බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජනතා කවුළුව

වස විස නැති පාරම්පරික භෝග උයනක් හදන්න වැඩ අල්ලපු ග්‍රාමසේවක මහත්තයා..  

by editor
අප්‍රේල් 16, 2021 - Updated on ඔක්තෝබර් 4, 2021
in ජනතා කවුළුව
Share on FacebookShare on Twitter

පොදු පරමාර්ථය ක් පෙරදැරි කරගත් සුන්දර මනුස්සයෙක් පිළිබඳව Lankasara ඔස්සේ අපි ඔබට කීවෙමු. ඒ අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹන්පොළ ග්‍රාම නිලධාරී වසම භාරව කටයුතු කරන එස්. එම්.කේ.සපුකුමාර ගැන ය. පාරම්පරික වී වගාවේ නියුතු ඔහු පාරම්පරික වී වගාව ප්‍රචලිත කිරීම උදෙසා අක්කර 20ක ඉඩම් කැබැල්ලක් ඉල්ලා සිටියේ   පොදු පරමාර්ථය මුදුන් පමුණුවා ගැනීමට ය. ඔහුගේ මේ සද් ක්‍රියාව වෙනුවෙන් අක්කර 20ක ඉඩමක් පරිත්‍යාග කිරීමට ප්‍රදේශයේ හිමි නමක් ඉදිරිපත්ව සිටියි.

ඇහැටුවැවත් අඹන්පොළ ත් අතර පිහිටි නාකොලගනේ කඳු බොඩයාගම පිහිටි අත් හැර දැමු ඉඩම්  අක්කර 20 ක් මේ සඳහා  පරිත්‍යාග කලේ නාකොලගනේ විහාරාධිපති පූජ්‍ය වලත්වැවේ රාහුල හාමුදුරුවෝ ය.

පූජ්‍ය වලත්වැවේ රාහුල හිමි

ප්‍රවේණි ඉඩමක් වන මෙය ජයතුහාමි නැමැති ගොවි මහතෙකු විසින්  වසර 60 ට වැඩි කාලයක් වගා කරනු ලැබූ භූමිය කි. ජයතුහාමි ගේ මරණයෙන් පසුව වන අලි උපද්‍රව හේතුවෙන් අතහැර දැමූ මේ ගොවිබිම සරු කරන්නට ජගතෙක් මේ ප්‍රදේශයේ මෙතෙක් බිහි නොවීය. මෙම අක්කර 20ට සරිලන සේ ජලය රඳවා ගත හැකි වැවක් ද ඒ අසල තිබීම විශේෂත්වයකි .

ගොවිබිම නිර්මාණය වෙමින්..

මේ සද්කාර්‍යය තේරුම් අරන් මට මේ ඉඩම පරිත්‍යාග කරපු අපේ නායක හාමුදුරුවන් ට මං සදා ණය ගැතියි..”…….යනුවෙන් සපුකුමාර   පැවසුවේ දෑස් කඳුලින් පුරවා ගෙනය…

RelatedPosts

දේශීය වගා පර්යේක්ෂකයෙක් වූ අඹන්පොල ග්‍රාමසේවක සපුකුමාර කපා කොටා ඝාතනය කරයි…

වී කුරුණියට අලි මරණ තිරිසනුන් මැද වගාවෙන් අඩක් වන අලින්ට වෙන් කළ බෝසත් මිනිසා..

ගෙවත්ත පාරම්පරික බීජ සංරක්ෂණාගාරයක් කළ ග්‍රාමසේවක මහත්තයා

මේ ඉඩම මැද දැවැන්ත පර්වතයකි. ගල මුදුනේ ඉපැරැණි ආකාරයේ ජත්‍ර සහිත කුඩා චෛත්‍යයක් ඉදිකර, කුටියක් ඉදිකර පිළිවෙත් පුරන භික්ෂුවකට එහි වැඩ වාසය කිරීමට සැලැස්වීම සපුකුමාර ගේ තවත් අරමුණ කි. ගමයි පන්සල යි වැවයි දාගැබ යි සියල්ල සහිතව සැලසුම් වූ මේ බිම දේශීය වී , පාරම්පරික එලවළු, පලතුරු , ධාන්‍ය වර්ග , දේශීය ඔසු වර්ග සිය ගණන් වැවෙන සංරක්ෂණාගාරයක් බවට පත් කිරීමේ කටයුත්තේ මූලික බිම් සකස් කිරීමේ අදියර   මේ වන විටත් සිදුවෙමින් පවතී.

මේ සිදු කරන කටයුත්ත උදෙසා ඔහු උනන්දු කළ සණස ව්‍යාපාරය හා බැඳුණු    පාරම්පරික වී වර්ග සම්බන්ධ ආදායම් නිලධාරී රුචිර ගුණතිලක  මෙසේ පැවසුවේ ය.

“වටින කියන සම්පත් දායක ගොවි මහත්තයෙක් ඉදිරිපත් වෙලා ඉන්න නිසා අපි මේ වැඩේට උපරිම සහයෝගය දෙන්න තීරණය කළා. අපි මේ හදන්නෙ “පාරම්පරික දැනුම පිළිබඳ දැනමුතු මධ්‍යස්ථානය “ක්. අපි පාරම්පරික   සම්පත් උපරිම ලෙස සංරක්ෂණය කරනවා. වස විස නැතිව වගා කරන්න බෑ කියන මිථ්‍යාව දුරු කරනවා. ප්‍රායෝගික ව ඒක ඔප්පු කරනවා.

ගොවිතැන දි සොබාදහමෙ න්‍යායන් තේරුම් ගන්න ඕන. නැකැත් ක්‍රම, කෙම් ක්‍රම, සත්ත්ව චරිත, මේ හැමදේම එකට ගලපන්න ඕන. අපි මේ හරහා ගොවිතැන ගැන අවංකව උනන්දුව ක් තියෙන ගොවියෝ ඒක රාශි කරනවා. ඒ තත්වය ට ගේන්න අපිට එක පුද්ගලයෙක් මත රැඳෙන්න අපිට බැහැ. මොකද එහෙම වුනොත් ඒ පුද්ගලයාට බැරි වුන වෙලාවට වැඩ පිළිවෙළ අසාර්ථක වෙන්න පුලුවන් . ඒ නිසා අපි මේ සද්ක්‍රියාවලිය වෙනුවෙන් ආයතනික ව්‍යුහය ක් ගොඩනගනවා. ”

ඔවුන්ගේ මේ වික්‍රමාන්විත ය ඵල දරණ තුරු අපි දෑස් දල්වා බලා සිටිමු. එහි ඵල ලංකාසර තුළින් ඔබ වෙත ගෙන එන්නෙමු……

ග්‍රාමසේවක සපුකුමාර…

 

Tags: කඳුබොඩපාළුකඩවල වැවසපුකුමාර
Share69Tweet43
Previous Post

සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

Next Post

එරික් පෙරේරාට එරෙහි විමර්ශන අරඹයි… ජංගම දුරකථනයත් විමර්ශකයන් භාරයට…

Related Posts

ජනතා කවුළුව

මේ කළුපාට ඉරිදා ලෝකයට කියන්නේ මියගිය මනුස්සකමේ රතු පණිවිඩයයි.

මාර්තු 6, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.