2015 ජනවාරි මාසයේ 08 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුවාට පසුව නුගේගොඩින් ආරම්භ කෙරු “මහින්ද සුළඟ” දේශපාලන ගමනේ ආරම්භක පුරෝගාමින් කිහිප දෙනා අතුරින් තමාද එක් අයෙකුවීම වරදක් නම් තමන් ජාතියෙන් සමාව ඉල්ලීමට සුදානම් බව අමාත්‍ය විමල් වීරවංශ අද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය සඳහා ජනාධිපති ගෝඨාභ රාජපක්ෂ පත් කළ යුතු බවට සති අන්ත පුවත් පතක් සමග සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් විරවංශ ජාතියෙන් සමාව ගත යුතු බවට මාධ්‍ය හමුවක් කැඳවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මහ ලේකම් නීතිඥ පාර්ලිමේන්තු සාගර කාරියවසම් කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් මීගමුව ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේය.
” 2015 ජනවාරි මාසයේ 08 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුවාට පසුව මහින්ද රාජපක්ෂ මහතාව ජයග්‍රාහී ගමනක් ආරම්භ කිරීම වෙනුවෙන් නුගේගොඩින් ඇරඹුණු “මහින්ද සුළඟේ” පුරෝගාමීන් වූ කිහිප දෙනා අතුරින් මා එක් අයෙකුවීම වරදක් නම් මා ඒ පිළිබඳව ජාතියෙන් සමාව ඉල්ලීමට සුදානම්.“
“ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා බවට පත්කළ යුතු බව කියමින් එය යථාර්තයක් බවට පත් කර ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් කැපවීම වරදක් නම් මා ජාතියෙන් සමාව ඉල්ලන්නම්.
සන්ධානය තුළ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ ඉහළ තනතුරක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සිටිය යුතුයි කියන අදහසයි මා ඉදිරිපත් කළේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඒ නායකත්ව තනතුරේ නොසිටිය යුතුයි කියලා. එතුමා එම තනතුරේ සිටින ගමන් පක්ෂයේ ඉහළ තනතුරක් ජනාධිපතිතුමාට ලබා දෙන්න කියලා තමයි මා ඉල්ලුවෙ. ඉන් පක්ෂයට මෙන්ම ආණ්ඩුවේ ඉදිරි ගමනට සුභවාදී තත්ත්වයක් ඇති වනබවට මම විශ්වාස කරනවා.
මගේ පක්ෂයේ ඉන්නවාලු විදෙස් බුද්ධි අංශ වලින් වැටුප් ගන්නා වෛද්‍යවරුන් දෙදෙනෙක්. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පොලිස්පතිතුමාට නියෝගයක් නිකුත් කරන්න කියලා ඒ සම්බන්ධයෙන් චෝදනා කළ අයගෙන්ම ප්‍රකාශයක් අරගෙන සිදුවිම ගැන විමර්ශනයක් ආරම්භ කරන්න කියලා. ” අමාත්‍ය විමල් විරවංශ කීවේය.
.







