පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයන් 11 දෙනෙක් කොවිඩ්-19 ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සමඟ තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
පොලිස් තූර්ය වාදක කණ්ඩායම ස්ථානගතකර ඇත්තේ බම්බලපිටියේ පිහිටි පොලිස් කෙෂ්ත්ර බලකා මූලස්ථානයේය. මේ වන විට එම තූර්යවාදන කණ්ඩායම රැදී සිටි ගොඩනැගිල්ලද වසා දමා ඇත.