අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“විමල් වීරවංශට තර්ජනය තිබෙන්නේ රාජපක්ෂ පවුල ඇතුළෙන්ම විය හැකියි”

by Lanka Sara Editor
පෙබරවාරි 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අමාත්‍ය විමල් වීරවංශට තර්ජනය ඇත්තේ රාජපක්ෂ පවුලෙන් ම විය හැකි බවට පැවිදි හඬ සංවිධානයේ නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පුවත්පතකට කරන ලද පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධ වෙනුවෙන් ප්‍රකාශය මූලික කරගනිමින් මේ වන විට ආණ්ඩුව තුළින් මතුවන අර්බුදය පිළිබඳව ‘Truth with Chamuditha’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මේ බව පැවැසූහ.

“2015 ජනවාරි 8 වැනි දා මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදුණාට පස්සේ මහින්ද සුළඟ ජාතික වැඩපිළිවෙළ ආරම්භ කළේ වත්මන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන යන අය නුගේගොඩින් තමයි ආරම්භ කළේ.

පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහත්තයා විමල් වීරවංශ මහත්තයා සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය මගින් පැහැදිලි වෙන්නේ කාරියවසම් මහතා කොතරම් බංකොලොත්භාවයට පත් වෙලාද කියන එකයි. ආරම්භ කරපු මිනිසුන් අමතක කරල දාන්න ඒක අපේ බුදුදහමටත් පටහැනියි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

බුදුන්ගේ කාලෙත් දේවදත්ත ආදී නොයෙකුත් අය හිටියා. මේ කාලෙත් එහෙම අය ඉන්න පුළුවන් .
විමල් වීරවංශට හොඳ හඬක් තිබෙනවා. ඒක අපි පිළිගන්න ඕනෙ. ඔහුට ඔය කෑගහන කාටවත් ඒ හඬ නෑ. අනාගතයේ දී විමල් වීරවංශ මහතා මේ රටේ නායකයෙක් පත්වේවි කියන කුහක සිතිවිල්ල ආවා. ඒ බය තමයි මේකට මූලිකම දේ. දේශපාලන කිරිසප්පයෝ ටිකක් තමයි මේ දේවල් කරන්නේ.”

ප්‍රශ්නය – ඒ කියන්නේ රාජපක්ෂ පවුලෙන්ම විමල්ට තර්ජනයක් ආවාද විමල් උඩට ආවොත් එහෙම අපිට තර්ජනයක් වේවි? එයා එනවා වැඩියි වගේ දෙයක්?
සමහර විටෙක. එහෙම වෙන්නත් බැරිකමක් නෑ.

කවුද බැසිල් ද? කාලයක් තිස්සේ බැසිල් විමල් අතරේ එහෙම විරසකයක් වගේ තිබුණා නේද?

“මිනිස්සු අතරේ තිබුණා කලක් තිස්සේ බැසිල් විමල් අතරේ පොඩි මතවාදයක් තියෙනවා කියලා.”

“ජනාධිපතිතුමාටත් මම නිරන්තරයෙන් කියනවා. ඔහු නම් අහනව ගොඩක් වෙලාවට . නමුත් ක්‍රියාත්මක වීම ටිකක් මදි. අපිටත් ප්‍රශ්නයක් ඒ ඇයි කියලා. අගමැති තුමා දැන් ටිකක් කම්මැලියි. එක්කෝ වයසට ගිහිල්ලා ද නැත්නම් මේ ප්‍රශ්න ඔළුවට වැඩි දරාගන්න බැරුව එතුමා ඉන්නවද මම දන්නෑ. අද මේ රටේ තියෙන ජනතාවගේ ප්‍රසාදය විශ්වාසයක් තියෙන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා කෙරෙහි. අපටත් අදහා ගන්න බෑ එතුමාගෙ ලොකු මන්දෝත්සාහි ගතියක් තිබෙනවා දැන්. එතුමට කළකිරෙන්න දේකුත් නෑ. මේ ආණ්ඩුව හදන්නට, අද මේ කිට්ටු වෙලා ඉන්න මොකෙක්වත් ඇවිල්ලා නෑ. ඒක අපිට බය නැතුව කියන්න පුළුවන්. සමහර අය ලංකාවේ හිටියෙත් නෑ ඒ කාලේ අද කෑගහන.

