බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පහුගිය කාලෙ ඇෆ්ලාටොක්සීන් වැඩිපුරම හම්බවුනේ දේශීයව නිපදවන පොල්තෙල්වල

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන

by editor
අප්‍රේල් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සටහන – සමන්තිකා වීරවර්ධන

  • ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂවරිය කියන විස ආහාර ගැන ඇය අපව දැනුවත් කරලා නෑ…

  • අපේ කොටස හරියට කළාට වැඩක් නෑ… මෙවැනි සිදුවීම්වලදි රේගුවට නඩු දැමීමට ඇති නීතිමය ප්‍රතිපාදන මොනවද කියලා සොයා බැලිය යුතුයි…

මෙරටට ආනයනය කරන හා මෙරට නිෂ්පාදනය කරන  ආහාර ද්‍රව්‍ය මිනිස් ශරීරයට කොතරම් හිතකරද යන්න පිළිබඳව සොයා බැලීම හා මිනිස් සිරුරට අහිතකර ආහාර ද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරිම ,   විනාශ කිරීම හෝ මෙරට නිෂ්පාදන නතර කිරීමේ  ආහාර බලධරයා වන්නේ  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා යටතේ පාලනය වන සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂවරයා.  ඔහු විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධනය. මේ  ඔහු  සමග ලංකාසර පැවැත් වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකි.

ප්‍රශ්නය – මෙරටට ගෙන එන ආහාර ද්‍රව්‍ය සම්බන්ධයන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය ක්‍රියාත්ම වන්නේ කොහොමද?

පිළිතුර –  මෙවැනි ආහාර ද්‍රව්‍ය රටතුළට ඇතුළු කර ගන්න කලින් ඒවා රසායනාගාර පරීක්ෂාවන්ට ලක්කරනවා. ඒ පරීක්ෂණයන් මගින් සනාථ වුණොත් මේ ආහාර ද්‍රව්‍ය මිනිස් පරිභෝජනයට සුදුසු නැහැ කියලා අපි ඒවා රටට ඇතුළුවෙන්න ඉඩ නොදී රේගුව හරහා වහාම ප්‍රතිඅපනයනය කරනවා. එහෙම නැතිනම් විනාශ කිරීම සඳහා නිර්දේශ කරනවා.

සමහර වෙලාවට රසායනාගාර පරීක්ෂාවන්ට ලක් නොකරම බැලූ බැල්මට මිනිස් පරිභෝජනයට නුසුදුසුයි කියලා තහවුරු වුණොත්   ආපසු හරවා අරින අවස්ථාවන්ද තියෙනවා.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ප්‍රශ්නය – ඔබ කියන පරිදි මිනිස් සිරුරට අහිතකර ආහාර ද්‍රව්‍ය රටතුළට ඇතුළු වෙන්න දෙන්නේම නැතිද?

පිළිතුර – සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ කාර්ය භාර්ය හරියටම ඉටුකරනවා. අපේ සීමාවේ සිට අප ක්‍රියාත්මක වෙනවා. රටතුළට මෙවැනි ආහාර ද්‍රව්‍ය ඇතුළු කර ගන්නේ නැහැ. මෙරට අනුමත කර නැති රසකාරක වර්ණකාරක අඩංගු ආහාර ද්‍රව්‍ය  වලටපවා අපි ඇතුළු වීමට ඉඩ ලබාදෙන්නේ නැහැ‍

ප්‍රශ්නය – ඔබ ඒකකයේ කාර්ය භාර්ය නිවැරදිව ඉටුකළා නම් පොල්තෙල් වෙළඳ පොළට නිකුත් වුණේ  කොහොමද,

පිළිතුර – අපේ වගකීම අපි හරියටම ඉටුකළා. අහිතකර ආහාර ද්‍රව්‍යයක් හමු වුණාට පසුව ඒක රටතුළට ඇතුළු වීම තහනම් කරලා නැවත එය ප්‍රතිඅපනයන සඳහා රේගුව භාරයේ තබනවා. ප්‍රතිඅපනයනය කරන තෙක් හෝ විනාශ කරන තෙක් රේගුව සතුව තමයි එම ආහාරය තබාගන්නේ.

ප්‍රශ්නය – රටේ ආහාර බලධරයා ලෙස ක්‍රියා කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. සෞඛ්‍ය අමාත්‍යංශයේ  උපදෙස් නිසි පරිදි රේගුව පිලිනොපැදීම  සම්බන්ධයෙන්  නීතිමය පියවරක් ගැනීමට ඔබ ඒකකයට හැකියාව නැතිද?

පිළිතුර – අහිතකර ආහාරයක් හෝ වෙනත් භාණ්ඩයක් රටතුළට ඇතුළු කිරීම තහනම් කරමින් අපි රේගුවට එය භාරදුන්නාට පසුව නැවත අපි ඒ පිලිබඳව සොයා බැලීමක් කරන්නේ නැහැ. කොහොම නමුත්   එම ආයතනයට නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට  ආහාර ආරක්ෂණ කමිටුවේ ප්‍රතිපාදනයන් තියෙනවාද කියන වග සොයා බැලීමක් කළයුතු වෙනවා.

