ගෙලවැල ලාගෙන මිය ගිය මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ දේහය සම්බන්ධව කළ පී.සී.ආර්. පරීක්ෂණයේ දී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ.
තිස් හතර හැවිරිදි මෙම පුද්ගලයා අද ගෙල වැල ලාගෙන මියගොස් තිබිණි. වතුපිටිවල රෝහලේ දී දේහය සම්බන්ධව පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් කොවිඩ් ආසාදිත බව තහවුරු විය.
මේ වනවිට මියගිය ආසාදිතයාගේ ආශ්‍රිතයන් සොයා නිරෝධාන කටයුතු කිරීම සඳහා මහජන සෞඛ්‍යය පරීක්ෂවරුන් යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග කියයි.