අපි එදා ගෙනාපු ගැම්ම ටිකක් අද අඩුයි ජනතාවගේ අප්‍රසාදය ටිකෙන් ටික වැඩි වෙනවා. වටේ ඉන්නවා කේවට්ටයෝ ටිකක්. වටේ ඉන්න එක කේවට්ටයෙක් තමයි, කිසිම කෙනෙකුට වැඩක් කරන්න දුන්නේ නැති මහා කේවට්ටයා තමයි ආචාර්ය පී බී ජයසුන්දර. එතුමාගේ මතය එතුමා ගෙනියන්නෙ. අපි නිරන්තරයෙන් ම කියනවා ඔබ තුමාගේ මතය පැත්තකට දාලා මේ ජනතාව විඳින දුක නැති කරන්න උපදෙස් දෙන ජනාධිපතිතුමාට කියලා . ජනාධිපතිතුමාට මම කෙලින්ම කිව්වා පී බී ජයසුන්දර ගැන. ඇහුවත් නැතත් මම පෙන්නලා දීලා දීලා තියෙන්නේ මගේ වගකීමට. ඔය මහා කේවට්ටයා ඔය තනතුරෙන් පොඩ්ඩක් ඉවත් කර ගත්තොත් අපිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉලක්කයට යන්න පුළුවන්. එතන තමයි ජනාධිපතිතුමා හිර වෙලා ඉන්නේ.

විමල් වීරවංශ යම් හෙයකින් ආහෙයකින් ආණ්ඩුවෙන් ඉවත් කරන්න වගෙ දෙයක් වුණොත් මේ ආණ්ඩුව හදාගත්ත අයට මෙහෙම කලොත් ඒ විපත්තිය සම්පත්තියක් කරගන්න අපිට නැඟී සිටින්න වෙනවා.

මටත් පැහැදිලිව පේනවා මේක ගෝඨාභය මහත්මයාගේ ඉදිරි ගමනට කරන බාධකයක් පමණක් නෙවෙයි. ඔය නැගෙනහිර ජැටිය ප්‍රශ්නය ආපු වෙලාවේ ඒකට විරුද්ධ වෙන්න විමල් වීරවංශ මහතා තවත් පක්ෂ දහයක් විතර අඬ ගහගෙන මේකට නායකත්වය දුන්නා. මේ නායකත්වය දීම සමහරුන්ට ලොකුම පාඩුවක් වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දූෂණය වංචාව කොච්චර නැති කරන්න හිතුවත් ඉස්සර වාගේම තමයි තවමත් සිද්ධවෙන්නේ. ඇතැම් ඇමැතිවරු ඉන්නවා ඇතැම් නායකයෝ ඉන්නවා මේවා කරන. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පිරිසිදු වෙලා මදි. අනුගාමිකයො පිරිසිදු වෙන්නත් ඕන.

මහින්ද මහත්තයාගෙන් පස්සේ හොඳ නායකයෙක් අපට හොයන්න සිද්ධ වෙනවා. නායකයෝ කිව්වට හැමෝම නායකයෝ නෙවෙයිනේ. එතකොට අපට සිද්ධ වෙනවා කෙනෙක් හොයන්න. බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ඉතින් අනේ මන්දන්නෑ මහජන ප්‍රසාදයක් එච්චර තියෙනවද කියලා. මමත් අකමැති නෑ. නමුත් අපි කියන එක කියලයි මම හිතන්නේ. අප දැන් සාකච්ඡා වට කීපයකුත් ගෙනියනවා. මිනිසුන්ගේ ලොකු විශ්වාසයක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන. මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් පස්සේ මේ දේශපාලන නායකත්වය ඔහුට දෙන්න ඕන කියන එක තමයි අපිත් හිතන්නේ. වෙන කවුද ඉන්නේ?”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊශ්‍රයාලය කොවිඩ් සඳහා එන්නත වෙනුවට ඉන්හෙලරයක් සොයා ගනී…

Next Post

මෙරට ඉදිවූ දකුණු ආසියාවේ විශාලතම වෘක්කවේද රෝහලේ වැඩ අවසන්

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.