ප්‍රශ්නය – ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කරනවා ඇෆ්ලටොක්සීන් අන්තර්ගත තවත් බොහෝ ආහාර ද්‍රව්‍ය වෙළඳපොල තුළ තිබෙනවා කියලා. මේ සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද?

පිළිතුර – මේ සම්බන්ධයෙන්  ප්‍රමිති ආයතනය අපිව කිසිවිටෙකත් දැනුවත් කරලා නැහැ‍. ඒ නිසා  ඇය කියන ආහාර ද්‍රව්‍ය වෙළදපොලේ තියෙනවද කියලා   අපි දන්නේ නැහැ‍.

 ප්‍රශ්නය – ඇය සඳහන් කරන ආහාර ද්‍රව්‍ය වෙළදපොලේ තියෙනවාද කියලා දන්නේ නැහැ කියන්නේ  පිළිකා කාරක වෙනත්  ආහාර වර්ග වෙළදපොලේ  තියෙනවා කියන එකද?

පිළිතුර – ඔව් අපි දන්න ආහාර වර්ග තියෙනවා. . මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෙළඳපොලේ භාණ්ඩ පරික්ෂා කරන අවස්ථාවන් වලදි ලබා ගන්නා සාම්පල් රසායනාගාර පරික්ෂණයන් සඳහා යොමු කරද්දි ඇතැම් ආහාර ද්‍රව්‍යවල පිළිකාකාර රසායනිකයන් හමුවුණා‍. අපි ඒවා වහාම වෙළදපොලට නිකුත් කිරීම තහනම් කරලා ඒ නිෂ්පාදකයින්ට කියලා ඒවා නිවැරදි කෙරෙව්වා.

ප්‍රශ්නය – ඒ වගේ අහුවුණ දේශීය කර්මාන්තයක් ගැන සදහන් කරන්න පුලුවන්ද?

පිළිතුර – ඔව් පුළුවන්. දේශීය පොල්තෙල් කර්මාන්තය තුළ එවැනි තත්ත්වක් දක්නට ලැබෙනවා. නිසි ප්‍රමිතියකින් යුතු කොප්පරා  පොල්තෙල් නිෂ්පාදනයට ලබා නොගත් නිසා පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් පිලිකා කාරකය අන්තර්ගත වුණා. අපි ඒ තත්ත්වය අදාල ආයතනවලට දැනුම් දුන්නා. ඒ ආයතන තමයි ඉන් පසුව ක්‍රියාත්මක විය යුත්තේ.

ප්‍රශ්නය – අදාල ආයතන  වගකීම හරිහැටි ක්‍රියාත්මක කරන වග බැලීමට පසුවිපරමක් කිරීමට ආහාර ආරක්ෂණ කමිටුවට හැකියාවක් නැතිද?

පිළිතුර – රාජ්‍ය ආයතන සම්බන්ධයෙන්,  ඔවුන්ගේ රාජකාරි සම්බන්ධයෙන් පසු විපරමක් කර බැලීමට අපට හැකියාවක් නැහැ. අනික සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ කමිටුව ආයතන ගණනාවක් නියෝජනය කරනවා. ඒ සියලුම ආයතන සහයෝගයෙන් තමයි කටයුතු කරන්නේ. කොහොම නමුත් මේ ආයතන අපි දැනුවත් කළාට පසුව ඔවුන් ක්‍රියාත්මක වූ බවට අපිට වාර්තාවන් ඉදිරිපත් කරලා තිබෙනවා.

ප්‍රශ්නය – ඒ ඒ ආයතනවලින්  අදාල නිෂ්පාදන ආයතන සම්බන්ධයෙන් ක්‍රියා කළ බවට ඉදිරිපත් කරන ලියකියවිලිවල සත්‍යතාවක් තිබෙනවාද කියලා කොහොමද දැන ගන්නේ?

පිළිතුර – මේ ලියකියවිලි වල සත්‍යතාව දැන ගන්න නම් වෙළඳපොලේ තිබෙන මේ සැක සහිත ආහාර ද්‍රව්‍යවල නියදි ලබාගෙන නැවත පරික්ෂා කළ යුතු වෙනවා. අපි එහෙම කරනවා. මිට අවුරුදු 5කට කලින් වෙළදපොලේ අලෙවි වුණ ඇතැම් ආහාර සම්බන්ධයෙන් නැවත පරික්ෂා කරද්දි ඇෆ්ලටොක්සින් අන්තර්ගතව පවතින ප්‍රමාණය අවුරුදු 5ට කලින් තිබුණට වඩා දරුණු ඒවා නෙවෙයි.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරයේ වින්දිතයෝ හිටපු ජනපතිට අගමැතිට නඩු 27ක් පවරති

Next Post

ඔටුන්න ගැලවූ කැරොලයින් කුරුඳුවත්ත පොලිසියට ඇවිත් කී කතාව…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.