සමන්තිකා වීරවර්ධන –
මෙරටට ආනයනය කරන මාළුවල සැලකිය යුතු ප්රතිශතයක ආසනික් අන්තර්ගතව පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මෙසේ ආනයනය කරන මාළු පරික්ෂා කිරීම පෞද්ගලික අංශයේ රසායනාගාර මගින් සිදුකරන නමුත් මෙරට පරිභෝජනය සඳහා ගන්නා මාළු රසායනාගාරයන් තුළ පරික්ෂාවට ලක් කිරීමේ පහසුකම් නොමැති බව සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය.
විදේශීය රටවලින් ආනයනය කරන මාළුවල ආසනික් අන්ර්ගතව පවතින්නේද යන්න පිළිබදව අප සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ අංශයෙන් විමසූ විට එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන සඳහන් කළේ ආසනික් අන්තර්ගත මාලු සියල්ලම ප්‍රතිඅපනයන කරන බවකි.