පසුගිය පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ලියූ දරුවන්ට වෙද ලබා දෙන විනාඩි 45 වෙනුවට පැයක කාලයක් ලබා දීමත් බහුවරණ ප්‍රහ්න පත්‍රයේ වරණ හතරක් වෙනුවට පිළිතුරු තුනක් පමණක් ලබා දීමත් සිදු කළේ ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුව බවත් පසුගිය ශිෂ්‍යත්ව විභාගයේදී කිසිදු ආකෘතිමය වෙනස් සිදු නොකළ බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී සිසුන් ලැබූ ලකුණු මට්ටම ඉහළ දැමුවේ තමන් හෝ විභාග බලධාරීන් නොවන මෙම විභාගයට ලියූ සිසුන්ම බවත් එම ඉහළ ලකුණු මට්ටම් මත ජනප්‍රිය පාසල් ලබා දීමේදී කිසිදු දරුවකුට අසාධාරණයක් සිදු නොවන බවත් පෙන්වා දුන් මහාචාර්ය ජී.එල් පීරිස් සාමාන්‍යයෙන් වෙනත් වසරවල ජනප්‍රිය යයි කියන පාසල්වලට ඇතුළු කර ගන්නා දරුවන් සංඛ්‍යාවත් මෙවර ශිෂ්‍යත්වයෙන් ඇතුළු කර ගැනෙන සංඛ්‍යාවත් අතර කිසිදු වෙනසක් සිදුනොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරක් ලබා දෙමිනි.
මෙවර ශිෂ්‍යත්ව විභාගයට ලියූ සිසුන් ඉහළ ලකුණු ලබා ගැනීමේ තත්තවය මත සාපේකෂව ඉහළ ලකුණු මට්ටම් ලැබුවද ඔවුන් අපේක්ෂා කරන පාසල්වලට යාමට නොහැකි වීම මත නිර්මාණය වූ ගැටලුකාරී ත්තත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් විපක්ෂ නායකවරයා ප්‍රශ්න ගණනාවක් අමාත්‍යවරයාගෙන් විමසූ අතර ඔහු එහිදී පෙනවා දුන්නේ මෙවර විභාගය පැවත්වූ ආකෘතියේ යම් වෙනසක් නිසා එම තත්ත්වය ඇති වූ බවය.
එසේම විවිධ බලපෑම් මත හය වන ශ්‍රේණියට පෙර පන්තිවලට අමතර සිසුන් ඇතුළු කිරීමක් සිදුව ඇති බව වාර්තා වන බවත් මෙම තත්ත්වය මත පාසල්වල මෙවර පුරප්පාඩු සීමා වී ඇතිද යන්න පිළිබඳවද අමාත්‍යවරයා අවධානය යොමු කළේය.
එසේ වුවද මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජනප්‍රිය යයි සම්මත උග්‍ර ඉල්ලුමක් ඇති පාසල් 39ක් පවතින බවත් එය එම සෑම පාසලකම සිසුන් වෙනත් පන්තිලට විපක්ෂ නායකවරයා පවසන ආකාරයට බඳවා ගැනීම් සිදුව නැති බවය.
එසේම මෙම පාසල්වල අතිරේක සිසුන් ඇතුළු කර ගැනීම සඳහා සමාන්තර පන්ති අලුතින් පිහිටුවීම අසීරු කරුණක් බවද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.







