිව සිටි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ නැමැති අයෙකි. ඉපදී තිබුණේ වර්ෂ 1975 දී වැල්ලවායේ දීය.

කරුණු සොයාගෙන යද්දී වාරිමාර්ග කොන්ත්‍රාත්කරුවෙක් ලෙස පෙනී සිටි මෙම පුද්ගලයාට එරෙහිව අධිකරණ වරෙන්තුවක්ද ඇති බව පොලිසියට අනාවරණය විය. ඔහුට නිවෙස් බිදුම් සහ සොරකම් මෙන්ම වංචා චෝදනාද එල්ලවී ඇති තිබුණු බව පරීක්ෂණවලදී හෙළි විය.

මේ පුද්ගලයා නිවසින් අතුරුදන් වී ඇති බව කියන්නේ පසුගිය 18 වැනිදාය. එදින සවස 5.00 ට පමණ නිවසින් කෑගැසීම් හඬක්ද අසල්වාසීන්ට ඇසී තිබිණි. පසුව අදුරු වැටීමත් සමග ඔහුගේ මෝටර් රථය නිවසින් පිටව ගොස් ඇති අතර නැවත එම මෝටර් රථය නිවසට පැමිණ ඇත්තේ අළුයම 1.00 ට පමණය.

නැවතත් පැය කිහිපයකට පසු මෝටර් රථය නිවසින් පිටව ගොස් ඇත. 21 වෙනිදා මාතලෙන් පිළිස්සුණු මළ සිරුරත් අනුරාධපුරයෙන් මෝටර් රථයත් හමුවී තිබේ. නිවස පරීක්ෂා කිරීමේදී එහි ලේ පැල්ලම් දක්නට ලැබුණු බවද පොලිසිය හඳුනාගෙන තිබිණි.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද… අසාදිතයන් 1636යි…

Next Post

ගාල්ලේ පමණක් ආසාදිතයන් 114ක් නිවෙස් තුළ… ආසාදිතයන් 226ක් අර්බුදයක…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.