කළු පුතා සහ සුදු පුතා ලෙස පොලිසිය තුළ ප්‍රකට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙපළක් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර හමුවීමට ගත් උත්සාහය අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා හිස් අතින් යෑමට සිදු වූ පුවතක් මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍යාංශයෙන් වාර්තා වේ.
මෙම නිලධාරීන් දෙපළ බිම්ෂානි ජාසිංහආරච්චිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව ගොනු කළ නිලධාරීන්ය. ඔවුන් අමාත්‍යවරයාව මුණ ගැසෙන්නට යන්නේ නියොජ්‍ය පොලිස්පති තනතුරට බිම්ෂානි පත්වීමට කැමැත්ත මෙන්ම ගොනු වී ඇති නඩුව සම්බන්ධව ඇමතිවරයාගේ අප්‍රසාදය ප්‍රකාශ කිරීමෙන් පසු දාය.
අමාත්‍යවරයා මෙම නිලධාරීන් හමුවීම ප්‍රතික්ෂේප කළ පසු ඔවුන් දෙපළ ලේකම්වරයා හමුවී තමන්ගේ දුක් ගැනවිල්ල ප්‍රකාශ කර ආපසු ගොස් ඇත.







