සෞදි අරාබිය විසින් ශ්රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, ඉන්දුනීසියාව, සහ පිලිපීනය යන රටවලට සංචරණ සීමා පනවා ඇති බව සෞදි ගුවන් සේවා අධිකාරිය ඊයේ (23) නිවේදනය කළේය.
එමෙන්ම සෞදි අරාබිය එම රටවල්වල සංචාරය කිරීම ද සිය පුරවැසියන්ට තහනම් කර තිබේ.
කෙසේ වෙතත් පැය 72ක් තුළ එම රටවල සිටින සවුදි ජාතිකයන්ට හා සෞදි ඉකාමා හිමි පුද්ගලයන්ට රට තුළට පැමිණිමට අවකාශ සලසා තිබේ. ඉන් පසු කිසිම මගියෙකුට රට තුළට ඇතුළත් වීමට ඉඩ නොදෙන බව සෞදි අරාබි ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරයි.
මීට පෙර කැනඩාව, ඕමානය සහ එක්සත් රාජධානිය විසින් පාකිස්තානු ජාතිකයන්ට එම රටවලට ඇතුළුවීම සීමා කර තිබුණි







